ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා වන ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත.
අපේක්ෂකයන් දෙදෙනාම රසායනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමත්, පොහොර නොමිලේ සියලුම ගොවීන්ට ලබාදීමට පොරොන්දු දීමත් ජනාධිපතිවරයාගේ මෙම කනස්සල්ලට හේතු වී ඇත.
සිය නිල ට්ටිටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ජනාධිපතිවරයා ඍජුවම මෙම විරෝධය පළ කිරීමට පියවර ගෙන ඇත.










