• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දැනගන්න: ‌දෙවැනි මනාපය තීරණාත්මකයි

November 4, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
දැනගන්න: ‌දෙවැනි මනාපය තීරණාත්මකයි
Share on WhatsAppShare on Facebook

‘සිරිලක’ නොහොත් ‘තම්බපන්නිය’ කණපිට හරවන්නට තවත් හරියටම ඇත්තේ මිනිත්තු 18,720ක් පමණි. එනම් දවස්වලින් නම් හරියටම 13කි. මොකක්ද මේ කණපිට හැරවිල්ල? එය නම් මේ වන විට රටම ගිනිගෙන තිබෙන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයයි. පොදු ජනයාගේ ඡන්දය උදුරා ගන්නට ගිජුවී බලා සිටින අපේක්ෂකයෝ පෝලිමක්ම මේ වන විටදී සැදී පැහැදී සිටිති. ඔවුන්ගෙන් ඉනිමගේ ඉහළින්ම සිටින ඇත්තන් තිදෙනා ජනතාව හොඳින්ම හඳුනති. ඔවුන් මේ දිනවල අහිංසක ජනතාවට දෙන පොරොන්දු සහ බලාපොරොත්තු කන්දරාව මහමේරුවටත් වඩා උසය. විටෙක මෙම ඉන්ද්‍රජාලික අපේක්ෂකයන් දෙස ජනතාව බලාසිටින්නේ බිරාන්තවූ දෙනෙතින් සහ ජුගුප්සාජනක මනසකින්ද යුක්තවය. මේ අපේක්ෂකයන් ජනතාවට දෙන පොරොන්දු සැබැවින්ම ඉටුකළ හැකිද? ඒවා ඉටු කරන්නට හැකි වන්නේ නම් දේශයක් කෙතරම් සුඛිත මුදිතවේද? ලක් ඉතිහාසයේ කිසිදු කලක නොතිබුණු මහා උණුසුමක් ඇති මෙවර ජනාධිපතිවරණය සැබෑ ලෙසම දොරකඩමාරාවක්ද?

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් ගැන නොයෙකුත් මතිමතාන්තර මේ වන විට සමාජය තුළ මුල්බැසගෙන ඇත. තත්ත්වය කෙසේ වුවද මේ වන විට ලක් ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආකාරයට මහජනතාවද මෙම මැතිවරණය කෙරෙහි දැඩි උනන්දුවකින් සිටින බැව් පෙනෙයි. රජ සමයේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙළින්ම රජ අසුනේ විරාජමාන වුවද දැන් අපේක්ෂකයන්ට රජ පුටුවේ වාඩිවීමට එසේ හැකියාවක් නැත. ඔවුන්ට එය සිදුකරන්නට ඇත්තේ ජනතාවගේම පිහිටෙන් පමණී. එනම් පොදු ජනතාවගේ උත්තරීතර සහ ගෞරවනීය ඡන්දය හරහා පමණි. කෙටියෙන් කිවහොත් ජනතා කතිරය හරහාය. මේ ජනතා කතිරය අද එතරම්ම බලවත්ය. මෙවර එම කතිරය පත්ඉරුවක සටහන් වන්නේ කෙසේද?
