• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීන පොහොර නැව ලංකාවම ගිල ගනීද? එහෙමත් නැත්නම් චීනාවම ගිලගනීද?

November 3, 2021
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ලංකා මුහුදට ඇතුල් වූ චීන පොහොර නැව අතුරුදන්!
Share on WhatsAppShare on Facebook

පොහොර නැවේ කතා වස්තුව තව දුරටත් අලුත් වෙමින් තියෙන්නෙ. එය රටට හිතකර ලෙස කොහොම විසඳේ දැයි හිතාගන්නට නොහැකියි. 27 වැනිදා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඇමැතිතුමන් මේ ගැන කියා තිබුණේ මෙහෙම.

‘නැව චීනෙන් පිටත් වෙන්න කලින් බලපත්‍රයක් ලබාගත යුතුයි. මේ වාණිජ බලපත්‍රයක් නැතිව තමයි නැව පිටත් වෙන්නේ. ලංකා පොහොර සමාගම ඔවුන්ට ඊමේල් පණිවුඩයක් යවලා තියෙනවා ඔබ මේ බලපත්‍රය නැතිව ඇවිත් තියෙන්නේ කියලා. ක්ෂුද්‍ර ජීවී පරීක්ෂාවෙදි, අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා. ඒ නිසා මේ පොහොර ගන්න බෑ කියලා අපි ඔවුන්ට දන්වලා යවලා තියෙනවා. චීනයෙන් මෙහෙ එන ෂිප්මන්ට් එක විතරයි අපි රිජෙක්ට් කරලා තියෙන්නේ. අපි මේ ඇවිත් තියෙන නැව ඇතුළට ගන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකට පේමන්ට් එක කරන්නෙත් නෑ.

අපේ ගිවිසුමට අනුව ටෙන්ඩර් එකට අනුව මේ අය නැවත ආපහු ගිහින් අපේ ස්පෙසිෆිකේෂන් එකට අනුව හරි පොහොර ටික හදලා ආවොත් අපි පොහොර ටික ගන්නවා. අපි මුදල් ගෙවනවා. කතාව එතැනින් ඉවරයි….’

ඇමැතිවරයා මේ කතාව හිනාවෙමින් කිව්වේ මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නවලට උත්තර විදියට.

‘තුන්වැනි පාර්ශ්වයකට ටෙස්ට් කරන්න දෙන්න අලුත් ෂිප්මන්ට් එකක්. පටලගන්න එපා. දැන් මේ සමාගම ක්‍රෙඩිබිලිටිය වැටෙන්න දෙන්නෙ නැතුව තියාගන්න පොඩි සටනක් කරනවා. ඒ අයට අනුකම්පා කළා. අපි ආණ්ඩුව හැටියට මෙතැන ඉන්නවා….’

ඇමැතිවරයා ආයෙත් කිව්වා. ඇමැතිතුමා චීන තානාපති හම්බවෙලා කිව්වේ, ‘මේ ෂිප්මන්ට් එක නැවත චීනයට ගෙනියන්න. ගෙනිහින් අපි කියන ස්ටෑන්ඩඩ් එකට හදන්න. හදලා ඒ පොහොර ටික ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එකකට දාලා චෙක් කරන්න. එතකොට අපටත් අපේ ලැබ්වලත් ටෙස්ට් කරලා තීන්දුවක් ගන්න පුළුවන්’.
ඔහු එහෙමත් කියනවා.

මේ පොහොර සම්බන්ධව ඉන්න අනෙක් රාජ්‍ය ඇමැතිවරයා තමයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා. එතුමා මේ ගැන තවත් තැනකදි මෙහෙම කියනවා.

‘ඔවුන් කිව්වේ අපේ රටේ තියෙන විiාගාරවල කරන පරීක්ෂණ එයාලට පිළිගන්න බෑ. ඒවා පිළිගත් රසායනාගාර නෙවෙයි. අපි දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයක මේ පරීක්ෂණය කරන්න කියලා ඔවුන් ඉල්ලා හිටියා. මේ ආයතන ඕස්ටේ්‍රලියාව, ඇමෙරිකාව, කැනඩාව වගේ ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. මේ පොහොරවල ප්‍රමිතිය පිළිබඳ අපට අවබෝධයක් ගන්න කියලා ඔවුන් කිව්වා. අපි කිව්වා අපි දෙගොල්ලොම කැමැති වෙන තුන්වැනි පාර්ශ්වයකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා. ඊට පස්සේ අපි තීරණයක් ගනිමු කියලා…’

