• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාවාරම්කරුවන්ගේ බලපෑමට මාව කතරගමට මාරු කළා! තෙලිකඩ OIC පොලිසියටම එරෙහිව උසාවි යයි!

October 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලීසියේ ‘කළු පුතයි’ ‘සුදු පුතයි’ නිසා පොලීසියම අවුලක
Share on WhatsAppShare on Facebook

ගිං ගඟේ සහ වනාන්තරයේ නීති විරෝධී කටයුතුවල යෙදී සිටි ජාවාරම්කරුවන්ගේ නියෝග මත අසාධාරණ ලෙස තමන් තංගල්ල පොලිස් කොට්ඨාසයට මාරු කර ඇති බව සදහන් කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ තෙලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

දැනට කතරගම පොලිසියට අනුයුක්තව සිටින ප්‍රධාන පරීක්ෂක කේ.එම්.එල්. ජනක ප්‍රියා මහතා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මහජන ආරක්‍ෂක ඇමති සරත් වීරසේකර, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ තවත් කිහිප දෙනෙක් වගඋත්තරකරුවෝ කරමින් මෙම පෙස්සම ගොනු කර ඇත.

පෙත්සම්කරු චෝදනා කළේ සේවා අවශ්‍යතා මත කියමින් තමන් තෙලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරෙන් තංගල්ල පොලිස් කොට්ඨාශයට මාරු කර යවා ඇති නමුත් ඔහුට ස්ථාන මාරුවීමට සැබෑ හේතුව සේවා හිඟකම මත නොව ගිං ගඟේ නීති විරෝධී වැලි ගොඩ දැමීම, තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයේ වනාන්තර තුළ අනවසරයෙන් කැපීම සහ වෙනත් අපරාධ සිදු කිරීම හේතුවෙන් අගතියට පත් පැමිණිලිකරුවන්ගේ (අපරාධකරුවන්ගේ) නියෝග මත මෙම මාරු කිරීම සිදු කොට ඇති බවත්ය.

පෙත්සම්කරු කියා සිටියේ 1993 මාර්තු 3 වන දින තමන් රක්ෂිත උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු අතර ඉතා සංකීර්ණ අපරාධ සහ බොහෝ භයානක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයට සම්බන්ධ වූ බවකි.

පෙත්සම්කරු පවසන්නේ ඔහු තෙලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සිටියදී ගිං ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දැමීම, ප්‍රදේශයේ නීති විරෝධී ලෙස දැව කැපීම, හෙරොයින් ජාවාරම සහ වෙනත් අපරාධ රැසකට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සහ ඔහු යටතේ සිටි නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බවකි.

පෙත්සම්කරු කියා සිටියේ නීති විරෝධී වැලි ගොඩ දැමීම සහ දැව ජාවාරම සිදු කළ අයට ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ සහයෝගය සහ ආවරණය ඇති බව තමා පසුව දැනගත් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මඟින් තමාට සහතික වූ නීතියට සමාන වීමේ හා සමාන ලෙස ආරක්ෂා කිරීමේ මූලික අයිතිවාසිකම පොලිස්පතිවරයා විසින් උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටී.

SendShareShare
Previous Post

සෙලාන් බැංකුව සහ WNPS එක්ව සංවිධාන කළ UPCYCLING තරගයේ ජයග්‍රාහකයෝ නම් කරති

Next Post

2024 ජනපති සටන සහ සජිත්ට ගල් ගැසීම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.