• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

2024 ජනපති සටන සහ සජිත්ට ගල් ගැසීම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 2, 2021
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ආණ්ඩුව හදන අලුත්ම ගෝනිබිල්ලා (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ එකම අපේක්‍ෂකයන් දෙදෙනෙක් දෙවතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නැත.

ලංකාවේ පළමු ජනාධිපතිවරණය වූ 1982 ජනාධිපතිවරණයට යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් තරග කළේ ජේ. ආර්. ජයවර්ධනය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂයෙන් තරග කළේ හෙක්ටර් කොබ්බෑකඩුවය.

දෙවැනි ජනාධිපතිවරණය වූ 1988 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් ඉදිරිපත් වූයේ ප්‍රේමදාසය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් වූයේ බණ්ඩාරනායක මැතිනියය.

තෙවැනි ජනාධිපතිවරණය වූ 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව වෙනුවෙන් චන්ද්‍රිකා ඉදිරිපත් විය. විපක්‍ෂයට ගිය යූ.ඇන්.පී.යෙන් ඉදිරිපත් වූයේ ගාමිණී දිසානායකය.

හතර වැනි ජනාධිපතිවරණය වූ 1999දී ආණ්ඩුවෙන් චන්ද්‍රිකා ඉදිරිපත් විය. විපක්‍ෂයෙන් රනිල් ඉදිරිපත් විය.

පස්වන ජනාධිපතිවරණය වූ 2005 ආණ්ඩුවෙන් මහින්ද ඉදිරිපත් විය. විපක්‍ෂයෙන් රනිල් ඉදිරිපත් විය.

හයවන ජනාධිපතිවරණය වූ 2010 ආණ්ඩුවෙන් මහින්දද, විපක්‍ෂයෙන් ෆොන්සේකාද ඉදිරිපත් විය.

හත්වන ජනාධිපතිවරණය වූ 20018 ආණ්ඩුවෙන් මහින්ද ඉදිරිපත් විය. විපක්‍ෂයෙන් මෛත්‍රිපාල ඉදිරිපත් විය.

මේ අනුව චන්ද්‍රිකා දෙවරක්ද, මහින්ද දෙවරක්ද, රනිල් දෙවරක්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත. ඒත් චන්ද්‍රිකාට ජනාධිපතිවරණ දෙකේදීම හමු වූයේ ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයන් දෙදෙනෙකි. මහින්දට හමු වූයේත් ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයන් දෙදෙනෙකි. රනිල්ට හමුවූයේත් ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයන් දෙදෙනෙකි.

ජනාධිපතිවරණ ඉතිහාසයේ අලුත්ම අපේක්‍ෂකයන් දෙදෙනෙක් පළමු වරට තරග කළේ 2019 ජනාධිපතිවරණයේදීය. යූ.ඇන්.පී.යෙන් තරග කළ සජිත් සේම පොදුජන පෙරමුණෙන් තරග කළ ගෝඨාභයද මීට පෙර ජනාධිපතිවරණයට තරග නොකළ අපේක්‍ෂකයන් දෙදෙනෙකි.

එසේම මේ දෙදෙනා 2024 ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් පළමු වරට තරග කළ ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයන් දෙදෙනාම දෙවැනි වරටත් තරග කරන ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය එය වේ.

‘ගෝඨා එරෙහි සජිත් සටන යළි කරළියට එයිද..?’

අද ආණ්ඩුව ඇනගෙන තියෙන විදියට 2024ට ජනාධිපති අපේක්‍ෂකයෙක් තේරීම පොදුජන පෙරමුණට ලොකු ප්‍රශ්නයක් වනු ඇත. හේතුව මේ යන විදියට ගියොත් 2024 පොදුජන පෙරමුණු ආණ්ඩු මළකුණ 2019 යහපාලන ආණ්ඩු මළකුණටත් වඩා දුර්ගන්ධය හමන මළකුණක් වනු ඇත. 2019 සජිත් යහපාලන මළකුණට කර ගැහුවාට 2024 පොදුජන පෙරමුණු මළකුණට කර ගහන්න කවුරුත් ඉදිරිපත් වෙයි කියා සිතිය නොහැකිය. විකල්පයක් නැති නිසා ගෝඨාභයම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි පොදුජන පෙරමුණ කියන්න තියෙන ඉඩකඩ වැඩිය. මන්ද ගෝඨාභය ඉදිරිපත් වීමෙන් තිබෙන එකම වාසිය විධායක ජනාධිපති බලය ජනාධිපතිවරණයේදී පාවිච්චි කිරීමට තිබෙන හැකියාවය. මේ නිසා රාජපක්‍ෂවරුන්ට ගෝඨාභයව ජනාධිපතිවරණයට තල්ලු කිරීම හැර වෙන විකල්පයක් නැත. රාජපක්‍ෂ පවුලේ ආරංචි මාර්ග කියන විදියට මහින්දගේ මතයත්, ගෝඨාභයම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්නය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ්‍ය විමල්ලා, උදයලා, වාසුලා යළිත් රාජපක්‍ෂ පවුලට අපේක්‍ෂකයා තීරණය කිරීමේ බලය දෙයිද..?’

