• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

විජයබා කොල්ලයේ ඇත්ත කතාව

November 5, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
විජයබා කොල්ලයේ ඇත්ත කතාව
Share on WhatsAppShare on Facebook

කෝට්ටේ රාජධානිය යනු මෙරට ගොඩනැංවූ අද්විතීය පාලන මධ්‍යස්ථානයක් වශයෙන් නම් කළ හැකිය. එහි ගෞරවය හිමිවන්නේ ගම්පොල යුගයේදී රාජ්‍ය විචාල තෙවැනි විජයබාහු රජුගේ සේනාධිපතිව සිටි අලගක්කෝණාර හෝ ඔහුගෙන් පැවැත එන කෙනෙකුටය.
කවුරුන් හෝ වුවද ඔහු හඳුනාගැනෙන්නේ අලගක්කෝණාර යන නාමයෙන්මය. මේ කාලයේදී යාපාපටුන ඇතුළු උතුරුකරයත් වයඹ ආදී ප්‍රදේශත් පාලනය කළේ ආර්යචක්‍රවර්ති නම් බලසම්පන්න ද්‍රවිඩයකු ඇතුළු සේනාවක් විසිනි. ඔවුන්ගේ බල පරාක්‍රමය ක්‍රමයෙන් රට මැදට පැමිණීම පිළිබඳ ඉව වැටුණු අලගක්කෝණාර ඔවුන්ගෙන් බේරීම සඳහා කෝට්ටයක් නිර්මාණය කළ අතර එය පසුකාලීනව කෝට්ටේ රාජධානිය නමින් වර්ධනය විය. එහි පාලන බලය ලබාගන්නේ සයවැනි පරාක්‍රමබාහු රජුය. ඔහුගේ දීර්ඝකාලීන පාලනයෙන් පසු ක්‍රමයෙන් රාජධානිය පරිහානියට පත්විය.

කෝට්ටේ රාජධානිය ආරම්භ වී වර්ෂ සියයක්වත් යෑමට මත්තෙන් මෙරටට යුරෝපීය ජාතිකයන්ගේ බලපෑම ලැබිණි. ඔවුන් මෙහි පැමිණ මුහුදුබඩ පළාත්වල බොහෝ විෂමතා ඇතිකළ අතර එය රටේ බලාධිකාරයටද මරු පහරක් විය. මේ අතර ක්‍රිස්තු වර්ෂ 1509 දී රාජ්‍ය ලබාගන්නේ සයවැනි විජයබාහු රජුය. ඔහු වර්ෂ 12ක් තරම් වූ කාලයක් රාජ්‍ය පාලනය කළ අතර ඔහු හා ඔහුගේ සහෝදරයා වූ රාජසිංහ විවාහ වී සිටියේ එක බිසවක් සමඟිනි. රාජසිංහ මියගිය අතර ඔවුන් දෙදෙනාගේ බිරියට දරුවන් තිදෙනෙක් වූහ. ඒ බුවනෙකබාහු, රයිගම්බණ්ඩාර සහ මායාදුන්නේය. මේ අතර රජතුමා කලක් ගතවීමේදී කීරවැල්ලේ පරපුරෙන් බිසවක විවාහ කරගත් අතර ඇයට ඒ වන විටත් පුතෙක් සිටි අතර ඔහු ‘දේවරාජ’ නමින් හැඳින්වීය.

විජයබාහු රාජ්‍ය බලය ලබාගන්නා විට පෘතුගීසීන් මෙහි පැමිණ වර්ෂ 4කටත් වැඩි කලක් ගත වී ගොස්ය. මේ වන විට ඔවුන් මෙරට වෙළෙඳාම් කටයුතුවලට තදින්ම සම්බන්ධ වී සිටි බව පෙනේ. ඔවුන්ගේ වෙළෙඳාම් කටයුතුවලින් රජයට ද ලාභයක් ලැබිණි. මේ කාලය වන විට ලොරොන්සෝ අල්මේදා නම් වූ තැනැත්තා කොළඹ කොටුවේ කුඩා දේවස්ථානයක් පිහිටුවා තිබූ අතර වෙරළේ ගල්කුලක පෘතුගීසි ලාංඡනයද කොටා තිබිණි. ක්‍රමයෙන් කුඩා පුත්තු තරුණ වියට පත්වෙමින් පැවති අතර මේ වන විට විජයබාහු තම පියතුමා සමග සමීපව කටයුතු කළ ඒකනායක, කඳුරේ බණ්ඩාර ආදීන් සමගද අමනාපකමක් ඇති කරගෙන සිටියේය. මේ අතර පසුව විවාහ කරගත් බිසවගේ පුතා වූ දේවරාජද විජයබාහුගේ සිත දිනාගෙන සිටියේය. කඳුරේ බණ්ඩාරත් ඒකනායකත් විජයබාහුත් අතර ඇතිවුණු කතිකාවෙන් පසුව ඔවුන්ගේ තීරණය වූයේ විජයබාහු රජුගෙන් පසු රාජ්‍ය බලය දේවරාජට ලබාදීම සුදුසු බවය.

