• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට්-ෆෑන් නිව්වේ නෑ! පෑන කැඩුවේ නෑ! පුටුවෙන් නැගිට්ටේ නෑ! එල්ලන්න තීන්දු කළ වැරදිකරුවන්ට සමාව දීමට විරෝධය පාමින් තංගල්ලේ විනිසුරු සාමාන්‍ය විදිහටම මරණ දඬුවම නියම කරයි!

November 17, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ලලිත්-කූගන් නඩුවට ජනපතිට යාපන උසාවියෙන් නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණයෙන් බලරහිත කරයි
Share on WhatsAppShare on Facebook

නඩු විභාගයකින් අනතුරුව චුදිතයකුට මහාධිකරණයකදී මරණීය දඩුවම නියම කිරීමේදී සාම්ප‍්‍රදායිකව අනුගමනය කරන විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම, විදුලි පංකා නිවා දැමීම, විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා එම තීන්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමීම වැනි ක‍්‍රියාවන් කිසිවක් තමා අද දිනයේ විවෘත අධිකරණයේදි සිදු නොකරන බවත්, මෙම දඬුවම ද සාමාන්‍ය නඩු තීන්දුවක ස්වරූපයෙන්ම ලබා දීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වාගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා පුද්ගලයකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදී පැවසීය.

තංගල්ල පූර්වාගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා මේ බව පැවසුවේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ පුද්ගලයකුට තංගල්ල මහාධිකරණයේදි මරණීය දණ්ඩනය ලබාදීමට පෙරාතුව විවෘත අධිකරණය අමතමිණි.

විවෘත අධිකරණයේදී සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘මහාධිකරණයකදී චූදිතයකුට එරෙහිව මරණීය දණ්ඩනයක් නියම කිරීමේදී විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම, විදුලි පංකා නිවා දැමීම, විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා තීන්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමීම සිදු කරන නමුත් අද දිනයේ මම එම සාම්ප‍්‍රදායික ක‍්‍රියා කිසිවක් විවෘත අධිකරණයේදී සිදු නොකරමි.

එයට හේතුව වන්නේ ගරු ශ්‍රේෂ්ඨ මහාධිකරණ විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය මහතා ඝාතනය කර මිනීමැරීමේ චෝදනාවට වරදකරු වූ චූදිතයන්ට ද මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුව ස්ථිර කිරීමෙන් පසුව අද වන තෙක් මෙරටෙහි මරණීය දණ්ඩනය ඔවුන්ට එරෙහිව ක‍්‍රියාත්මක නොවීම මෙන්ම තවත් මරණීය දණ්ඩනය නියම කරන ලද අවස්ථාවලදී ඒ ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා එකී මරණීය දණ්ඩනය ස්ථිර කර තිබියදීත් ඇතැම් එවැනි චුදිතයන් පවතිනා නීති රාමුව තුළ සමාවන් මත නිදහස් වී යෑම ආදී ක‍්‍රියාකලාපයන් තුළ මරණීය දණ්ඩනයක් මේ ආකාරයෙන් සාමාන්‍ය පුද්ගලයකු සම්බන්ධයෙන් නියම කිරීමේදී සාම්ප‍්‍රදායිකව එසේ කරනු ලබන පෙරකී ක‍්‍රියාවන්හි අදාළතාවයක්, ප‍්‍රායෝගිකතාවක් නොමැතිය.

ඒ අනුව මා විනිශ්චය ආසනයේ නියමිත සෙසු නඩුවල තීන්දු ප‍්‍රකාශ කරන ආකාරයෙන් ඉඳ මරණීය දණ්ඩනයේ නියමය චුදිතට කියවා දී මරණ දණ්ඩනය නියම කරමි.’’

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ වලස්මුල්ල පදිංචි රාජපක්ෂලාගේ ලාල් රංජන් නමැති විවාහකයකුටය. චූදිත 2006.10.16 දින හෝ ඊට ආසන්න දිනකදී වලස්මුල්ල හොරේවලදී සුබසිංහ කට්ටාඩිගේ සයින්දරා නමැත්තියගේ මරණය සිදුකිරීමේ චෝදනාවට වැරදිකරු බවට පත්වීමෙන් පසු මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණි.

රාජපක්ෂලාගේ ලාල් රංජන් වන යුෂ්මතා සුබසිංහ කට්ටාඩිගේ සයින්දරා යන අයගේ මරණය සිදු කිරීමේ අපරාධය සිදුකොට ඇති බව මෙම නඩුවේ ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින් එකී සාපරාධී ක‍්‍රියාව සඳහා නීතිය අනුව පමුණුවන ලබන දඩුවමේ වග නම් යුෂ්මතා වැලිකඩ බන්ධනාගාරයට ගෙනියනු ලබන බවත්, ඉන් අනතුරුව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් නියම කරනු ලබන දිනයකදී, වේලාවකදී හා ස්ථානයකදී මිය යන තුරු බෙල්ලෙන් එල්ලා ජීවිතක්ෂයට පත් කළ යුතු බවට නියම කෙරුණු අතර බන්ධනාගාර ජේලර්වරයකු කැදවා චූදිත බාරදෙන තෙක් චූදිත සුරක්ෂිතව අධිකරණ සිර මැදිරියේ තබා ගත යුතු බවත් මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ගයාන් එල්. පෙරේරා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

SendShareShare
Previous Post

ගැසට් ගහලා බඩගින්න නවත්වන්න බෑ! බණ්ඩාරවෙල ගොවියො ජවිපෙ එක්ක පාරට බහී! පොලිසිය නිකම්ම ඉඳී! (VIDEO)

Next Post

සජබෙ රැලියට ආ තරුණයෙක් පොලිසියෙන් ගහලා මරලා! ගමම කුපිත වෙලා! ගම්මු පොලිසිය දැන් වටලලා! හේෂා පාර්ලිමේන්තුවේදී මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.