“ලෝක ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක් එල්ලවී ඇතැයි” පසුගිය දා ප්‍රකාශ කළ එක්සත් ජනපදයේ උප ජනාධිපතිනි කමලා හාරිස් “එක්සත් ජනපදය සහ මහා භාරතය ලෝක ප්‍රජාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට බැඳුණු ආයතන ද ඒහා සම්බන්ධ ලෝකයේ සියලුම ප්‍රජතන්ත්‍රවාදී රටවල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකිරීම වෙනුවෙන් සහයෝගිත්වයෙන් කටයුතු කළ යුතු බව ද” පසුගිය බ්‍රහස්පතින් දා අවදාරණය කළාය
භාරත අගමැති නරේන්ද්‍රමෝධි පසුගිය දා එක්සත් ජනපදයේ දින තුනක නිල සංචාරයක fදුණේය.එම අවස්ථාවේ දී අගමැතිවරයාගේ ප්‍රථම නිල හමුව සහ සාකච්ඡාව පැවැත් වුයේ ඉන්දීය සම්භවයක් ඇති උප ජනාධිපතිනි කමලා හාරිස් සමගය.ඒ අවස්වේ දී ඇය අගමැති නරේන්ද්‍රමෝධි සමග ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එ සේ ප්‍රකාශ කළාය. කීවාය.
භාරතය වනාහි එක්සත් ජනපදයට ඉතාම අවශ්‍ය සුහදශීලී කොටස්කරුවෙකි.පැතිර පවත්නා කොරෝනා වසංගතයේ දී අපි අපේ දායකත්වය සුහදත්වයෙන් ම බෙදාහදා ගත්තෙමු.
ඉන්දියාව කොරෝනා මර්ධන එන්නත ජාත්‍යන්තරයට සපයන ජීවාත්මක සම්පත් ප්‍රභවයකි.
කොරෝනා වෛරසය ඉතා දරුණු අන්දමින් ඉන්දියාවේ පැතිරයමින් තිබූ අවස්ථාවේ ඒ සඳහා උදව් කිරීමට එක්සත් ජනපදය ඉතා ගෞරවයෙන් ඉදිරිපත් වුනා.එන්නත් සැපයීමේ කාර්යය අප ඉටු කළේ ඒ අපේ වගකීමක් වශයෙනුයි.ඉන්දියාව අදත් දිනකට එන්නත් දස ලක්‍ෂයකට(10,00,000) ආසන්න ප්‍රමාණයක් සපයනවා” යැයි ද ඇය කීවාය.
පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී ඉතා වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කළ බව විදේශ ලේකම් හාෂ් වර්ධන් ෂ්රිංගල් ප්‍රකාශ කෙළේය.
කොරා්නා-19 වෛරස පාලනය,කාලගුණික විපර්යාසය,හිස ඔසවන ත්‍රස්ත බලපෑම,තාක්‍ෂණික සහයෝගිතාව සයිබර් සහ අභ්‍යාකාශ සුරක්‍ෂිතතාව යන කරුණු පිළිබඳව සාකච්ඡාවේදී වැඩි අවධානය කෙරුණු බව ද විදේශ ලේකම්වරයා කීවේය.
චන්ද්‍රසේන මාරසිංහ











