• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කාර් එකෙන් මුහුදු යන්න උතුරෙන් ෆෙරියට නඟින්න

November 2, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
කාර් එකෙන් මුහුදු යන්න උතුරෙන් ෆෙරියට නඟින්න
Share on WhatsAppShare on Facebook

පත්තර කලාවට සම්බන්ධ වුණාට පස්සේ අඩුම ගානේ අවුරුද්දට දෙවතාවක්වත් යාපනේ යන්න හම්බවෙනවා. ඒ හින්දා දැන් අපට කොළඹ තරමටම යාපනෙත් හොඳට හුරුයි. හැබැයි ඉතින් කොච්චර යාපනේ ගියත් තාමත් යාපනේ වටේ කරකවද්දී එකසැරයක් හරි පාර වරදිනවා. යාපනේ නගරය වටේට හන්දි කීයක් තියෙනවද කියලා ගිහින් තියෙන අය දන්නවා ඇතිනේ. ඔය හන්දි ටික හරියටම ඔළුවට දාගන්න තව කීසැරයක් යාපනේ යන්න වෙයිද කියල කියන්නත් බැහැ.

යාපනේ වටේට තියෙන හන්දි ටික වගේම යාපනේ යන හැමදාම මීට කලින් විඳලා නැති අලුත් අත්දැකීම් කිහිපයකුත් විඳින්න අපට අවස්ථාව ලැබෙනවා. කීසැරයක් ගියත් අපි තාම යාපනේ ගැන හරියටම දන්නේ නැහැ කියන එකයි ඒකෙන් තේරෙන්නේ.

අන්තිම වතාවට අපි යාපනේ ගියේ මීට සති කිහිපයකට කලින්. ජනාධිපතිවරණයට යාපනේ මිනිස්සු සූදානම් වෙන්නේ මොන විදියටද කියලා හොයන එක තමයි ඒ ගමනේ අරමුණ වුණේ. ඒ ගැන විස්තර හොයන්න අපි යාපනේ වටේම ඇවිද්දා. මිනිස්සු එක්ක කතා කර කර ඒ විදියට යාපනේ වටේ ඇවිදිද්දී තමයි මේ අහඹු අත්දැකීම විඳගන්න අපට අවස්ථාව ලැබුණේ. කයිට්ස් හරහා කුරිකට්ටුවාන් ජැටිය දක්වා ගමන් කරන පාර පටන්- ගන්නේ යාපනේ කොටුව ළඟින්මයි. නිල් පාට මුහුද මැද්දෙන් වැටිලා තියෙන මේ පාර දිගේ ගමන් කරන එකත් හරිම සුන්දර අත්දැකීමක්. මේ පුංචි ගොඩබිම් තීරුවෙන් තමයි කයිට්ස් දූපත යාපනේ අර්ධද්වීපය එක්ක සම්බන්ධ වෙන්නේ. යාපනේ ගිහින් නාගදීපේ ගිය කෙනෙක් නම් මේ පාරේ ගිහින් ඇති. කුරිකඞ්ඩුවාන් ජැටියෙන් තමයි නාගදීපෙට යන බෝට්ටු සේවාව පටන්ගන්නේ. නාගදීපේ විතරක් නෙවෙයි ඩෙල්ෆ්ට්, කච්චතිව් වගේ දූපත්වලට යන බෝට්ටු පටන්ගන්නෙත් කුරිකඞ්ඩුවාන් ජැටියෙන් තමයි. ඒත් කයිට්ස් හරහා කුරිකඞ්ඩුවාන් ජැටියට යන කෙනකුට කයිට්ස් නගරය හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක වෙනම ගමනක්.

