ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතාගේ අභාවයෙන් පසු ඉකුත් සමයේදී ජිප්සීස් සංගීත කණ්ඩායම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද නැද්ද සම්බන්ධයෙන් දැඩි සාකච්ජාවක් පෙරේරා පවුලේ සහෝදරයන් අතර පැවතිණ.
එහිදී සුනිල් පෙරේරාගේ පුතා වන ගයාන් පෙරේරා පවා සදහන් කොට තිබුණේ තමන් ජිප්සීස් කණ්ඩායමට සම්බන්ධ නොවන බවකි.
කෙසේවෙතත් අවසානයේදී ජිප්සීස් ආරම්භක සාමාජිකයකු වන පියල් පෙරේරා තීන්දු කොට ඇත්තේ සිය සහෝදරයාගේ එකම බලාපොරෛාත්තුව වූ ජිප්සීස් කණ්ඩායම තවදුරටත් ඉදිරියට රැගෛන යාමටය.
විශේෂයෙන්ම සුනිල් පෙරේරා ජීවතුන් අතර සිටියදීී බාරගත් වැඩකටයුතු රාශියක් තිබීමද ඒ සදහා හේතු වී තිබේ.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන සියලුම ජිප්සීස් සංගීත ප්‍රසංගවලදී සුනිල් පෙරේරා පැළදි හිස්වැසුම සමග එම ප්‍රසංග පැවැත්වීමට පියල් පෙරේරා තීන්දු කොට ඇත.










