• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනමාල ඇමැති මට්ටු කරපු අද්භූත ලිපිය කාගෙද?

October 18, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
මනමාල ඇමැති මට්ටු කරපු අද්භූත ලිපිය කාගෙද?
Share on WhatsAppShare on Facebook

එවකට ප්‍රධාන අමාත්‍යාංශයක් භාරව කටයුතු කළ හෙතෙම රටේ පිළිගත් ඇමැතිවරයකු වූ අතර, බොහෝ පිරිසක් නොදන්නා මුත් ඔහු ගැන දන්නා සමීපතමයන්ට අනුව මේ ඇමැතිවරයා මනමාල ඇමැති ලෙස ප්‍රසිද්ධව සිටියේය. තරුණියන් පෙනෙන්නට බැරි අමුතු රෝගයක් ඔහුට ඇතැයි තතු දනනෝ දැන සිටියහ. මේ ඇමැතිගෙන් වැඩක් කරවාගන්නට නම් කාන්තාවක ඉදිරියට එවිය යුතු යන්නත් තවත් පිරිසකගේ අදහස විය.

කාලෙන් කාලෙට විවිධ උප්පරවැට්ටි යොදා තරුණියන් තම වසඟයට ගන්නා මොහු බොහෝ දුරට රැකියා ලබාගන්නට එන තරුණියන්වද සිය වසඟයට ගත්තේය. අහවල් ඇමැතිගෙන් ලියුමක් අරගත්තොත් රැකියාව ෂුවර් යැයි තරුණියන් දිරිමත් කරන හෙංචයියන් පිරිසක්ද මේ ඇමැති වටා සිටියේය. ඇමැතිවරයාගෙන් පොඩි පොඩි වාසි ලබාගන්නා මේ ගෝලබාල පිරිසද ඉතා කැමැත්තෙන් සිය රාජකාරිය නොපිරිහෙළා ඉටුකළහ.

මේ අතරේ ඇමැතිවරයා නිසා අපහසුතාවට සහ අසරණභාවයට පත් තරුණියන් පිරිසද විශාලය. මේ ඇමැතිවරයාට රට වටේ දරුවෝ සිටිනවා යැයි ඇතැම් පිරිස් සමච්චල් කළද එහි යම් ඇත්තක්ද ඇති බව තතු දන්නෝ දැන සිටියහ.

මේ අතර එවක පැවැති රජයේ විශේෂ සාදයක් සංවිධාන කෙරුණේ මෙරට ප්‍රධාන පෙළේ හෝටලයක් කේන්දර කරගනිමිනි. ඊට රජයේ ඉහළ මැති ඇමැති මන්ත්‍රීවරු මෙන්ම සියලු ප්‍රභූ පවුල්වල පිරිස්ද සහභාගි වීමට නියමිතව තිබිණි. ඒ සඳහා විශේෂ ආරාධනා පත්‍රයකුත් සැකසිණි. එම ආරාධනා පත්‍රය ඒ ඒ අමාත්‍යවරුන්ට සහ ඒ අයගේ හිතවතුන්ට යැවීම පිණිස අදාළ ඇමැතිවරුන්ටම පැවරිණි. ඒ අනුව එක් අමාත්‍යවරයකුට ආරාධනා පත්‍ර විසිපහ බැගින්ද හිමිවිය. එම ආරාධනා පත්‍ර සිය අමාත්‍යාංශයේ වගකිව යුතු පුද්ගලයන්ට යැවීමට උපදෙස්ද ලැබී තිබිණි.

උත්සවය සඳහා නියමිත දිනය එළඹුණේය. මැති ඇමැති ප්‍රභූ පිරිස් මධුවිත තොලගාමින් සතුටු සාමීචියේ යෙදුණේය. ඒ අතර පෙර කී අමාත්‍යවරයා කලින්ම සූර්වී සිටියේය. බෝතලයක් බිව්වත් වැටෙන්නේ නැතැයි කී ඇමැතිවරයා එදා කලින්ම වෙරිවීම කාටත් ප්‍රශ්නයක් විය. මේ වෙරිවීම ගැන අමාත්‍යවරයාගේ බිරිය පසුවූයේ තරමක කේන්තියකිනි. ඇය ඒ බව සඟවාගනිමින් සිටින්නට උත්සාහ කළේ සැමියාගේ අමාත්‍ය තනතුර වටිනා නිසාය.

