• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුරෝපා නියෝජිතයන් ලංකාවේ සිටියදීම මනෝහරදාස් පැහැරගෙන! දින 5කට පසු හමුවුණේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන්!

October 2, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
යුරෝපා නියෝජිතයන් ලංකාවේ සිටියදීම මනෝහරදාස් පැහැරගෙන! දින 5කට පසු හමුවුණේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන්!
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලයේ වරෝධ්‍යන් නගර් හි පදිංචි 39 හැවිරිදි මනෝහරදාස් සුභාෂ් නැමති අයෙකු උප්පුවේලි පොලිසියෙන් බවට හඳුන්වාගත් පිරිසක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වූයේ පසුගිය සැප්තැම්බර් 28 වැනි දිනය.

හමුදා පුනරුත්ථාපනය යටතේ වසර දෙකක් රඳවා තබාගෙන නිදහස් කළ මනෝහරදාස් සුභාෂ් එදින උදෑසන 6ට පමණ උප්පුවේලි පොලිසියේ බවට හඳුන්වාගත් සන්නද්ධ පිරිසක් විසින් ඔහුගේ නිවසේ සිටියදී පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල විය.

යුරෝපා සංගමයේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින මොහොතක සිදු වූ මෙම පැහැර ගැනීම ගැන තමන් කිසිත් නොදන්නා බව උප්පුවේලි පොලිසිය ප්‍රකාශ කොට තිබිණ.

මෙම පැහැර ගැනීම ගැන තමන් කිසිත් නොදන්නා බව උප්පුවේලි පොලිසිය මුලින් ප්‍රකාශ කර තිබූ අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී නම කීමෙන් වැලකී සිටි එහි නිලධාරියෙකු දැක්වූ ප්‍රතිචාරය වී තිබුණේ “අපි ඔයාලට විස්තර කියන්න බැදිලා නෑ. සමහරවිට ඔය වගේ සිද්ධියක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දුරකතන වලින් අපි විස්තර කියන්නේ නෑ. වෙලා තියනවනම් පොලිසියට ආවොත් හේතුව කියලා දෙන්න පුළුවන්. පොලීසිය කියලා කාට කරන්න බැරිද?” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමේදී එහි නිලධාරියෙකු සදහන් කළේ මෙම පැහැර ගැනීම සම්බන්ධ තොරතුරක් ඒ වන විට මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට ලැබී නොමැති බවයි.

එහෙත් ත්‍රිකුණාමලයේ විවාහකයකු දැන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉන්නා බව හෙළිවී ඇත.

උප්පුවේලි පොලිසියේ යැයි පැවසූ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් 28 දා උදෑසන පැහැර ගෙන යනු ලැබූ ත්‍රිකුණාමලයේ වරෝධ්‍යන් නගර්හි පදිංචි මනෝහරදාස් සුභාෂ් මේවනවිට අත් අඩංගුවේ සිටින බව දැන් පොලිසිය පවසයි.

පැහැරගෙන යාම සිදුවූ වහාම ඔහුගේ බිරිඳ සහ මව ඒ ගැන ත්‍රිකුණාමලය මානව හිමිකම් කොමිසම් කාර්යාලයට කළ පැමිණිල්ලක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් ප්‍රකාශයට පත් කළ ට්වීටර් සටහනක් උපුටා දක්වමින් කොළඹ මාධ්‍ය කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසා ඇත්තේ සිදුවී ඇත්තේ වරෙන්තුවක් යටතේ ඔහු අත් අඩංගුවට ගැනීම බවයි.

කිසිඳු නිල අවසරයක් නොපෙන්වා සන්නද්ධ පිරිසක් මනෝහරදාස් සුභාෂ් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත්තේ ප්‍රශ්න කොට ආපසු එවන බව පවසමිනි.

“එය පැහැර ගැනීමක් නොවේ. ප්‍රොටෝකෝලය අනුගමනය කරමින් සුභාෂ් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් වරෙන්තු නිකුත් කළා. ඔහු සැකපිට අත්අඩංගුවට ගත්තේ නාරාහේන්පිට රෝහලේ අත්බෝම්බය ගැන කෙරෙන පරීක්‍ෂණ සම්බන්ධයෙන්” යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා පැවසූ බව වාර්තා වේ.

“අපි එයාව ගෙනියන්න දුන්නේ නැති උනාම අපිට තුවක්කු දික්කරලා බලෙන් එයාව අරගෙන ගියා. අපි හේතුවක් ඇහුවාම කිව්වේ එයා ගැන තියෙන සැකයකට පරීක්ෂණයක් තියෙනවා, ඒක ඉවරවුනාම එවනවා කියලා” යි සුභාෂ්ගේ බිරිඳ මාධ්‍ය වෙත පවසා තිබිණ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම ඇතුළු මානව විරෝධී කටයුතු දිගටම සිදුකරන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන්නේදැයි විමර්ශනය කිරීම සඳහා ලංකාවට පැමිණ සිටින පංච පුද්ගල දුත මණ්ඩලය සිය විමර්ශනය ආරම්භ කර තිබුණේ පොලිසිය විසින් සුභාෂ් ගෙනයනු ලැබූ දිනයේදීම වීම විශේෂයකි.

SendShareShare
Previous Post

2024 ජනපති සටන සහ සජිත්ට ගල් ගැසීම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

රස සාගරයක්! යොහානි ඉන්දියාවේදී විනාඩි 17ක අමුතුම තාලේ ඉන්ටවීව් එකක් දෙයි! (VIDEO)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.