කිරි දෙනුන් 2500ක් ආනයනය කිරීම කඩිනමින් සිදුකරන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩීබී හේරත් මහතා සඳහන් කරයි.
සමාගම හතරක් සඳහා එම සතුන් ගෙන්වීමට අවසර ලබාදී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට බවද ඔහු පැවසීය.
ඒ සඳහා මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල ඉඩම් හතරක් තෝරාගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.
මෙහිදී රජයේ සිදුකරන්නේ පහසුකම් සැපයීම පමණක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.










