• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොනී ජනකයි-ප්‍රමිතයි එකතු කරගෙන මාතලේ අලුත් වැඩක් පටන් ගනී! (PHOTOS)

October 11, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ජොනී ජනකයි-ප්‍රමිතයි එකතු කරගෙන මාතලේ අලුත් වැඩක් පටන් ගනී! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “ සෞභාග්‍ය යේ දැක්ම ‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය යාථාර්ථයක් කරමින් මාර්ග කි.මි 100,000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පලාපත්වල – ගලේවෙල ( B – 346 ) මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පලාපත්වල දී ආරම්භ කෙරිණි.

පුළුල් කර සංවර්ධනය කරන පලාපත්වල – ගලේවෙල ( B – 346 ) මාර්ගයේ දුර කිලෝ මීටර 30.75 කි. රු.මිලියන 3,552 වැය කරමින් මාස 12 ඇතුලත මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු නිම කිරීමට අපේක්ෂිතය. මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම සිදු කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ….

මේ මාර්ගය කිලෝමීටර් තිහකට වැඩියි. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගිය අවුරුදු පහ ඇතුළත මේ රටේ කිසිම පාරක් සංවර්ධනය වුණේ නැහැ. හදපු පාරවල් විනාශ නොවී රැකගන්නවත් පසුගිය ආණ්ඩුව කටයුතු කලේ නැහැ. ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මේ දිස්ත්‍රික්කයේ පාරවල් සංවර්ධනය කිරීම ගැන පුදුම උනන්දුවක් තිබෙනවා. මෙම මාර්ගය පුළුල් කර සංවර්ධනය කර දෙන ලෙස මාගෙන් ඉල්ලීමක් කලා . මහාමාර්ග අමාත්‍යාංශය විසින් මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 35,000 ක් වෙන් කරලා තියෙනවා. ගොඩක් අය අපිට චෝදනා කරනවා මේ රට සංවර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි ආණ්ඩු බලය ලබා ගන්න කොට අපිට සෑහෙන අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වුනා. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් විනාශ කරපු ආර්ථිකයක් තමයි අපිට ලැබුනේ. පහුගිය යහපාලන ආණ්ඩුව විසින් කරපු හොරකම් නිසා අපේ ආර්ථිකය කඩා ගෙන වැටුණා. මහබැංකුව හොරා කෑවා. මහනුවරට අධිවේගී මාර්ගය හදනවා කියලා කිව්වාට ඒක හැදුවේ නැහැ. දඹුල්ලට අධිවේගී මාර්ගයක් හදනවා කිව්වා ඒක හැදුවේ නැහැ. මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් අපි පාරවල් 670 හදන්න තීරණය කරලා තිබෙනවා.

අපි ජනතාවට වගකීමෙන් කියන්නේ තමුන්නාන්සේලා බලාපොරොත්තු වුණා රට අපි නිර්මාණය කරනවා කියලා. දැනට අපිට පොඩි තාවකාලික ප්‍රශ්න කිහිපයක් තිබෙනවා . කිරි , ගෑස්, වී මිල, වගේ තාවකාලික ප්‍රශ්න. මේ ප්‍රශ්ණ සියල්ල කොවිඩ් අර්බුදය නිසා කළු කඩකාරයින් නිර්මාණය කරපු දේවල් . යම් යම් ආකාරයෙන් හම්බ කර ගන්නවා. මම කියන්නේ මේ සියල්ල තාවකාලික ප්‍රශ්න කියලයි. විපක්ෂ හිතනවනම් මේ තාවකාලික ප්‍රශ්න හරහා ආණ්ඩුවක් වට්ටන්න පුළුවන් කියලා ඒක හීනයක්. අපිට මහ බැංකු හොරා කෑවා කියලා ස්ථිර ප්‍රශ්න නැහැ. මේ රටේ හදවත වගේ තියෙන මහ බැංකුව හොරාකාපු මිනිස්සුන්ව මේ රටේ ජනතාවට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

වැස්සේ තෙමෙන කොට මිනිස්සු දන්නවා මේ තෙමෙන්නේ මහබැංකු හොරාකාපු මිනිස්සුන් කියලා.ඔවුන්ගේ ලේ වලත් තිබෙන්නේ මහබැංකුවේ හොරා කාපු සල්ලි. අපි මේ රටේ ආර්ථිකය වැටෙන්න දුන්නේ නැහැ. එය ස්ථාවරව පවත්වා ගන්න කටයුතු කලා . අපිට ලැබුණු වට්ටපු ආර්ථිකය අතිගරු ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ නිසා මාස දෙකක් වැනි සුළු කාලයකදී නැවත ගොඩනඟා ගත්තා. සරල බදුක්‍රම හරහා තමයි අදටත් මෙම කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවත් මේ රටේ ආර්ථිකය රැකිලා තියෙන්නේ. අපි ජනතාවට කියනවා මේ රට අනිවාර්යෙන්ම දියුණු කරනවා කියලා. ඒ වගේම ඉදිරියට තියෙන ඡන්ද අපි නියතවම ජයග්‍රහණය කරනවා කියලා කියනවා.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් පස් පිඩැල්ලක් කපා මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමයි.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

1257කින් වැඩි කරපු ලිට්‍රෝ ගෑස් යළි 75කින් බස්සයි!

Next Post

සුමන්තිරන් මන්ත්‍රීකම අතාරියි? කිලිනොච්චියේ කුඹුරු රස්සාව තෝරාගනී! (PHOTOS)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper