ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජරට කාබනික පොහොර නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක්විය.
එහිදී අදාළ කටයුතුවල සාර්ථකත්වයද ජනපතිවරයා සොයාබැලීමට කටයුතු කර තිබුණි.
ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතාගේ උපදෙස් පරිදි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 33ක කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබයි.
එලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වූයේ විලච්චිය ඔයාමඩුව කාබනික පොහොර නිෂ්පාදනාගාරයයි.