මේ තීරණාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වෙන්නේ පොහොර නැව සම්බන්ධව ඔය කතාව කියමින්. පොහොර නැව ආවෙ කොහොමද, කාගේ අවසර පිටද, මොන පදනමක් යටතෙද, මේ ඉල්ලීම සිද්ධ කළේ මොන සාධාරණ තත්ත්වයක් යටතෙද කියලත් මේ වෙනකොට විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා. මේක රුපියලක දෙකක ගනුදෙනුවක් නෙවෙයි. කෝටි ගණනක ගනුදෙනුවක්. මේ ගනුදෙනුවක තියෙන මුල්‍යමය වටිනාකමට වඩා මේ ගනුදෙනුවේ තව විශාල ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ තමයි අපේ රටේ ප්‍රධාන ආහාර භෝග නිෂ්පාදනය කරන්න දාන පොහොර ටික. ඒ වගේම මේ තමයි අපේ මහ පොළොවට වැටෙන පොහොර. මහ පොළොව විනාශ වෙලා ගියොත් ඒ පොළොව නැවත ගොඩගන්න බැරි වෙනවා. අදත් අපට වෙලා තියෙන්නේ ඒක. අපි කාලයක් තිස්සේ රසායනික පොහොර දාලා දාලා ඒ පොළොව දැන් කාබනික පොහොර කියන දේ අහන්නෙ නැති තැනට පත්වෙලා. මේ අකීකරු මහ පොළොවට කොහෙන් හරි ගේන ප්‍රමිතියක් නැති පොහොර වර්ගයක් දාලා ඒකෙන් හදාගන්න භව භෝග ටික අපේ දරුවන්ට කන්න දුන්නාම අපට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ. ඒ වගේ මේ මහ පොළොවට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වුණොත් පොළොව විනාශ වෙලා යනවා.

මේ ඇමැතිවරු දෙන්නා දෙපැත්තේ ඉඳගෙන පොහොර නැව සම්බන්ධව කියන්නේ ඇත්තද? එහෙම නැත්නම් මේක වෙනමම නාට්‍යයක්ද? පොහොර නැව ඉතා ප්‍රමිතිගතව ලංකාවට ඇවිල්ලා, මේගොල්ලො වෙන කොන්ත්‍රාත් එකක් කරනවද? ලංකාවෙ නිෂ්පාදනය කරන්න යන කාබනික පොහොර සමාගම්වලට තමන්ගෙ ඒකාධිකාරය රැකගන්න අවශ්‍ය පරිසරය හදනවද කියලත් අපට වෙලාවකට හිතෙනවා. ඒ ගැන තතු දන්න සමහර අය ප්‍රශ්න කරනවා. කොහොම නමුත් අද වෙනකොට සම්බා හාල් කිලෝවක තොග මිල රුපියල් 144 දක්වා ඉහළ ගිහිල්ලා. ඒක ඔබේ අතට එනකොට, ඔබේ බත්පතට එනකොට කිලෝ එක රුපියල් 144 නෙවෙයි, නිෂ්චිතවම රුපියල් 150ටත් වඩා වැඩිවෙන තැනකට පත්වෙයි. අද නැතත් සමහර විට තව සතියකින් දෙකකින් මේක තවත් ඉහළ ගිහිල්ලා හිතාගන්න බැරි තැනකට යයි. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලංකාවෙ ව්‍යවසායකයො විශාල ප්‍රමාණයක් මේ වෙනකොට අතගහලා තියෙන්නේ. හැබැයි ඒ අස්සෙ තමයි තීරණය වෙන්නේ චීන නැව ආවේ මොන අදෘශ්‍යමාන බලවේගයක් යටතෙද කියලා අපට තවම හිතාගන්න බෑ. ඒ නැව ආපහු හරවලා යවන්න තරම් අපේ රටේ දේශපාලකයන්ට හයිය තියෙනවා කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. ඒ වගේම, රටවල් 16කට පොහොර යවන ඉතාම විශ්වාසවන්ත ආයතනයක් නම් ඔවුන්ගෙ පොහොර සාම්පලයේ තියෙන මේ ක්ෂුද්‍රජීවී සාම්පල ගැන වෙලාවකට අපට පුදුම හිතෙනවා. අපේ රටේ රසායනාගාර ගැනත් ඔවුන් තර්ක කරනවා.

අපේ රටේ තියෙන ශාක නිරෝධායනාගාරය කිව්වාම අපට මැවෙන්නේ හරියට ඉංග්‍රීසි චිත්‍රපටයක තියෙන සුදු පාට විශාල කබා පොරවගත්ත, අතිශය පිරිසිදු දැවැන්ත රසායනාගාර කියලා. හැබැයි ඒ ගැන හෙව්වට පස්සේ එක්කෙනෙක් මට කිව්වේ මේවා හරියට කුස්සි වගේ පොඩි පොඩි තැන්වල තියෙන ඒවා කියලා. ඇත්තද බොරුද කියන්න අපි දන්නෙ නෑ.