ජනාධිපතිවරණය සුවිශේෂී ක්‍රියාවලියක් ලෙස අර්ථ දැක්වෙන්නේ මෙවර ඡන්දදායකයාට දෙවැනි මනාපයකට අනුවත් තමන්ට රිසි ඡන්දය අපේක්ෂකයන්ට ලබාදිය හැකි හෙයිනි. වෙනත් කිසිදු කාලයක නොමැති ආකාරයෙන් මෙවර ජනාධිපතිවරණයේ උණුසුම අතිශය ඉහළ අතර, ඒ හෙයින් ප්‍රධාන අපේක්ෂකයන් අතර ඇතිව තිබෙන තරගකාරී තත්ත්වයද ඉතා උච්ච ස්ථානයකට පත්ව ඇත. මේ හෙයින් ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීමේදී දෙවැනි මනාපයක්ද යොදා ගැනීමට සිදවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. මෙම දෙවැනි ඡන්ද මනාප ක්‍රමය :ීැජදබා චරුfැරුබජස්ක ඪදඑසබට ීහිඑැප* මඟින් ඡන්දදායකයාට මෙන්ම ඡන්ද අපේක්ෂකයාටද යම් සහන ක්‍රියාවලියක් සලසයි. එනම් මෙම ක්‍රියාවලිය මඟින් ලබාදී ඇති පළමු ඡන්ද මනාපයත්, දෙවැනි ඡන්ද මනාපයත් අවධානයට ගැනීමෙන් අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුකරනු ලබයි. මෙම ජනාධිපතිවරණ මනාප ඡන්ද ක්‍රමය මේ වන විට ලොව රටවල් රාශියක භාවිත කරනු ලබන සාර්ථක එමෙන්ම ජනප්‍රිය ක්‍රමවේදයකි. දේශපාලන විශ්ලේෂකයන් මෙම ක්‍රමය හඳුන්වාදී ඇත්තේ අපේක්ෂකයාටත්, ඡන්ද දායකයාටත් උපායශීලීව සහ ක්‍රමෝපායීව තම ඡන්දයට වටිනාකමක් දිය හැකි ක්‍රමයක් ලෙසිනි.
ලෝකය වටා සිටින දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම දෙවැනි මනාප ඡන්ද ක්‍රමය පැසුණු බුද්ධිමත් දේශපාලන මෙවලමක් ලෙසය. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 35 දෙනෙකු ඉදිරිපත්ව සිටිති. මෙයින් ඉහළින්ම සිටින ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේ තරගය ඉතා ප්‍රබල මට්ටමක පවතියි. දෙවැනි මනාප ඡන්ද ක්‍රමයට පක්ෂව සහ විපක්ෂව මේ වන විට විවිධ පාර්ශ්ව අදහස් ප්‍රකාශ කරමින් සිටිති. ලෝකයේ බොහෝ රටවල භාවිත කරන මෙම සාර්ථක මැතිවරණ ක්‍රමය අප රටට තවමද හුරු නොවීම එයට හේතුවයි. මෙය සැබෑ ලෙසම උපක්‍රමිකව ඡන්දය භාවිත කළ හැකි ක්‍රමවේදයකි.
ප්‍රකට දේශපාලන විශේලේෂකයකු වන මහාචාර්ය කුමාර් ඬේවිඞ් මහතා ඉංග්‍රිසි බසින් ලියන ලද ලිපියක සිංහල අනුවාදය අන්තර්ජාල වෙබ් අඩවියක සඳහන්ව ඇත. දෙවැනි මනාපය ඡන්ද ක්‍රමය පිළිබඳ ඔහු මෙසේ විස්තර කර සිටියි.
“කිසිදු අපේක්ෂකයකු සියයට 50ක් සහ තව එක ඡන්දයක් හෝ ලබා නොගතහොත් සිදුවන්නේ කුමක්දැයි සමහරු මගෙන් අසති. 100%ක් යනු ඡන්ද දායකයන් 100ක් යැයි අපි සිතමු. ‘ඒ’ නමැති අපේක්ෂකයා ඡන්ද 46ක්ද, ‘බී’ නමැති අපේක්ෂකයා ඡන්ද 44ක්ද, ඉතිරි සියලු අපේක්ෂකයන් ඉතිරි ඡන්ද 10ක්ද ලබාගත්තේ යැයි සිතමු. මෙහිදී කිසිවකුට සියයට 50ට වැඩියෙන් ඡන්ද ලබාගෙන නැති බව පෙනෙයි. එවිට කෙරෙන්නේ ‘ඒ’ සහ ‘බී’ නමැති අපේක්ෂකයන් දෙදෙනා හැර ඉතිරි අනෙක් අපේක්ෂකයන් සඳහා පාවිච්චි කොට ඇති දෙවැනි මනාප ප්‍රමාණය ගණන් කිරීමයි. එහිදී මෙවැනි තත්ත්වයක් තුළදී මේ ප්‍රශ්නයන් දෙක ගැනද මෙහෙනි කරන්න.