ඉහතින් සිදු වූ කතිකාව හා තීරණය කුමාරවරුන් තිදෙනාටද ආරංචි වූ බැවින් ඔවුන් තිදෙනා රජුට හා එකී තීරණයට එරෙහිවී රජ මාලිගාවෙන් පළා ගියහ. මෙම කටයුත්තේදී මායාදුන්නේ ඉතා විමසිලිවන්තව කටයුතු කළ අතර බුවනෙකබාහු සහ රයිගම්බණ්ඩාර තම සහෝදරයන් දෙදෙනා යාපාපටුන වෙත යොමු කොට ඔහු ගියේ මහනුවර ප්‍රාදේශීය පාලකයා වූ ජයවීර බණ්ඩාර හමුවීමටය. එහි ගොස් තමන්ට සිදුවීමට යන අනර්ථකාරී, අසාධාරණ ක්‍රියාව පිළිබඳ සැලකර සිටියේය. මේ වේලාවේදී කළයුත්තේ කුමක්දැයි නිශ්චය කරගත් මායාදුන්නේ ඒ තීරණය ක්‍රියාත්මක කිරීම උදෙසා ජයවීරගෙන් සේනාවක් ඉල්ලා සිටියේය. ඔහුද ඊට අකැමැති නොවූ අතර ලබාදුන් සේනාවද ගෙන මායාදුන්නේ කැලණියට පැමිණ එහි කඳවුරු බැඳගත්තේය. මේ අතර රයිගම් බණ්ඩාරත් බුවනෙකබාහුත් යාපාපටුනෙන් සේනාවක් සංවිධාන කොටගෙන පැමිණ කැලණියේ මායාදුන්නේගේ සේනාව සමග එකතු වූහ.

මෙකී පුවත විජයබාහු රජුට සැලවීමෙන් පසු තම සේනාව රාජ මාලිගාවට කැඳවා වහාම සතුරන්ට පහරදිය යුතු බව දැන්වීය. රජතුමාගේ නියෝගය ක්‍රියාත්මක කළ සේනාධිපති තම සේනාව මුල්ලේරියාව උතුරු ප්‍රදේශයට පිටත් කර හැරියත් එහි ගිය පිරිස යුද්ධ කරන්නේ කා සමගදැයි කියා කිසි තොරතුරක් දැන සිටියේ නැත. එහිදී ඔවුන් දැනගත්තේ තමන් යුද්ධ කරන්නේ රජතුමාගේම දරුවන් සමග බවයි. එය දැනගැනීමෙන් පසු රජ කුමාරවරුන් සමග තමන්ට යුද්ධ කිරීමට නොහැකි බව පවසමින් ඔවුහු යුද්ධයට යෑම ප්‍රතික්ෂේප කළහ. සේනාධිපතිත් මේ කරුණ නිසා එකී සේනාව විසුරුවා එහිදී සිදුවූ දේ වහාම රජුට සැල කර සිටියේය.

විජයබාහු රජුගේ සේනාව තමන් සමග යුධ කිරීම ප්‍රතික්ෂේප කළ බව දැනගැනීමෙන් පසු මායාදුන්නේ ඇතුළු සහෝදර පිරිස අතිශයින් සතුටට පත්වූහ. මාලිගාවට පණිවුඩයක් යැවූ ඔවුන් දන්වා සිටියේ කෝට්ටේ රාජ්‍යයට එරෙහිව යුධ නොවැදීමට නම් ඒකනායකත් කඳුරේ බණ්ඩාරත් තමන් වෙත එවන ලෙසයි. ඒ අනුව ඔවුන් දෙදෙනා රජු එවූ නමුත් ඒකනායක උපායක් යොදා එයින් ගැලවී ගියේය. නමුත් කඳුරේ බණ්ඩාර මායාදුන්නේ වෙත ගිය අතර එහි පිරිස එකතු වී තලා පෙළා හිංසා කොට ඔහු ඝාතනය කළහ. එතැනින් නොනැවතුණු ඔවුහු සේනාව පිරිවරා කෝට්ටේ රජ මාලිගය වැටලූහ. මේ වන විට රජුගේ සේනාව එතරම් බලසම්පන්නව සිටියේ නැත. එසේම ඔවුහු රජුගේ පුතුන් සමග යුධ කිරීමට කැමති වූයේද නැත. මේ නිසා මාලිගය වැටලූ කුමරුන් ඇතුළු සේනාව මාලිගයේ තිබූ පෙට්ටගම්, රාජ්‍ය භාණ්ඩ, රන්රිදී, මුතුමැණික් ආදී වටිනා කියන දෑ සියල්ල පැහැර ගත්තාහ. මේ අතර රජු මෙකී සිදුවීමෙන් බිය වී ජීවිතය ආරක්ෂා කරගැනීම පිණිස රජ මාලිගාවේ එක් රහස් කුටියක සැඟව සිටි අතර රජ මාලිගාවේ සේවය කළ සල්මාන් නම් පෘතුගීසි කුලී හේවායකු යොදවා රජතුමා ඝාතනය කරවන ලදී. මෙකී සිදුවීමයි ‘විජයබා කොල්ලය’ නමින් ඉතා ජනප්‍රියව පවතින්නේ. ඉන් පසු සහෝදරයන්ගේ කැමැත්ත මත රජකම ලබාගන්නේ වැඩිමල් සහෝදරයා වූ බුවනෙකබාහුයි. ඔහු හත්වැනි බුවනෙකබාහු නමින් රාජ්‍යත්වයට පත්වන අතර සතර කෝරලේ මායාදුන්නේත් රයිගම ප්‍රදේශය රයිගම් බණ්ඩාරටත් ලබාදුන්නේය. මේ සියලු කටයුතු සඳහා සම්බන්ධ වූයේ මහනුවර ප්‍රාදේශීය පාලකයා වූ ජයබාහුය.

රාජකීය පණ්ඩිත පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

අත්දුටු සත්‍ය වූ නිමිති සහ පෙරනිමිති

Next Post

රටක් වසඟ කළ ජයන්ත දාස්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.