මේ පොහොර නැවත් තවත් එක නාටකයක් බවට පත්වෙලා තියෙන්නේ. නොකියාම ආපු නැව මේ වෙනකොටත් ලංකාවට කිට්ටු වෙලා ඉවරයි. ඔවුන් කියන්නේ ලංකාවෙ පර්යේෂණ කිසිසේත්ම පිළිගන්න බෑ කියලා. ඔවුන් හදන්නේ කොහොම හරි මේ පොහොර තොගය දෙන්න කියලා අපේ රටේ ඇමැතිලා කියනවා. මේ පොහොර තොගය ආපහු යන්න කලින් අපේ රටට අවශ්‍ය කරන තීන්දු තීරණ ටික අපට ගන්න පුළුවන් නම්, ඒ වගේම චීන නැවට යටත් නොවී ඉන්න පුළුවන් නම් ඒක හොඳයි. හැබැයි මේ චීන නැවේ එන පොහොර ප්‍රමිතිගත වෙලා අපි මොකක් හරි දේශපාලන නාට්‍යයක් මත මේ පොහොර ටික ආපහු යැව්වොත් ඒක තවත් විශාල අර්බුදයකට මුලපිරෙන තැනක් වේවි. ඒ වගේම මේ පොහොර නැවේ අර්බුදය වඩාත්ම තීව්‍ර වෙන්නේ පොහොර නැව හොඳද නරකද කියන තැනේදි නෙවෙයි. පොහොර නැවේ අර්බුදය තීව්‍ර වෙන්නේ අපේ රටේ ගොවීන්ට පොහොර අර්බුදයක් නිර්මාණය වෙමින් තියෙන නිසා.

මේ පොහොර අර්බුදය පිළිබඳ ඔබ නිතර දකින උද්ඝෝෂණ, සත්‍යග්‍රහ තවමත් ඔබ දකින්නේ නියමිත ප්‍රමාණයට නෙවෙයි. මේ වෙනකොටත් ලංකාවෙ අවශ්‍ය ප්‍රමාණයෙන්නැතත් යම් ප්‍රමාණයක් රසායනික පොහොර ඉතිරි වෙලා තියෙනවා. ඒ රසායනික පොහොර ගොවීන්ගෙන් තුනෙන් එකකට ලැබිලයි තියෙන්නේ. ඒ වගේම ඔවුන්ගෙ අස්වනු නෙළන කාලය වෙනකොට ඔවුන්ට මුල් කාලීනව සමහර වෙලාවට පොහොර වර්ග ලැබුණා. නමුත් මේ උදාවෙමින් යන්නේ පොහොර නැති ගොවිතැන් ආරම්භ වෙන කාලයක්. එතකොට ශ්‍රී ලංකාවෙ ඉන්න ගොවීන් 100%කටම පොහොර අර්බුදය නිර්මාණය වෙනවා. ඒ වගේම මේ නිර්මාණය වෙන්නේ පොහොර අර්බුදයක් විතරක් නෙවෙයි. සියලුම ගොවිතැන්වලට අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය නොලැබී ගිහිල්ලා ඉවරයි. ඒක අන්නාසි ගොවියාටත්, තේ වගාකරුවාටත්, එළවළු ගොවියාටත්, වී ගොවියාටත් සියලු ගොවීන්ටත් බලපානවා. ඒ සඳහා කාබනික ආදේශක නැති බවත් බොහෝ දෙනෙක් දන්නවා. මේ පොහොර සඳහා කාබනික ආදේශක තිබුණට, රසායන ද්‍රව්‍ය සඳහා කාබනික ආදේශක නෑ. එතකොට මේ රසායනික ද්‍රව්‍ය ආහාරවලට යෙදිය යුතුයිද? ඒකෙන් ආහාරවලට කොයි තරම් හානියක් වෙනවද කියන එක සම්බන්ධව තියෙන්නේ වෙනම තර්කයක්. ඒ තර්කය විසඳා ගැනීම වෙනමම කාර්යයක්. හැබැයි මේ පොහොර නැව ආපහු යෑම සහ එය අර්බුදකාරී වීම ඇතුළේ තවදුරටත් ඇති වෙන්න තියෙන ප්‍රශ්නයෙ විශාලත්වය සාමාන්‍ය ජනතාව විදියට අපට තේරුම් අරගන්නවත් බෑ. හැබැයි පොහොර නැව කියන්නේ හොල්මන් නැවක් නෙවෙයි කියලා අපි දන්නවා. ඒක කාගෙවත් අනුදැනුමකින් තොරව, කාගෙවත් වුවමනාවකින් තොරව ලංකාවෙ මුහුදට ආවෙ නෑ කියලත් අපි දන්නවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වාර්තා බිඳ හෙළයි! දින 100 පසු කරයි! පොලිසිය රට පුරාම පෙන්වපු වැඩ!

Next Post

රඟපාලා හෑල්ලු වෙනවට වඩා තියෙන නම රැකගෙන ඉන්නවා…

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.