• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මරු කතා කියන හරි ටාසන්

November 9, 2019
in Heart
Reading Time: 1 min read
A A
මරු කතා කියන හරි ටාසන්
Share on WhatsAppShare on Facebook

මේ ඔබට අප කියන්නට යන්නේ එදා මහකැලේ ගස්වැල්වල එල්ලීගෙන වැඩ පෙන්වපු ටාසන් ගැන නම් නෙවෙයි. නමුත් ශ්‍රී ලංකාවේ රූපවාහිනිය සහ ගුවන්විදුලි වැඩසටහන් අතර ඉහළ නමක් දැරුව ටාසන් බාප්පා ගැන ඔබ අහලා තිබුණත් රුව දැකලා නැතිව ඇති. මොකද මේ ටාසන් හැංගි හැංගී තමයි වෙස් බඳින්නේ. ඉතින් ඒ ටාසන් බාප්පා චතුර විජේරත්න කියන නමින් ලංකාවේ පෙරළියක් ඇති කිරීමට සැරසෙන බවකුත් ආරංචි වුණා. හැබැයි ටාසන් බාප්පාට අපේ “හාට්” එකෙන් නම් ගැලවෙන්න බැරි වුණා.
ඉතින් කොහොමද ටාසන් බාප්පේ?
ටාසන් බාප්පා වෙනදාටත් වඩා සතුටින් ඉන්නවා. කෙටියෙන් කිව්වොත් ටාසන් බාප්පා නිසා චතුර විජේරත්න එයට ප්‍රතිචාර විඳිමින් ඉන්නවා.
චතුර විජේරත්න කිව්වාට ගොඩදෙනෙක් දන්නේ නැහැ නේද?
ඔව්. ඉතින් චතුර විජේරත්න විදියට නෙවෙයිනෙ මම එළියට ආවේ. මාව දැන හඳුනගත්තේ ටාසන් බාප්පා විදියට. ඉතින් මම උත්සාහ කරන්නේ චතුර විජේරත්න විදියට එළියට ඇවිත් යමක් කරන්නයි.
ටාසන් බාප්පා අත්තෙන් අත්තට පනින්න ගත්තේ කොයි කාලේද?
2006 වසරේ තමයි ටාසන් බාප්පා බිහිවුණේ. 2007 වසරේ ටාසන් බාප්පා ලෝකෙම ජනප්‍රිය වුණා. ඒ තරමටම ටාසන් බාප්පට ආදරය කළා.
හැබැයි ඔය කාල අතරතුර ටාසන් බාප්පලා බිහිවෙන ප්‍රමාණය වැඩිවීමත් එක්ක ලොකු තරගකාරිත්වයක් තිබුණා නේද?
මට එහෙම කිසිම තරගයක් තිබුණේ නැහැ. ඩුප්ලිකේට් ටාසන් බාප්පලා බිහිවුණු එකෙන් වුණේ ඔරිජිනල් ටාසන් බාප්පාට තිබුණු ඉල්ලුම තවත් වැඩි වුණා. එක අත්තකට පනින කොට තවත් වැලක් මට ශක්තියක් වුණා. රජ කරන ටාසන් බාප්පලාට රජ කරන්න දීලා මම එතැනින් ඉවත් වෙලා එළියට ආව.
එළියට පැනපු ටාසන්ගේ ගමන නතර වුණේ නැහැ නේද?
මම එළියට ආවා කියලා මගේ දොර වැහුණේ නැහැ. මම වෙනුවෙන් මාධ්‍ය ආයතනවල දොරවල් ගොඩාක් ඇරුණා. ඒ තරමට ටාසන් බාප්පාට තිබ්බ ඉල්ලුම වැඩියි. දැන් ඉතින් ටාසන් බාප්පා අයි.ටී.එන්. එෆ්.එම්. එකේ තමයි වැඩකටයුතු කරගෙන යන්නෙ. මාධ්‍ය ආයතන කිහිපයක අත්දැකීම් ගොඩාක් මට ලබා ගන්න ලැබීමත් සතුටට කරුණක් තමයි ඉතින්.
ටාසන් බාප්පා තැනින් තැනට මාරුවෙන කොට තිබුණු ඉල්ලුම අඩුවුණාද?
ප්‍රේක්‍ෂකයන් ආදරය කළේ ටාසන් බාප්පාගේ චරිතයට විතරයි. නැතිව ඔවුන්ට අදාළ වුණේ නැහැ මම වැඩ කරන ආයතනය. මම ටාසන් චරිතය ශක්තිමත් චරිතයක් බවට බිහිකරලා ඉවරයි. ටාසන් කොතැනද අන්න එතැන මගේ ආදර ප්‍රේක්‍ෂකයන් මම එක්ක ඉන්නවා.
මෙවැනි ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් හැමෝටම කරන්න බැහැ. කොහොමද ඔබ මේ චරිතය බිහිකළේ?
ටාසන් චරිතය හඬ තිබ්බ පළියකට ඇද කරගෙන කියෙව්වට බිහි කරන්න බැහැ. එහෙම කියපු ටාසන්ලා අද කෝ. මගේ හඬ රටාව අනුකරණයට ගිය ගොඩදෙනෙක්ට වැරදුණා. මෙයින් මගේ ජීවිතයට ගත්තු දේවල් ගොඩාක් තියෙනවා. මට හොඳට ගායනා කරන්න පුළුවන්. මම රටේ පහළ පන්තියේ ඉඳල ඉහළ පන්තියේ මිනිසුන්ව ආශ්‍රය කළා. මම මේ හඬ අවදිකළේ චිත්‍රයක් මවා ගන්න පුළුවන් විදියට. පූජ්‍ය පක්‍ෂය පවා මගේ හඬට ආදරය කළා. මම ගොඩනඟාගත්ත දේවල්වල ප්‍රතිඵල තමයි මේ.
ඔබ නිකුත් කළ සංයුක්ත තැටිවලින් ඔබටම ලොකු අසාධාරණයක් වුණා නේද?
මම ටාසන් බාප්පාව සංයුක්ත තැටියකට නඟන්න රන්සිළු ආයතනයේ රංජිත් ප්‍රේමලාල් මහතා මූලික වෙලා කටයුතු කළා. එහෙත් අවසානයේ වුණේ පාඩු විඳින්න තමයි. මොකද විවිධ සී.ඩී. ආයතනය මගේ සී.ඩී. කොපි ගහලා විකුණන්න පටන් ගත්ත නිසා. ඒකෙන් වුණේ විශාල පාඩුවක් ලබන්න විතරයි.
ටාසන් බාප්පා චරිතයෙන් ඇයි ඔබ එළියට ඒමට තවත් ප්‍රමාද?
මම එහෙම ආවොත් චරිතයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා මම කැමැති මගේ ප්‍රතිරූපය ජනතාව අතරට යන්න යමක් කරන්න තමයි. මම අයි.ටී.එන්. නාළිකාවෙන් ටාසන් බාප්පා නිර්මාණ කරනවා. හැබැයි ඒත් මාව අඳුරගන්න බැහැ කාටවත්. මගේ පෙනුම පවා වෙනස් කරලා තියෙන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලංකා පොළොවේ වැඩි වාසි කාටද

Next Post

බිංගෙවල් දෙකක් මැද තනිවුණ මීනගල්ල

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.