2024 ජනාධිපතිවරණය වන විට මේ යන විදියට ගියොත් රාජපක්‍ෂලා සිටිය යුත්තේ දේශපාලන වශයෙන් අන්ත දුර්වල තැනකය. එතැනදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට, විමල්ලාට, උදයලාට, වාසුලාට කේවල් කිරීමේ බලය වැඩිවනු ඇත. රාජපක්‍ෂ පවුලෙන් පිට හැමෝටම පිළිගත හැකි පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, විමල්, උදය, වාසුලා කීවොත් රාජපක්‍ෂලා එයට එරෙහි වීමට තියෙන ඉඩ වැඩිය. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, විමල්, උදය, වාසුලා වෙනම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමට තියෙන ඉඩකඩ වැඩිය. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට, විමල්ට, උදයට, වාසුලාට යටවී රාජපක්‍ෂ පවුලෙන් පිට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමට රාජපක්‍ෂලා එකඟ වුණත් එකඟ වන්නේ හිතකින් නොවේ. එම අපේක්‍ෂකයා පරද්දන්න රාජපක්‍ෂ පවුල අපේක්‍ෂකයාගේ කකුලෙන් අදින්නටද ඉඩ තිබේ. පක්‍ෂය රාජපක්‍ෂ පවුල තුළ තියා ගන්න ජනාධිපතිවරණය විපක්‍ෂයට ජය ගන්න ඉඩ දී මහ මැතිවරණයෙන් විපක්‍ෂනායකකම හිමිකර ගැනීමට රාජපක්‍ෂලා ගණන් නොහදයි කියා සිතිය නොහැකිය.

මේ මොන තත්ත්වයකදී වුවත් මේ යන විදියට ආණ්ඩුව ගියොත් 2024 ජනාධිපතිවරණයේදී වාසිය සජිත්ගේ සමගි ජනබලවේගයටය. 2019 ජනාධිපතිවරණයේදී සජිත් බැඳුම්කරයේ මඩ සහ පාස්කු බෝම්බයේ ලේ තැවරුණු යහපාලන මළකුණු කරගහගෙන ඡන්ද ලක්‍ෂ 55ක් ගත්තේය. ගෝඨාභය ගත්තේ ඡන්ද ලක්‍ෂ 69කි. සජිත්ට ගෝඨාභයව අල්ලන්න තව ගන්න තියෙන්නේ ඡන්ද ලක්‍ෂ 19කි. ගෝඨාභයට ඒ ඡන්ද ලක්‍ෂ 19 හිමි වූයේ තරුණ සහ පාවෙන ඡන්දවලින්ය. දැනටමත් ඒ ඡන්ද ගෝඨාභයට අහිමි වී ඇත. ඒ ඡන්ද පමණක් නොව 2015 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය වෙද්දී ගත්ත ඡන්ද ලක්‍ෂ 57වත් අද ගෝඨාභයට නැත. මේ ආණ්ඩුව වසර දෙකක් තුළ මහින්දගේ ප්‍රතිරූපය කෑලි කෑලිවලට කඩාබිඳ දමා ඇත. මහින්ද ප්‍රතිරූපය, පාස්කු බෝම්බයට පෙර ජනප්‍රිය වී තිබුණේ කොටි විරෝධය, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට කොන්ද නොනැමීම, දේශීය සම්පත් විදේශිකයන්ට නොවිකිණීම යන සටන්පාඨවලින්ය. පාස්කු බෝම්බයට පසු මුස්ලිම් විරෝධයද මහින්ද ප්‍රතිරූපය ජනප්‍රිය කරවන සටන් පාඨයක් විය. අද මේ සටන් පාඨ කිසිවක් මහින්ද අතේ නැත. ගෝඨා දැනටමත් කොටි ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන්න සූදානම් බව ප්‍රකාශ කොට ඇත. ඇමෙරිකාවට කෙරවලපිටිය බලාගාරයද, ඉන්දියාවට බටහිර වරාය පර්යන්තයද පවරා දී ඇත. මෙයින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට කොන්ද නොනමන සටන් පාඨය සහ දේශීය සම්පත් නොවිකුණන සටන් පාඨය යන සටන් පාඨ දෙකම අවලංගු වී ඇත. ආණ්ඩුවේ අණපනත් සම්මත කර ගැනීමට මුස්ලිම් පක්‍ෂවල මන්ත්‍රීවරු බා ගැනීමෙන්ද, තෙල් ඉල්ලන්නත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ ලංකාවට එරෙහි යෝජනාව පරාජය කරන්න මුස්ලිම් රටවලට කන්නලව් කිරීමෙන්ද ආණ්ඩුවේ මුස්ලිම් විරෝධී සටන් පාඨය විහිළුවක් වී ඇත. ඉතින් ආයෙත් මහින්ද ප්‍රතිරූපයට ඡන්ද එකතු කරන්න පුළුවන් යැයි සිතිය නොහැකිය.

