• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස’ වෙනස! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

November 14, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ස’ වෙනස! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ගෝඨා පසුගිය සතියේ කතා දෙකක් කළේය. ඒ කතා දෙකෙන් පළමුවෙන්ම කළ කතාව ගැන මේ වෙනකොට ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍යවල දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත. සාමාන්‍යයෙන් වෙනදා නම් ගෝඨාගේ කතාවලට සමාජ මාධ්‍ය ජාලවලින් හෝ විපක්ෂයෙන් හෝ විරෝධයක් එල්ල වෙද්දී ඒවාට පිළිතුරු දීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඉදිරිපත් වුවත් මෙවර එසේ ආණ්ඩුවේ අය ඉදිරිපත් වන ආකාරයක් දැකගන්නට නොතිබීම කනගාටුදායකය. ආණ්ඩුවේ හෝ පොහොට්ටුවේ කිසිදු ඇමැතිවරයකු ගෝඨාගේ මේ කතාවේ යථාර්ථය තවමත් රටේ ජනතාවට තේරුම් කර දී නැත. නමුත් ගෝඨා මේ කතාවෙන් රටට පෙන්වා දීමට උත්සාහ කළේ මෙරට ජනාධිපතිකම් කළ අනෙකුත් ජනාධිපතිවරුන්ට වඩා තමන් වෙනස් ජනාධිපතිවරයකු වන්නේ කෙසේද කියන කාරණයය. තමා හා අනෙක් ජනාධිපතිවරුන් අතර ඇති වෙනස කුමක්ද කියන කාරණාවය.

‘මටත් රජ ගෙදරක් තියෙනවා. හැබැයි මම ඒ රජ ගෙදරට යන්නෙ නෑ. ඒක වියදම් වැඩියි. මම තවමත් ඉන්නේ මගේ පෞද්ගලික නිවෙසේයි.’

මේ, ගෝඨා සිය කතාවෙන් මතු කළ පළමු කාරණාවය.

ගෝඨා මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාලද මේ කතාව මේ විදියටම කීවේය. ඒ කාලේ මෛත්‍රිපාලව ජනමාධ්‍ය විසින් හඳුන්වා දුන්නේ සරල ජනාධිපති කියලාය. මෛත්‍රි ජනාධිපති වෙලා සිදුකළ පළමු ජාතිය ඇමතීමේ කතාවේදීම තමන් රජ ගෙදරට නොයන බවත්, එහි ඇති පහසුකම් භුක්තිවිඳින්නේ නැති බවත් රටට කියා සිටියේය. කිව්වා වගේම මෛත්‍රිපාල රජ ගෙදර පදිංචියට ගියේ නැත.

හැබැයි මෛත්‍රිගෙයි, ගෝඨාගෙයි වෙනස වන්නේ මෛත්‍රිපාල රජ ගෙදරට නොගියත් ජනාධිපති පුටුවෙන් බැස යද්දී කොළඹ මැද තිබූ සුවිසල් නිවාස තුනක් එක්කොට අතිසුඛෝපභෝගී මන්දිරයක් සිය විශ්‍රාම ජීවිතය ගතකිරීම සඳහා නිර්මාණය කරගැනීමය. ඒ මන්දිරය තනාගැනීම සහ එහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළ බව එකල මාධ්‍යවල පළව තිබිණි. ඇතැමුන් කීවේ රජ ගෙදර හැදීමටත් වඩා වියදමක් මෛත්‍රිපාල මේ ගෙවල් තුන එක් කොට හැදූ නිවෙසට වියදම් කළා යැයි කියාය. රජ ගෙදර නඩත්තු කරන්න යන වියදමටත් වඩා වැඩි වියදමක් මේ අලුත් ගෙවල් තුන එක් කොට හදාගත් මන්දිරය නඩත්තු කරන්න වැය වෙනවා යැයි කියාය.
අන්තිමේදී මෛත්‍රිපාල ජනපති පුටුවෙන් බහින්න ඔන්න මෙන්න කියා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී කැබිනට් පත්‍රිකාවක් මගින්ම ඒ මන්දිරය තමන්ගේ ප්‍රාණ භුක්තියට සරිකර ගැනීමට කටයුතු කළේය.

නමුත් ගෝඨා ඒ වගේ තමන් වෙනුවෙන් අලුත් මාලිගා හදන්න ගියේ නැත. ජනාධිපති වුණාට පසුවත් ගෝඨා ඉන්නේ එදා ආරක්ෂක ලේකම් ධුරය දරමින් ජීවත් වූ නුගේගොඩ මිරිහානේ නිවෙසේය. ඒ ගේ හදන්න ගෝඨා ආණ්ඩුවේ සත පහක්වත් සල්ලි ගත්තේ නැත. රජ ගෙදර ජීවත් නොවන බවට ගෝඨාභයගේ කතාවේත්, මෛත්‍රිපාලගේ කතාවේත් වෙනස ඒකය.

