ඉන්දියාවේ IFFCO ආයතනයෙන් යූරියා නයිට්‍රජන් ගෙන ආ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවද මෙම පොහොර පැහැදිලිවම රසායනික පොහොරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කීය.
අදාළ සමාගමේ වෙබ් අඩවියේ පැහැදිලිව සදහන් වන්නේ මෙය නැනෝ යූරියා පොහොරක් බවත්, එහි 46%ක් නයිට්‍රජන් අඩංගු බවත්ය.
මෙම වෙබ් අඩවියේ එහි ලීටරයක මිල ඩොලර් 6ක් බව සදහන් වුවද ලංකාවට ගෙන එන විට මෙය ඩොලර් 25ක් වී ඇති බවත් ඒ මහතා කීය.









