• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මැතිවරණ ඉතිහාසයේ වාර්තා පිට වාර්තා

November 4, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
මැතිවරණ ඉතිහාසයේ වාර්තා පිට වාර්තා
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණයට සියල්ල සූදානම්ය. එසේ පැවැත්වෙන්නට නියමිත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි ජනාධිපතිවරණයයි. පත්කරගන්නට සූදානම් වෙන්නෙ 7 වැනි පුද්ගලයාවයි. මෙතෙක් පැවැති ජනාධිපතිවරණවලින් පුද්ගලයන් 5 දෙනෙක් පත්කරගෙන තිබේ. ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති පුටුවට එන්නේ ආර්. ප්‍රේමදාස මහතාගේ වියෝව හේතුවෙනි. ජනාධිපතිවරණ ඉතිහාසයේ එක්සත් ජාතික පක්‍ෂයේ පාක්‍ෂිකයන් ජයගෙන ඇත්තේ මුල්දෙක පමණි. විධායක ජනාධිපති ක්‍රමය ඇතිවීමෙන් පසු පළමු වසර දහසය එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් ජනාධිපතිකම කරන අතර, ඊළඟ වසර දහසය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයන් ජනාධිපතිකම දරා තිබේ. දැන් දෙපක්‍ෂයම දහසය වසර බැගින් රජකම් කර තිබේ. ඒ නිසාත් මේ ජනාධිපතිවරණය තීරණාත්මකය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පළමු ජනාධිපතිවරණ පැවැත්වෙන්නේ 1982-10-20 වැනිදාය. ඒ සඳහා අපේක්‍ෂකයන් හය දෙනෙක් ඉදිරිපත්ව තිබේ. ඒ, එවකට සිටි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, එච්. ආර්. සී. බී. කොබ්බෑකඩුව, රෝහණ විජේවීර, ජී. පී. පොන්නම්බලම්, කොල්වින් ආර්. ද සිල්වා, වාසුදේව නානායක්කාර කියන පිරිසය. මේ සටන අවසන් වෙන්නේ බලාපොරොත්තු වෙච්ච පරිදි ජේ. ආර්. ජයවර්ධනට ජයග්‍රහණය හිමිකර දෙමිනි. අවසාන ස්ථානයට පත්වෙන්නේ රටෙන් මනාප 17,005ක් ගත්ත වාසුය. මේ පළමු ජනාධිපතිවරණ සටනේදී වැඩිම මනාප ප්‍රතිශතයක් ගන්නට එ.ජා.ප.ය සමත් වෙන්නෙ බටහිර කොළඹිනි. ඒ සියයට හැත්තෑ හතක ප්‍රතිශතයකි. මේ ඡන්දයේදී පවා ගාල්ල දිස්ත්‍රික්කය සහ මාතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන එක එ.ජා.ප.යට එදා පවා ලේසි වුණේ නැත. එදා ගාල්ල, බද්දේගම, හබරාදුව සහ මාතර හක්මන, කඹුරුපිටිය යන ඡන්ද බලප්‍රදේශවලින් ජේ. ආර්. පරදවා ජයගන්නට ශ්‍රීලනිප අපේක්‍ෂකයා සමත්ව තිබේ. ගාල්ල රත්ගම ආසනය ජේ. ආර්. ජයගන්නේ ඡන්ද තුනකිනි. මේ ඡන්දයේදී ජේ. ආර්. අන්ත පරාජයක් ලබන්නේ යාපනයෙනි. වඩුක්කෝඩෙයි, කන්කසන්තුරෙයි, මනිප්පායි, කෝපායි යන ඡන්ද බලප්‍රදේශවලින් ජේ. ආර්.ට මනාප ප්‍රතිශතය සියයට විස්ස ඉක්මවා යන්නට නොලැබේ. විශේෂත්වය වන්නේ මේ සමහර ආසන තුන්වැනි අපේක්‍ෂකයෙක් වූ පොන්නම්බලම් ජයගැනීමය. එය ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි. ඔහු චාවකච්චේරිවලින් සියයට හතළිස් අටක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම විශාලම ජයග්‍රහණයයි.