  1. පළමු දෙදෙනා හැරුණු කොට ඉතිරි සියල්ලන් වෙනුවෙන් අවසාන ඡන්ද 10 පාවිච්චි කළ කිසිවකු දෙවැනි මනාපයක් පාවිච්චි කොට නැත. එවිට මුළු ඡන්ද ප්‍රමාණය වශයෙන් සැලකෙන්නේ පළමු දෙදෙනා ලබාගෙන ඇති ඡන්ද 90 පමණි. එහිදී එම ඡන්ද ප්‍රමාණයෙන් සියයට 50ට වැඩි ඡන්ද ප්‍රමාණයක් (46ක්) ලබාගෙන ඇති ‘ඒ’ නමැති අපේක්ෂකයා ජයග්‍රාහකයා වන්නේය.
  2. ඉහත කී අවසාන ඡන්ද 10 පාවිච්චි කළ පිරිසෙන් 3 දෙනකු පමණක් දෙවැනි මනාපයක් පාවිච්චි කොට ඇති බවත්, ඒ මනාප තුනම පාවිච්චි කොට ඇත්තේ ‘බී’ නමැති අපේක්ෂකයාට බවත් හිතන්න. දැන් පළමු දෙදෙනාගේ මුළු ඡන්ද ප්‍රමාණය වශයෙන් සැලකෙන ඡන්ද ප්‍රමාණය ඡන්ද 93ක් වන්නේය. එයින් සියයට 50ට වැඩි ප්‍රමාණයක් හෙවත් ඡන්ද 47ක් ලබාගෙන ඇති ‘බී’ නමැති අපේක්ෂකයා ජයග්‍රාහකයා වන්නේය.
    “එම අන්ත දෙක එසේය. එසේම මතක තබාගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ අවසානයේ ගණනය කරනු ලබන්නේ පළමු දෙදෙනා වෙනුවෙන් සෙසු අයගේ ඡන්ද පත්‍රිකාවල පාවිච්චි වී ඇති මනාප ඡන්ද ප්‍රමාණය පමණක් බවය. ඉහත කී ඉතිරි අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවල වෙන කිසිවකු වෙනුවෙන් පාවිච්චි වී ඇති කිසිදු ඡන්දයක් ගණනය කරන්නේ නැත. මෙවැනි තත්ත්වයක් යටතේ ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හෝ යන දෙදෙනාගෙන් එක් අයකුට හෝ මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 50ට වැඩි ප්‍රතිශතයක් ලැබීමට බොහෝ විට ඉඩක් නොමැති බව දැන් ඔබට වැටහෙනවා ඇත. එසේ නම් ඊළඟට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකියාව ඇති පුද්ගලයා වන්නේ අනුර කුමාර දිසානායකය. එයින් අදහස් වන්නේ අනුර කුමාර වෙනුවෙන් පාවිච්චි වන ඡන්දය සමග සටහන් කෙරෙන මනාපයක් වෙතොත් එය තීරණාත්මක වන බවය. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස සියයට 50ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් කතාව එතැනින්ම අවසානය. එසේ නොවන්නේ නම් පළමු ඡන්දය තරමටම දෙවැනි ඡන්දයත් වැදගත් වන්නේය. ඒ දෙකටම ඇත්තේ එකම අගයකි” යැයි මහාචාර්ය කුමාර් ඬේවිඞ් මෙම ඡන්ද (මැතිවරණ) ක්‍රියාවලිය ගැන පැහැදිලි විග්‍රහයක යෙදෙයි.
