කැබිනට් මණ්ඩලයේ සිටින ලොකුම විහිළුකාරයා කව්රුන්ද යන්න සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අනාවරණයක් සිදු කළේය.
එහිදී ජයතිස්ස මහතා කියා සිටියේ ඉකුත් සැප්තැම්බර් 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.07ට යුගදනවි බලාගාරය අමෙරිකාවට ලබා දෙන ගිවිසුම අස්සන් කළේ අමෙරිකාවේ රාජකාරී කරන වේලාවට බවට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කීම ලොකුම විහිළුවක් යැයි කියාය.
මෙවැනි විහිළුකාරයන් මීට පෙර කැබිනට් මණ්ඩලවල සිට නැති බවද ඒ මහතා කීය.