සිය කතාවේදී ගෝඨා දෙවැනි වෙනස ලෙස රටට කියා සිටියේ විදෙස් සංචාරවලට යද්දී රැගෙන ගිය පිරිස සීමා කළ බවය. ගෝඨා වගේම මෛත්‍රිපාලත් පටන්ගනිද්දී කියා සිටියේ විදෙස් සංචාරවලට අනවශ්‍ය පරිදි පිරිස් රැගෙන යන්නේ නැතැයි කියාය. හැබැයි අන්තිමේදී මෛත්‍රිපාල මහින්දටත් එහා ගිහින් විදෙස් සංචාරවලට සිය හිතවතුන් සහ මාධ්‍යවේදීන් රැගෙන ගියේය. වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති රැස්වීමට මෛත්‍රි සිය පුත්‍රයා වූ දහම් සිරිසේනවත් රැගෙන ගියේය. ඒ වගේම සංචාර කිහිපයකටම සිය බිරියවත් රැගෙන ගියේය. ඒවාට වියදම් කළේ ආණ්ඩුවේ සල්ලිය.

හැබැයි ගෝඨා ඒ විදියට කළේ නැත. පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීමට ගෝඨා ඇමෙරිකාවට ගියද අඩුම තරමින් ඇමෙරිකාවේ සිටි සිය පුතා හෝ එම රැස්වීමට එකතු කරගැනීමට ගෝඨා කටයුතු නොකළේය. ලොස් ඇන්ජලීස්වල ජීවත් වන සිය පුත්‍රයා සහ මිණිබිරිය බැලීමට ගෝඨා ගියේ සමුළුවේ රාජකාරි ඉවර කරලාය. එපමණක් නොව සිය බිරියට ඇමෙරිකාවට යෑමට ගුවන් ප්‍රවේශ පත්‍රය ගෝඨා ලබාගත්තේද අතින් සල්ලි ගෙවලාය. ඒ හරහා ගෝඨා සිය පවුලේ සාමාජිකයන්ගේ විදෙස් සංචාරවලට ආණ්ඩුවේ මුදල් භාවිත නොකරමින් රටටම ආදර්ශයක් දීමටද පියවර ගත්තේය.

අනෙක් අතට ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිදු රැකියාවක ගෝඨාගේ ඥාතියකු හෝ ගෝඨාගේ බිරියගේ පාර්ශ්වයේ කිසිවකු හෝ නොසිටීමද තවත් විශේෂත්වයකි.

හැබැයි ජනාධිපතිවරණයේදී හෝ ජනාධිපති වූවාට පසුව හෝ ගෝඨා කොයිම අවස්ථාවක මේවා සිදුකරන බව රටට කියා සිටියේ නැත. තමන් ඒවා සිදුකරන බව කියමින් ගෝඨා ඡන්දය ඉල්ලා සිටියේද නැත. ඒ නිසා ඕනෑ නම් ගෝඨාට ඒවා නොකර සිටීමටද පුළුවන්කම තිබිණි. නමුත් ජනාධිපති වූවාට පසු ගෝඨා ඒ වියදම් සීමා කරමින් රටට ආදර්ශයක් දුන්නේය. හැබැයි කරුමෙ කියන්නේ ආණ්ඩුවේ ඉන්න කිසිදු ඇමැතිවරයකු හෝ පොහොට්ටුවේ සාමාජිකයන් හෝ මේ ගැන රටට කරුණු නොකීමය. ඒ නිසා අන්තිමේදී ඒ ටිකත් රටට කියන්න සිද්ධ වූයේ ගෝඨාටමය.

ඇමැතිවරු මේ ටික නොකියන්නටද හේතුවක් තිබේ. ඒ, ඔවුන්ට කටක් ඇර මේවා රටට කියන්නට නොහැකි වීමය. මන්ද යත් මේ ඇමැතිවරු හැම දෙනාම බුරුතු පිටින් ඥාතීන් රට අරන් යන සංස්කෘතියට කැමැතිය. ජනතාවගේ සල්ලිවලින් පවුලේ සියලු දෙනාම රට අරන් ගිහින් ජනතා මුදල් වියදම් කරන්න කැමැතිය. ගෝඨා ඒ වෙනස කරද්දීත් මේ ඇමැතිවරුන්ගේ කටින් ඒ ගැන වචනයක්වත් එළියට නොඑන්නේ ඒ නිසාය.

ඉතින් ලොකුම ඛේදවාචකය ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්ෂයට මේ ටික තේරුම් කර දෙන්න හරිහමන් කණ්ඩායමක් ගෝඨාට නොමැති වීමය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මෙන්න මහා අපරාධයක්! පැරදුණු හිටපු මන්ත්‍රීවරුන්ට දිගටම ප්‍රභූ ආරක්ෂාව! රනිල් රකින්නත් 200ක් දීලාලු!

Next Post

දෙසැම්බරයේ මහා විනාශයක්! කොරෝනා අනාවැකිය මුලින්ම ලෝකයට කී අභිග්‍යා දරුවාගෙන් තවත් ආන්දෝලනාත්මක අනාවැකියක්!

MORE NEWS

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ශ්‍රී ලාංකීය සමාජ දේහය සහමුලින්ම කලඹමින්, ආගමික සහ සංස්කෘතික පදනම් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.