පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
පසුගිය දිනෙක මාධ්‍ය හමුවකදී ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට චම්පික රණවක මහතා එල්ල කළ චෝදනා මේ සදහා හේතු වී තිබේ.
අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කිසිදු වංචාවක් සිදුව නැති බවත්, රණවක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්ය.