කයිට්ස් කියන්නේ බොහොම පුංචි නගරයක්. යාපනේ අනෙක් නගර යුද්ධෙන් පස්සේ සංවර්ධනය වෙලා තියෙන විදිය දකිද්දී, ඊට සාපේක්ෂව කයිට්ස් දියුණු වෙලා මදිද කියලත් හිතෙනවා. කයිට්ස් නගරයේදි හම්බවෙන මිනිස්සු එක්ක කතා කර කර අපි කයිට්ස් ජැටිය පැත්තට ඇවිදගෙන යද්දී දැක්කේ ටිකක් වෙනස් විදියේ දර්ශනයක්. මහා සෙනඟක් පටවගත්ත යාත්‍රාවක් මුහුද මැද ඉඳන් ගොඩබිම දෙසට එනවා. ඒ යාත්‍රාවේ මිනිස්සු විතරක් නෙවෙයි බයිසිකල්, ත්‍රිරෝද රථ එහෙමත් පටවලා තියෙනවා. මේ වෙද්දී වැඩිය දකින්න නැතත් ඉස්සර අපේ රටේ සමහර තැන්වල ගංගා හරහා ගමන් කළ පාලම් පාරු මතකද? කයිට්ස්වලදි අපි දැක්ක යාත්‍රාවත් පාලම් පාරුවකට ටිකක් සමානයි. හැබැයි සාම්ප්‍රාදායික පාලම් පාරුව වගේ මේක අදින්න කඹයක් නම් නැහැ. මේ යාත්‍රාව ගමන් කරන්නේ එන්ජිමකින්. මේ යාත්‍රාවට ෆෙරි යාත්‍රාවක් කියලා කිව්වොත් වැරැදි නැහැ කියලයි මම හිතන්නේ.

මුහුද මැද ඉඳන් ආව යාත්‍රාව කයිට්ස් ජැටියට ආවට පස්සේ තමයි අපි මේ හැම දෙයක්ම හරියටම දැක්කේ. මේ මොකක්ද, මේකෙන් වෙන්නේ මොකක්ද කියන එක ගැන හොයන්න ගත්තෙත් ඊට පස්සේ තමයි. කරෙයිනගර් කියන්නෙත් යාපනය අර්ධද්වීපය වටේ පිහිටි ගොඩබිමෙන් සම්බන්ධ දූපතක්. යාපන නගරයට උතුරු පැත්තෙන් තමයි කරෙයිනගර් දූපතට යන මාර්ගය වැටිලා තියෙන්නේ. කරෙයිනගර් දූපතේ ජීවත් වන කෙනකුට ගොඩබිමෙන් කයිට්ස් දූපතට එන්න සෑහෙන දුරක් ගෙවන්න ඕනේ. ඒ වගේම ඒ ගමනට සෑහෙන වෙලාවකුත් යනවා. හැබැයි කයිට්ස් සහ කරෙයිනගර් අතර එහෙ මෙහෙ යන මේ යාත්‍රාවට ගොඩවුණා නම් ඒ ගමන ඉතාම ඉක්මන්. ඒ වගේම පහසුයි. මේ යාත්‍රාවට තමන්ගේ වාහනත් පටවගන්න පුළුවන් හින්දා ඒක තවත් පහසුයි.

කයිට්ස්වලට ආව පාරෙන්ම ආපහු යාපනේ යන්න හිතාගෙන හිටිය අපිත් මේ යාත්‍රාව දැක්ක ගමන් ගමනේ සැලසුම වෙනස් කළා. ඒ යාත්‍රාවේ ගිහින් ඒ අත්දැකීම විඳගන්න අපට ලොකු ආශාවක් ආවා. දූපත් අතරේ එහේ මෙහේ යන ජනතාවත් එක්ක අපේ වාහනෙත් ඒ යාත්‍රාවට පැටවුණා.

ඒ ගමන හරිම ලස්සන එකක්. ගොඩබිම් දෙක අතර දුර ගොඩක් නැති වුණත්, ඒක හරි සුන්දර අත්දැකීමක්. අපට එක් පැත්තකින් පේන්න තිබුණේ අනවසරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම නිසාවෙන් අත්අඩංගුවට පත්වුණු ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක්. අනෙක් පැත්තෙන් රාත්‍රියට මුහුදු යන්න බලාගෙන ඉන්න ධීවර යාත්‍රා කිහිපයක් දකින්න තිබුණා. ඒ වගේම ටිකක් ඈතට වෙන්න තවත් අපූරු වගේම වැදගත් ස්ථානයකුත් අපට පේන්න තිබුණා. මේ වෙද්දී සංචාරක හෝටලයක් බවට පත්කරලා, නාවික හමුදාව යටතේ පාලනය වන හැමන්හිල් සිරගෙදර තමයි ඒ.
කයිට්ස් ජැටියේ ඉඳන් කරෙයිනගර් ජැටියට එන්න ගතවෙන්නේ විනාඩි 20ක විතර කාලයක්. වටපිට බල බලා යාත්‍රාවේ ඉන්න ජනතාවත් එක්ක පුළුවන් විදියට කතාබහ කර කර එද්දි අපි නොදැනීම ගමනාන්තයට ඇවිත්.

