කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අද දිනයේදී ඉන්දීය අදානි සමාගම හා ශ්‍රී ලංකා පාර්ශවය අතර වූ ගිවිසුමට අස්සන් තැබීමට පියවර ගෙන ඇත.
මෙහි දේශීය ආයෝජකයන් වශයෙන් කටයුතු කරන්නේ ජෝන් කීල්ස් සහ වරාය අධිකාරිය වේ.
මෙම ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 700කි.
ඉදිකිරීම, පවත්වාගෙන යාම සහ පැවරීම හෙවත් BOT ක්‍රමයට අනුව බටහිර පර්යන්තයේ මෙම සංවර්ධන කටයුතු සිදුවීමට නියමිතය.
අද දිනයේ මෙම ගිවිසුම අස්සන් තබන ආකාරය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් සජීවීව අන්තර්ජාලය ඔස්සේ නැරඹූ අයුරු පහත ජායාරූපවල පළවේ.












