රැස්වීම පැවැත්වීම සීමා කරමින් නව ගැසට්ටුවක් අද සවස නිකුත් වීමත් සමග සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට තීරණය තොට ඇත.
මෙම කණ්ඩායම් රැස්වීම හෙට දින අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වීමට තීරණය වී ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග ප්‍රේමදාස මහතාට කතා කොට ඇති බොහෝ මන්ත්‍රීවරු පෙන්වා දී ඇත්තේ කලින් තීන්දු කරගත් පරිදි ආණ්ඩුවට එරෙහි විරෝධතාවය 16 වන දින නියත වශයෙන්ම පැවැත්විය යුතු බවකි.
ආණ්ඩුව මෙම ගැසට්ටුව නිකුත් කළේම විරෝධතාව අඩපණ කිරීමට බව මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සදහා හෙට දින මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.










