පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර සිදුවු අබිරහස් සිදුවීම් සම්බන්ධයෙන් යළිත් වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කිරීමට පියවර ගත්තේය.
එහිදී පාස්කු ප්‍රහාරයට පෙර ගැලනිගමදී අත්අඩංගුවට ගත් ලොරි දෙකක් නිදහස් කිරීමට උපදෙස් දුන් පොලිස් නිලධාරියා කවුරුන්ද යන්නත් , පාස්කු ප්‍රහාරය වූ දින නිවාඩු ගිය පොලිස් නිලධාරියා කවුරුන්ද යන්නත් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ ගණනක් වැටුප් ගත් පොලිස් නිලධාරියා කවුරුන්ද යන්නත් හෙළිදරව් කරන ලෙස සරත් වීරසේකර මහතාගෙන් ඉල්ලීමක් කළේය.
එමෙන්ම සහරාන්ගේ බිරිය වන සාදියා කළ ප්‍රකාශය පිළිබදවද මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.