1988 ජනාධිපතිවරණයට එන්නේ අපේක්‍ෂකයන් තිදෙනෙක් පමණි. ඒ, එජාප අපේක්‍ෂකයා වූ ආර්. ප්‍රේමදාසත්, ශ්‍රීලනිපයෙන් ආ සිරිමාවෝත්, ඔසීත් පමණි. මැදකොළඹින් සියයට 65.77ක ප්‍රතිශතයක් පමණක් ලබන ප්‍රේමදාස සියයට 68.25ක ඡන්ද ප්‍රතිශතයක් ලෙස වැඩිම ප්‍රතිශතය ලබන්නේ නුවරඑළිය-මස්කෙළියෙනි. මේ ජනාධිපතිවරණයේදී ද එජාපයට බද්දේගම, හබරාදූව, හක්මන, කඹුරුපිටිය යන ආසන ජයගන්නට ලැබෙන්නේ නැත. නමුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට හතර දක්වා කඹුරුපිටියේදීද, සියයට හත දක්වා හක්මනදීද පහත වැටී තිබේ. මේ මැතිවරණයේදී ආර්. ප්‍රේමදාස පේදුරුතුඩුවෙන් සියයට 11.77ක අඩුම ඡන්ද ප්‍රතිශතය ලබාගෙන තිබේ.
ජනාධිපතිවරණ ඉතිහාසය පරෙස්සමට කියවාගන්නට වටී. 94 ඡන්දය ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ විශාල වෙනසක් කළ එකකි. එදා වෙද්දී එජාපයේ ප්‍රධානීන් බහුතරයක් ජීවිතක්‍ෂයට පත්ව සිටියේය. ජනාධිපතිවරණයට මුල්ම වතාවට පවුල් බලය පැමිණීම විශේෂත්වයකි. එජාපයට අපේක්‍ෂකයෙක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක් එන අතර, ශ්‍රීමති දිසානායකට ඒ බර දරන්නට සිදුවිය. ඒ සටනේදී චන්ද්‍රිකා එජාපයට දිනාගන්නට දෙන්නේ මහියංගනය පමණි. මැද කොළඹ, නැඟෙනහිර කොළඹ, බටහිර කොළඹ පවා එජාපය පරාජයට පත්විය. ඉතා අඩුවෙන් ඡන්ද භාවිත වූ උතුරද, මඩකළපුව සහ වන්නි දිස්ත්‍රික්කයේ ආසනද චන්ද්‍රිකා උඩින්ම දින්නේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වතාවට සියයට සියයක ඡන්ද ප්‍රතිශතයක් ගන්නේ චන්ද්‍රිකාය. ඒ මනිපායිවලිනි. නමුත් එය ප්‍රතිශතයක් ලෙස සියයට බින්දුවයි දශම බින්දුවයි තුනක ඡන්ද භාවිතයකි. ප්‍රකාශ වෙන්නේ ඡන්ද දහඅටක් පමණි. එය ඒ වනවිට ජනාධිපතිවරණ ඉතිහාසයේ අඩුම ඡන්ද භාවිතයයි.
අනූ නවයේ මැතිවරණයට එන්නේ චන්ද්‍රිකා සමඟ රනිල්ය. ප්‍රතිඵල ලේඛනය උඩු යටිකුරු කළ මේ මැතිවරණයේද රනිල් යාපනයත්, වන්නියත් සියතට ගත්තේය. වවුනියාවෙන් සියයට හැත්තෑහයයි දශම එකයි තුනකුත්, මඩකළපුවෙන් සියයට හැත්තෑ අටයි දශම අටකුත් ලබාගන්නට රනිල් සමත් විය. සුපුරුදු පරිදි නොකඩවාම එජාපය කඹුරුපිටියෙන්, හක්මනින්, බද්දේගමින් සහ හබරාදූවෙන් පරාජයට පත්විය. මේ වතාවෙත් මහියංගනයද දිනන්නට එජාපය සමත් විය. චන්ද්‍රිකාට ලොකුම ප්‍රතිශතය ලැබෙන්නේ අත්තනගල්ලෙනි. නමුත් මේ වතාවේ සියයට හැත්තෑවක් කිසිම ආසනයකින් ලබාගන්නට ඇය සමත් වෙන්නේ නැත.
එතැන් සිට ඡන්ද සටනට කාන්තාවන් සහභාගි වී නැත. මහින්දගේත්, රනිල්ගේත් සටනේදී රනිල් බටහිර කොළඹින් සියයට හැත්තෑනවයයි දශම එකයි හයක් ලබාගනී. මහින්ද බේරුවල දිනන්නේ ඡන්ද දොළහකිනි. නුවරඑළිය-මස්කෙළියෙන් රනිල් වාර්තාගත මනාප 1,56,343ක් ලබාගනී. එය ප්‍රතිශතයක් ලෙස සියයට 81.02කි. මහින්දට ලැබෙන්නේ සියයට 17.34ක් පමණි. බද්දේගමත්, හබරාදුවත්, හක්මනත්, කඹුරුපිටියත් මේ වතාවේත් පරාජය වෙන්නේ නැත. වාර්තාගත සිදුවීමක් වෙන්නේ කිලිනොච්චියෙනි. එතෙක් මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ අඩුම ඡන්ද භාවිතය එයයි.

