චීනයේ සිට කාබනික පොහොර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති අතර ලබන 25 වැනිදා එය ලංකාවට පැමිණීමට නියමිත බව හේමකුමාර නානායක්කාර මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එම නෞකාව පසුගිය සැප්තැම්බර් 22 දා චීනයේ චන්ඩාගෝ වරායෙන් පිටත්ව ඇති බවයි.
නෞකා දත්ත තොරතුරු පද්ධතියෙන් මෙම නැවේ ගමන තහවුරු වී ඇතැයි ද එම වාර්තාව කියා සිටී.
මෙම නෞකාව පැනමියානු ධජය සහිත නෞකාවක් වන අතර එය සිංගප්පූරු වරායේ නැංගුරම් ලා ඇති අතර දැනට මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ලංකාව දෙසට ගමන් කරමින් පවතින බව කියවේ
චීනයේ Qingdao Seawin Biotech Group Ltd. හි ‘Hippo Spirit’ නමින් මෙට්‍රික් ටොන් 20,000 ක කාබනික පොහොර මේ වන විටත් නැවේ ඇති බව පැවසෙන අතර චීන කාබනික පොහොර සාම්පල් පිළිබඳව පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන විට චීන කාබනික පොහොර අඩංගු යාත්‍රාව ගමන් කිරීමට සූදානම්ව තිබුණු බව මීට පෙරත් වාර්තා කොට තිබිණ.
මෙම යාත්‍රාව සැප්තැම්බර් 2 දා සිංගප්පූරුවටත්, පසුව දින 3-4 ක් තුළදී ශ්‍රී ලංකාවටත් පැමිණෙනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් තහවුරු කළ බව මාධ්‍ය වාර්තා පළ කර තිබිණ.










