• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් එක කළඹපු – මහ රෑ කොළඹ හොල්මන් කරපු – හිටිහැටියේ මතුවුණු මොකද්ද මේ අමෙරිකාවේ ‘ෆෝට්‍රස්’!

September 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
‘යුගදනවි’ ගන්න යන අමෙරිකාවේ ෆෝට්‍රස් ‘ලක්දනවි’ එක්කත් ගිවිසුම් ගහලා!
Share on WhatsAppShare on Facebook

යක්කු ගස් නඟින වේලාවට ඇත්තේ තවත් එක් හෝරාවක් පමණි. එහෙත් බස්සන්, වවුලන් මේ වන විටත් රාත්‍රියේ අඳුර දෙබෑ කරමින් එළිපෙහෙළියට පැමිණ ඇත. උලමාගේ වගතුග කෙසේ දැයි සොයා ගන්නට නම් ක්‍රමයක් නැත. එසේ වන්නේ ඌ ලතෝනි තබන ශබ්දයක් නම් අසන්නට නැති හෙයිනි. සමහරවිට යක්කු ගස් නැග්ග පසු උලමා කෑ ගසනවා වෙන්නට ඇතිය. යක්කු ගස් නඟින වේලාව ගැන කියන්නේ අපගේ රසබර වූ ජනවහරේය. මේ රාත්‍රිය බියකරු එකක්ද, එසේත් නැතිනම් සුන්දර එකක්ද? බිනර මහ පෝය සදහම් බොහෝ දීප්තිමත්ව අහසේ බැබලෙමින් තිබිණි. වේලාව ටිකෙන් ටික ගෙවී ගොස් යක්කු ගස් නඟින වේලාවට පැමිණියේය. රාත්‍රී 12 කනිසම වැදෙන්නට ගත්තේය. අප කියූ යකාත්, බස්සාත්, වවුලාත්, උලමාත් සිටින මේ මහා අන්ධකාර රාත්‍රියෙහි තවත් නිශාචරයින් පිරිසක් නිදි වරමින් සිටියේය. මුළු මහත් රටම නිදාගත් මේ මොහොතේ ඔවුන්ගේ දෙනෙත් රාත්‍රියේ අඳුර කපා දමමින් දිලිසෙමින්ද තිබුණේය.

පොදු මිනිසාගේ ඇස්වසා දමමින් මහා ගිනි විච්චුම්බරයක් කරන්නට මේ මිනිස් කැල සැදී, පැහැදී සිටියේය. එතැන සිටියේ මෙරට ඇත්තන් සහ ඒරොප්පයෙන් පැමිණි ඇත්තන් පිරිසකි. සමහරු යක්කු ගස් නඟින වේලාව යැයි කියන්නේ මද්දහනටය, තවත් සමහරුන් එය අර්ථකථනය කරන්නේ මධ්‍යම රාත්‍රියටය. කෙසේ හෝ ඒ දෙකෙළවරෙහිම ඇත්තේ වේලාව දහවල් 12 හෝ රාත්‍රි 12හය. මේ කියන්නේ රාත්‍රී 12 කනිසමය. තමන්ගේ කාර්යය සාර්ථක කරන්නට ලකලැහැස්තිව සිටි පිරිස ළහි ළහියේ කොලොම්පුරයේ ශීතල මැඳුරක් තුළදී එයට මුල පිරුවේය. විනාඩියෙන්, විනාඩිය ගතවී මැදියම් රාත්‍රී 12.08 එළැඹියේය. සුවපහසු ලෙස අසුන්ගෙන සිටි දෙරටෙහි ඇත්තෙන්ගෙන් මෙරට ඇත්තන් වූයේ හයිකාර දේශපාලකයන්ය. අනෙක් ඇත්තෝ ඇමෙරිකාවේ මහා ධන කුවේරයන්ය. හරියටම රාත්‍රී 12.08 වන විට ඔවුන් දෙපිරිස එක්තරා ඓතිහාසික ගිවිසුමකට අස්සන් තැබුවේය.

ගිවිසුම අස්සන් කළා පමණි, නිශ්ශබ්දව සැඟවී සිටි උලමා මහත් විනාශයක පෙර නිමිති කියමින් ලතෝනි තබන්නට වූයේය. කුමක්ද මේ ශෝකීය වගතුගක් දිගහැරෙන කතාව? එය තමයි ශ්‍රී ලංකාවේ ‘යුගදනව්’ විදුලි බලාගාරයේ අපේ කාලයේ කතාව නොහොත් ‘යුගදනවි බිලිගත් කතාව.’ මෙම වගතුග පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කරමින් රට තුළින් ඇසෙන්නට විය. එය සැබෑ ලෙසම අහසින් පාත්වූ කතාවක් ලෙස ජනතාව මතට කඩාවැටුණේය. මෙය සැබෑ ලෙසම ජනතාව නිසි අවබෝධයකට පත් නොකෙරුණු කතාවක්ද විය. ‘යුගදනවි’ යන නාමය පවා නොදන්නා ජනතාව රැසක් අපේ රටේ වෙසෙති. ඒ හෙයින් මේ ගැන අවබෝධයකින් යුතුව සොයා බලමු.