එය සියයට 0.001ක ඡන්ද භාවිතයකි. මේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් බින්දුවට දැවී ගිය දෙවැනි අවස්ථාවයි. දිනූ අපේක්‍ෂකයෙක් ඡන්ද බින්දුවක් ලබාගත් පළමු සහ එකම අවස්ථාව ඒකය.
මැතිවරණ සටනේ අමුතුම සෙල්ලම වෙන්නේ 2015දීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ ලේකම් සටනට එයි. ලේකම් මැද කොළඹින් ආර්. ප්‍රේමදාසටවත් ලබාගත නොහැකි වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගනී. ඒ, සියයට 81කි. කෙසේ නමුත් දෙදහස් පහළොවෙ ප්‍රතිඵලයෙන් පසු අපට මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ අපූරු වාර්තා කිහිපයක් හඳුනාගත හැකිය.
එතෙක් මෙතෙක් කිසිම විටෙක එජාප බලවේගයකට ජනාධිපතිවරණයකදී ජයගත නොහැකි වූ ආසන හතරක් පමණ හඳුනාගත හැකිය. ඒ බද්දේගම, හබරාදූව, හක්මන සහ කඹුරුපිටියයි. එවැනි ජනාධිපතිවරණ ඉතිහාසයේ පරාජය නොවුණු කිසිම ඡන්ද බලප්‍රදේශයක් එජාපයට නැත. එතෙක් මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ එක් ආසනයකින් වැඩිම මනාප ලබාගැනීමේ වාර්තාවට හිමිකම් කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඒ, නුවරඑළිය-මස්කෙළියෙන් ලැබූ මනාප 1,71,578යි. නමුත් වැඩිම මනාප පරතරයකින් ආසනයක් දිනීමේ අවස්ථාව වන්නේ 2005 ජනාධිපතිවරණයයි. ඒ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්‍ෂ පරදවා නුවරඑළිය-මස්කෙළියෙන් ලැබූ මනාප 1,22,890යි. ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා සැලකූවිට ආසනයකින් අඩුම ඡන්ද ලැබූ අවස්ථා ලෙස අවස්ථා දෙකක් හඳුනාගත හැකිය. ඒ, ශ්‍රීමතී දිසානායක සහ මහින්ද රාජපක්‍ෂ ඡන්ද බින්දුවක් ලැබූ අවස්ථා දෙකය. ඒ අතර වැඩිම මනාප ප්‍රතිශතයක් ලෙස සියයට සියය ලබාගෙන ඇත්තේ චන්ද්‍රිකා සහ රනිල්ය. එතෙක් මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඒ, ඡන්ද 62,17,162කි. අඩුම මනාප ප්‍රමාණයකින් ලංකාවේ ජනාධිපති වී ඇත්තේ ආර්. ප්‍රේමදාසය. ඒ, ඡන්ද 25,69,199කි. වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගන්නේ අනූහතරේ චන්ද්‍රිකාය. වැඩි ඡන්ද වාර්තාවද චන්ද්‍රිකාගේය. ඒ අසූහතරේ ලබාගත් 19,93,920කි. වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පරාජිත අපේක්‍ෂකයා රනිල්ය. ඒ සියයට 48.43කි. අඩුම ඡන්ද ගණනාවකින් ජයගන්නේත් මහින්දය. ඒ රනිල් පරදාය. ඡන්ද පරතරය 1,80,784කි. අඩුම ප්‍රතිශතයද මහින්දගෙනි. ඒ සියයට 50.29කි. මේ මැතිවරණයේදී තවත් වාර්තා පිහිටුවනු ඇත. පිච් එක සූදානම්ය. අපිට තියෙන්නේ බලා ඉන්නටය.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

කොළඹ ‌බෝම්බ පුපුරුවන්න සහරාන්ට නියෝග දුන්නු ‘බග්දාදි’ මරපු ‘‌ඩෙල්ටාෆෝස්’ ‌මෙහෙයුම

Next Post

දැනගන්න: ‌දෙවැනි මනාපය තීරණාත්මකයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.