    ජනාධිපතිවරණයේ ප්‍රධානතම සහ සුවිශේෂතම කාර්යභාරය ඉටුකරන ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය අවසානයේදී ඡන්ද ගණන් කිරීම ප්‍රධාන අදියර තුනකින් සිදුකරනු ලබයි. මෙම අදියර තුන මෙසේ විස්තර කර දැක්වෙන අතර එහි තෙවැනි අදියර තුළින් විග්‍රහ කෙරෙන්නේ මනාප ඡන්ද ගණනය කිරීමය. මෙවර මැතිවරණයේදීද එය ක්‍රියාත්මකය.
    පළමුවැනි අදියර
    ඡන්ද පොළවලින් ලැබී ඇති ඡන්ද පෙට්ටි වෙන වෙනම එකින් එක විවෘත කර, එක් එක් පෙට්ටියේ අඩංගුව තිබූ ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව ගණන් කර සටහන් කරගනු ලබයි. එසේ ගණන් කළ ඡන්ද පත්‍රිකා ශාලාවේ තබා ඇති ධාරකයක බහා විටින් විට එහි අඩංගු පත්‍රිකා මිශ්‍ර කරනු ලැබේ. පෙට්ටි සියල්ලම විවෘත කර ගණන් කිරීමෙන් පසු පළමු පියවර අවසන් වෙයි.
    දෙවැනි අදියර
    දෙවැනි අදියරේ 01 වැනි උප අදියර යටතේ ධාරකයේ ඇති ඡන්ද පත්‍රිකා ගණන් ගන්නා නිලධාරීන් අසුන් ගෙන සිටින මේසය මතට ගෙනැවිත් සියලුම නිලධාරීන් විසින් එක් එක් පක්ෂය සහ කණ්ඩායමේ ඡන්ද ලකුණු අනුව වෙන් කරමින් ඒ ඒ පක්ෂය හෝ කණ්ඩායම වෙනුවෙන් තබා ඇති බඳුන්වල බහාලනු ලැබේ.
    දෙවැනි අදියරේ 02 වැනි උප අදියර යටතේ ගණන් කිරීමේ මේසය කොටස් 05කට බෙදා ඒ ඒ පක්ෂ හෝ කණ්ඩායම් අනුව වෙන්කළ ඡන්ද පත්‍රිකා බඳුන් වෙන වෙනම ගෙන මෙසේ වෙන් කරනු ලබන ඡන්ද පත්‍රිකා ඊළඟට සිටින නිලධාරී කණ්ඩායම විසින් ගණන් කරමින් 50 පමණ මිටි සකස් කරයි. එසේ මිටිවලට බඳින ලද එක් එක් මිටියේ ඇති සංඛ්‍යාව, ලකුණ ආදිය ගැන හරි වැරැදි බලමින් නැවත වරක් හරි වැරැදි බලමින්ද අවසානයේදී එක් එක් පක්ෂයට හෝ කණ්ඩායමට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ගණන් කර ප්‍රතිඵලය ලබාගනු ලැබේ. නැවත ගණන් කිරීමක් අවශ්‍ය බව ගණන් කිරීමේ ශාලාවේ සිටින පක්ෂ නියෝජිතයන් ඉල්ලීමක් කළහොත් නැවැත ගණන් කිරීම් දෙකකට ඉඩ ඇත.
    තුන්වැනි අදියර
    මෙම අවස්ථාවේදී එක් එක් පක්ෂය හෝ කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව අඩංගු ඡන්ද පත්‍රිකා වෙන වෙනම ගෙන ඒවායෙහි මනාප, ‘මනාප 2 සහ මනාප 3 ලෙස’ සලකුණු කර ඇති මනාප නියමිත සැසඳුම් පත්‍රවල :ඕකකහ ීයැැඑි* ආකෘති මත සටහන් කරගනු ලැබේ. එසේ මනාප සලකුණු කිරීමෙන් පසුව සාරාංශය පත්‍ර :ීමපප්රහ ීයැැඑි* දෙකක් සකස් කර සියලුම අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාව සලකුණු කිරීමෙන් පසු ඡන්ද ගණන් කිරීම අවසන් වෙයි.