මේ තත්ත්වය තුළ 2024 ජනාධිපතිවරණය සජිත්ට හැම අතින්ම වාසිදායක විය හැකි බව සජිත්වාදීන් මෙන්ම සජිත් විරෝධීන්ද දනී. සජිත් ආණ්ඩුවට ආණ්ඩු කරගන්න බැරි නම් මැතිවරණයක් තියන්න යැයි කී විට අනුර කුමාර පරල වුණේ මැතිවරණයක් තිබ්බොත් සජිත් ගෙඩියම කඩාගන්නා බව දැනගෙනය.

සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ඡන්ද කල් දමන විට ඡන්ද ඉල්ලීම විපක්‍ෂයේ රාජකාරියකි. 1983 උතුරේ යුද්ධය ජේ. ආර්.ට පාලනය කරගන්න බැරි වූ විට විපක්‍ෂයේ නායක අනුර සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකා මැතිනිය ඡන්දයක් තියල ආණ්ඩුව අපිට බාර දෙන්න යැයි කීහ. විජේවීර කීවේ ඡන්දයක් තියන්න කියාය. 2000 මහ ඡන්දය තියා මාස ගණනකින් එල්.ටී.ටී.ඊ.ය කොළඹටම ගහල යාපනය දොරකඩටම ඇවිත් තට්ටු කරන විට චන්ද්‍රිකා ලෝකෙන් උදව් ඉල්ලා හඬා වැටෙන කොට විපක්‍ෂ නායක රනිල් ඇයට රට ආරක්‍ෂා කරගන්න බැරි නම් ඡන්දයක් තියල ආණ්ඩුව තමන්ට බාර දෙන්න යැයි කීවේය. පාස්කු ප්‍රහාරය වේලාවේ මහින්දද ඒ කතාවම කීවේය. ආණ්ඩුවකට ආණ්ඩු කරගන්න බැරි නම් එකම විසඳුම ඡන්දයකට යෑමය. අනුර ඒකට පහර ගැහුවේ සමගි ජනබලවේගය දිනයි කියන බයටය.

අනුර පමණක් නොව රනිල්ද, රාජ්‍ය නොවන සංවිධානද බයේ දඟලන්නේ සජිත් 2024 ගෙඩිය කඩාගනී කියල හිතලාය. එවිට ඔවුන්ට ආණ්ඩුවේ පාලනයක් නැති වෙයි.

‘සජිත් මදි,
සජිත් හරි නැහැ,
සජිත්ට වැඩපිළිවෙළක් නැහැ…
සජිත්ගේ ජනප්‍රියතාවය වැටිලා…’

මෙහෙම කියන්නේ සජිත් භීතිකාවෙන් පෙළෙන්නන්ය. ඔවුන් රාජපක්‍ෂලාගේ අද වීරයන්ය. රාජපක්‍ෂලාට කඩේ යන මාධ්‍ය මේ වීරයන්ව පුම්බන්නේ සජිත්ට ගහල සමඟි ජනබලවේගය කඩල 2024 ඡන්දයක් නොව යුද්ධයක් කරල හරි දිනන්න හිතාගෙනය.

රනිල්ලා, අනුරලා, රාජ්‍ය නොවන සංවිධාන බලාගෙන ඉන්නේ රාජපක්ෂලා සමගි ජන බලවේගය කඩන කොට හුරේ දමන්නටය. කොහොමත් අනුරලා, ප්‍රේමදාසලාට බයය. මන්ද ජවිපෙ මෙන්ම ප්‍රේමදාසලාව ආකර්ෂණය කරන්නේ කුල පීඩක ගමය. මේ නිසා සජිත් සහ සමගි ජන බලවේගය දුර්වල කරන්න රාජපක්ෂලාට හයිය දීලා 2024 අපේක්ෂකයා තෝරන බලය සියතට ගන්න ඔවුන් නොඉවසිලිවත්ව සිටී. එවිට 2015 වගේ ඇමෙරිකාවට සහ ඉන්දියාවට තමන් පසුපස එන්න වෙතැයි ඔවුන් හීන දකියි. 2024 රාජපක්ෂවරු ගෙදර යවන්න ඇමෙරිකාව සහ ඉන්දියාව අවශ්‍ය නැත. ඒ සඳහා නායකත්වය ගන්නේ මහජනතාවය. මහජනතාව නායකත්වය ගන්නා සටනක නායකයා වන්න පුළුවන් මහජන ඡන්දයෙන් විපක්ෂ නායකත්වය දිනාගත් නායකයකුට පමණි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජාවාරම්කරුවන්ගේ බලපෑමට මාව කතරගමට මාරු කළා! තෙලිකඩ OIC පොලිසියටම එරෙහිව උසාවි යයි!

Next Post

යුරෝපා නියෝජිතයන් ලංකාවේ සිටියදීම මනෝහරදාස් පැහැරගෙන! දින 5කට පසු හමුවුණේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන්!

MORE NEWS

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි…’ ඒ වගේ ආදරණීය වචන පෙළක් අහන්න අපි කවුරුත් කැමැතියි. හැබැයි මේ කියන්නට යන්නේ එවැනි ආදර කතාවක...

Read more
මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.