මේ අතරවාරයේ හදිසියේම පැමිණි කාන්තාවක් බීමත්ව සිටි ඇමැතිවරයා අසලට ආවේ සිනාසෙමිනි. ‘රෝෂිණී…’ ඇමැතිවරයා මනමාල සිනාවක් පාමින් අර කාන්තාවගේ අතින් අල්ලාගෙන තමා අසල වාඩිකරවා ගත්තේ බිරිය සිටින වග අමතකව ගියාක් මෙනි.

‘ඔයා කොහොමද ආවේ…?’

ඇමැතිවරයා සතුටින් අසයි.

‘ඇයි මට ආරාධනාවක් එවලා තිබුණේ…’

කාන්තාව පිළිතුරු දුන්නේ බෑගය අදිමිනි. එහෙත් කලබලේට ආරාධනා පත හමු නොවීය. ආරාධනා පත නොමැතිව ඇතුළු වීමට නොහැකි බව ඇමැතිවරයා දැන සිටියේය.

එහෙත් තමා ඇයට ආරාධනා පත්‍රයක් නොයැවූ බව ඔහුට වෙරිමතින් වුවද මතකයේ විය.

‘හා හා කමක් නෑ ඔයා ආපු එක හොඳයි. අපි විනෝද වෙමු… විනෝද වෙමු….’

හෙතෙම එසේ කියා නටමින් සිටි පිරිස අතරට යන්න සූදානම් වෙද්දී තවත් කාන්තාවක් ඔහු අසලට ආවාය.

‘ආ… දයානි…’

ඇමැතිවරයා ඇයවද නම කියා පිළිගත්තේය. මෙලෙස කාන්තාවන් හයදෙනකු ඔහු හමුවට ආවේ විටින් විට වුවත් අවසානයේ සියලු කාන්තාවන් සහ බිරියද සිටින තැන ඇමැතිවරයා තමා ගැන හරි අපූරු පාපොච්චාරණයක් කළේ වෙරිමතින් කරන අඳෝනාවක් මෙනි.

අවසානයට ඇමැතිවරයා මේ සියලු කාන්තාවන් සමග අනියම් සබඳතා පවත්වා ඇති බව හෙළිවුණේය. එම කාන්තාවන්ට ලිපි යැවූ කෙනෙක් සොයාගත නොහැකි වූ අතර එම මොහොතින් පසු කාන්තාවන්ගේ බෑග් තුළ වූ ආරාධනා පත්‍ර අතුරුදන් වීමද විමතියට කරුණක් විය. එය කෙසේ සිදුවූවාවද යන්න සොයාගැනීම අපහසු වුවද එදිනම ඇමැතිවරයාගේ බිරිය සිය මවුපියන් සතු මහ ගෙදරට ගිය බවට රාවයක් පැතිර ගියේය.

මේ අතර ඇමැතිවරයා යම් මානසික ආබාධයකට පත්ව ඇති බවකුත් නිතර නිතර දොඩවන ස්වභාවයකුත් ඇතිවීමෙන් ඔහුව බණ්ඩාර කපු මහතා වෙත කැඳවාගෙන එන්නට කටයුතු කර ඇත්තේ ඇමැතිවරයාගේ මිතුරෙකි.

මියගිය තරුණියකගේ ශාපයට ඇමැතිවරයා හසුව ඇති බවත්, ඇගේ ආත්මය ඇමැතිවරයා පසුපස එන බවත් වටහා ගත් බණ්ඩාර කපුමහතා ඒ සඳහා අවශ්‍ය පිළිවෙත් කර ඇගේ ශාපයෙන් ඔහුව මුදාගෙන සහනය සලසා දීමට කටයුතු කර තිබේ. අද මේ ඇමැතිවරයා නැතත්, තතු දන්නෝ තවමත් ඇමැතිවරයා ගැන තමාගෙන් අසන්නට අමතක කරන්නේ නැති බව බණ්ඩාර මහතා පවසයි.

සත්‍ය කතාවකි
නම්ගම් මනඃකල්පිතයි
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ලියුමේ පලහිලව්වේ ප්‍රතිපලයක්ද? පෝට් සිටි කොමිසමේ නීති උපදේශක ඉල්ලා අස්වෙයි!

Next Post

DFCC බැංකුවෙන් නැවතත් ‘සැමට ඉංග්‍රීසි’…

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.