දෙකෝටි පහළොස් ලක්ෂයකට ආසන්න ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ මේ වනවිට ලියාපදිංචි වාහන සංඛ්‍යාව අසූලක්ෂ හතළිස්හතර දහස් තුන්සිය අසූනවයක් බව මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ් අතර ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ හැත්තෑතුන් දහස් නවයක් වන අතර යතුරුපැදි සංඛ්‍යාව හතළිස්හය ලක්ෂ විසිනව දහස් හත්සිය හතරකි.
කෙසේවෙතත් වාර්ෂිකව මින් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් වන බවද මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.