    අවසානයේදී මෙම සංකීර්ණය ක්‍රියාවලියෙන් පසුව ප්‍රතිඵල නිකුත් කිරීම සිදුකරනු ලබයි. කෙසේ හෝ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වී සිටීමත්, ඉන් ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනාට අති දැවැන්ත තරගයක් එල්ලවී තිබීමත් නිසා එහි ප්‍රතිඵල ගැන කිසිවකුටත් කිසිදු අනාවැකියක් කිව නොහැකිය. එය දැනගන්නට හැකි වන්නේ මැතිවරණය නිමාවීමෙන් පසුවමය. මෙවර තරගය තවත් උග්‍ර අතට හැරී ඇත්තේ වසර ගණනාවකට පසුව ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇත හෙයිනි. අනුර කුමාර දිසානායක ‘ජාතික ජන බලවේගය’ නමින් ඉදිරිපත් වන්නේ එලෙසය. ජනතා විමුක්ති පෙරමුණ මෙසේ වසර 20කට පසුව ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇති අතර, අවසන් වරට ඔවුන් ජනපති අපේක්ෂකයකු ඉදිරිපත් කළේ 1999 වසරේදීය. ඒ නන්දන ගුණතිලක වූ අතර ඔහු තරගයේ තෙවැනි ස්ථානයට පත්විය. මෙවර මැතිවරණයේදී දෙවැනි මනාපය ‘රාජපක්ෂ’ වන කෙනකුට ලබානොදෙන ලෙස ඉල්ලා සිටීමේ ව්‍යාපාරයක් දියත් කිරීමටද ජවිපෙ බලාපොරොත්තු වන බැව් පැවසෙයි.
    දෙවැනි මනාප ඡන්ද ගණනය කිරීමේ ක්‍රමය :ඡැරfැරුබඑස්ක ඪදඑසබට ඵැඑයදා* මේ වන විට ලෝකයේ ප්‍රධානතම රටවල් රැසකදී ජනාධිපතිවරණ සඳහා භාවිත කරනු ලබයි. අපෙග් යාබද ඉන්දියාවද මෙම ක්‍රමය භාවිත කරන රටකි. මෙම මැතිවරණ ක්‍රමය සඳහා දේශපාලන ඉතිහාසයේ දීර්ඝ පරිච්ඡේදයක් ඇත. මෙවැනි මැතිවරණ ක්‍රමයක් මුලින්ම භාවිත වී ඇතැයි වාර්තා වන්නේ ඕස්ටේ්‍රලියාවෙනි. එනම් 1893 වසරේදී ක්වීන්ලන්තයේ පැවැත්වූ මැතිවරණයක් උදෙසා මෙම ක්‍රමය භාවිත කර ඇති අතර, ඉන් පසුව 1908 වසරේදී පැවැත්වූ ඕස්ටේ්‍රලියානු මහ මැතිවරණය සඳහා මෙම ඡන්ද මනාප ක්‍රමය භාවිත කර ඇත. ඒ අනුව මෙම මැතිවරණ ක්‍රමයේ පුරෝගාමියා වන්නේ ඕස්ටේ්‍රලියාවය. ඉන්දියාව, කැනඩාව, අයර්ලන්තය, හොංකොං, නවසීලන්තය, එංගන්තය, ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව, බ්‍රසීලය, බල්ගේරියාව, පින්ලන්තය, ඉරානය, ඉන්දුනීසියාව, පෝලන්තය, රුසියාව, රුමේනියාව, තුර්කිය, යුක්රේනය ප්‍රධාන තවත් රටවල් රැසක මෙම මැතිවරණ ක්‍රමය භාවිත කරනු ලබයි.
SendShareShare
Previous Post

මැතිවරණ ඉතිහාසයේ වාර්තා පිට වාර්තා

Next Post

පාදෙණිය ඇයි ‌මේ..

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.