අක්කරෙයිපත්තු–පාලමුන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් එම කර්මාන්ත ශාලාවට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
පැරණි ටයර් උපයෝගී කර ගනිමින් තෙල් ප්‍රතිනිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක ඊයේ මෙම ගින්න හටගෙන තිබිණ.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, අක්කරෙයිපත්තුව මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.