දැන් ඉතින් වාහනේ අරගෙන අනෙක් පැත්තෙන් ගොඩබිමට බහින්නයි තියෙන්නේ. ඒත් යතුර ඇතුළේ තියෙද්දී ජීවන අතින් අපේ කාර් එක ලොක්වෙලා. දැන් ඉතින් කොහොමද යන්නේ? ආව මිනිස්සු ටික බැහැලා ගියා. ආපහු අනෙක් පැත්තට යන්න තවත් පිරිසක් යාත්‍රාවට ගොඩවුණා. එතැන ඉඳන් ඒක එකම යුද්ධයක්. හැමෝම දන්න විදියට කාර් එකේ දොර අරින්න හදනවා. එපා කියන්නත් බැරි හා කියන්නත් බැරි ඒ එක එක ක්‍රම දිහා අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ට්‍රයි කරලා ට්‍රයි කරලා කොහොම හරි කාර් එකේ දොර ඇරගනිද්දී අපි ආපහු කයිට්ස් පැත්තටත් ඇවිත්. මොනවා වුණත් ඒ වෙලාවේ ඒ නන්නාඳුනන මිනිස්සු අපට කරපු උදව් නම් පුදුමාකාරයි කියලා කියන්න ඕනේ. ඒ මිනිසුන්ගෙම උදව්වෙන් කොහොම හරි දොර ඇරියේ නැත්නම් අපට තව කීපාරක් දූපත් දෙක අතරේ එහෙ මෙහෙ යන්න වෙයිද දන්නේ නැහැ.
කාර් එකේ දොර ඇරගනිද්දී අපි කයිට්ස් පැත්තේ හිටියේ හින්දා කොහොමත් එකයි කියලා ආපහු පාරක් අනෙත් පැත්තටම ගිහින් යාපනේ යන්න අපි තීරණය කළා. කරෙයිනගර් ජැටියට තමයි ඊට පස්සේ අපි ගොඩබැස්සේ. එතැන ඉඳන් ආපහු ප්‍රධාන මාර්ගය දිගේ යාපනේයට යන්න පුළුවන්. යාපනේ යන කවුරුත් යන කසුරිනා මුහුදු වෙරළ පිහිටලා තියෙන්නෙත් මේ කරෙයිනගර් දූපතේම තමයි.

කලින් දැනගෙන හිටියේ නැති මේ අපූරු ප්‍රවාහන සේවය ගැන තව ටිකක් විස්තර අපට දැනගන්න පුළුවන් වුණා. ඒ තොරතුරුවලට අනුව කයිට්ස් – කරෙයිනගර් අතර විතරක් නෙවෙයි කයිට්ස් දූපතට තරමක් ඈතින් පිහිටි අනලතිවු, එලුවිතිවු වගේ දූපත්වලටත් මේ ෆෙරි සේවය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඒ දූපත්වල ජීවත් වන ජනතාවට තියෙන එකම ප්‍රවාහන ක්‍රමය වෙන්නෙත් මේ ෆෙරි සේවය විතරයි. හැමදාම යාපනේ ගියාම අලුත් දෙයක් හම්බවෙනවා කියලනේ මේ කතාව පටන්ගත්තේ. දැන් අපට ඊළඟ සැරේ යාපනේ ගියාමත් අත්විඳින්න අලුත් අත්දැකීමක් තියෙනවා. ඒ තමයි ෆෙරියක නැඟලා අනලතිවු හරි එලුවිතිවු හරි ගිහින් එන එක.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පත්තිනි මෑණියන් ඔබේ නිවෙසට වඩින දවස

Next Post

නොවැම්බර් 05 ගුරු මාරුවෙන් ඔබට – රටට වෙන්න යන දේ

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.