මැදියම් රාත්‍රී 12.08ට උලමා ලතෝනි තබද්දී ‘යුගදනවි බිලිගත් කතාව’ සිදු වුණේය. එහෙත් මේ වගතුග ඔබට කියන්නට පෙර ‘යුගදනවි’ යනු කුමක්දැයි සොයා බලමු. ‘යුගදනවි’ යනු මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන විශාලතම විදුලි බලාගාරයයි. මෙය කොළඹ ආසන්න කෙළවරපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති හෙයින් ‘කෙළවරපිටිය විදුලි බලාගාරය’ ලෙසින්ද හඳුන්වනු ලබයි. ‘යුගදනවි’ විදුලි බලාගාරය මේ වන විට මෙගාවොට් 300ක විදුලියක් ජනනය කරණු ලබන අතර, අංශ තුනක් මගින් මෙගාවොට් 100 බැගින් උත්පාදනය කරනු ලබයි. මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම ඉන්ධන (තෙල්) මගිනි. එනම් ඉන්ධන වර්ග තුනක් ආශ්‍රිත කරගනිමිනි. ප්‍රධානතම ඉන්ධන වර්ගය වන්නේ Fuel Oil හෝHeavy Oil වශයෙන් හඳුන්වන ‘බර තෙල්’ වර්ගයයි. දෙවැනි ඉන්ධන වර්ගය වන්නේ Diesel Fuel නොහොත් ‘ඩීසල්’ ඉන්ධනයයි. තෙවැනි ඉන්ධනය වන්නේ Liquefied Natural Gas හෝ ‘LNG’ නොහොත් ‘ද්‍රව ස්වාභාවික වායුවයි.’ මෙය ‘Methane’ (මීතේන්) වායුව වෙයි.

මේ ආකාරයට ඉන්ධන වර්ග 03 භාවිත කරමින්, ‘වාෂ්ප ටර්බයින් තාක්‍ෂණය’ හරහා විදුලිය උත්පාදනය කරනු ලබයි. මෙම වාෂ්ප ටර්බයින ක්‍රියාවලිය මුහුදු සිසිලන ප්‍රභවය හරහා සිසිල් කරනු ලබයි. ලෝකයේ අංක එකට සිටින විදුලි උපකරණ නිෂ්පාදන සමාගමක් වන ඇමෙරිකාවේ ‘ජෙනරල් ඉලෙක්ටි්‍රක්’ සමාගම විසින් මෙම යුගදනවි බලාගාරයේ ‘ටර්බයින්’ යන්ත්‍ර නිෂ්පාදනය කර තිබෙයි. මෙම ‘යුගදනවි’ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2007 වසරේදී මහින්ද රාජපක්‍ෂ රජය යටතේදී වන අතර, එහි නිම කිරීම් කටයුතු 2010 වසරේදී එම රජය යටතේදීම නිම කරන ලදී. මෙම සුවිශාල ව්‍යාපෘතිය සඳහා එකල වැයවූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් බැව් පැවසෙයි. මෙම සුවිශාල මුදලින් යුරෝ මිලියන 152ක මුදලක් HSBC බැංකුව මගින් ණය මුදලක් ලෙස ලබා දී ඇති අතර, ඒ සඳහා ඇමෙරිකාව ප්‍රධාන රටවල් කිහිපයක්ද සහාය දක්වා ඇත.

කෙළවරපිටියේ මුහුදු තීරයට ආශ්‍රිතව අක්කර 25ක භූමිභාගයක ගොඩනඟා තිබෙන යුගදනවි බලාගාරයේ අයිතියෙන් 51%ක කොටස් ප්‍රමාණයක් අයිති වන්නේ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයටය. ඉතිරි 49%ක කොටස් ප්‍රමාණය සේවක අර්ථසාධක අරමුදලටත්, තවත් පුද්ගලික – රාජ්‍ය විදුලි සමාගම් දෙකකටත් අයත් වෙයි. මේ අනුව මුදල් අමාත්‍යාංශය සතු 51%ක කොටස් අයත් වන්නේ මහා භාණ්ඩාගාරයටය. මේ ආකාරයට පෙනී යන්නේ මුළු මහත් බලාගාරයේම බහුතර අයිතිය අත්වන්නේ රජයට බැව්ය. එනම් තවත් ආකාරයකින් කිවතහොත් මෙය රාජ්‍ය දේපොළක් සහ ව්‍යාපෘතියක්ද වෙයි. එසේ නම් දැන් මෙම රාජ්‍ය සම්පතට සිදුවී තිබෙන්නේ කුමක්ද? මෙයට මාස 02කට පමණ පෙර රට කළඹවන මහත් ආන්දෝලනාත්මක පුවතක් වූයේ, මෙම බලාගාරය ඇමෙරිකාවට විකුණන්නට යන කතාවකි. එනම් මෙම විදුලි බලාගාරය සතු මහා භාණ්ඩාගාරයේ කොටස් ඇමෙරිකාවට විකුණන්නට යන බවකි. එහෙත් පසුව ප්‍රකාශ වූයේ, එම කොටස්වලින් 40%ක් පමණක් ඇමෙරිකාවට ලබාදෙන බැව්ය.

එම කතාව සැබෑ ලෙසම සත්‍යයක් වන බවට පසුගිය ජූලි මාසයේදී කරුණු අවබෝධ වන්නට විය. එනම් ඒ අනුව මෙම රාජ්‍ය සම්පත ඇමෙරිකානු විදුලිබල සමාගමකට විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර, ඒ සඳහා කැබිනට් අවසරයද ලැබිණි. ඒ අනුව එම අනුමැතියත් සමග ‘යුග දනවි’ විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම සඳහා වන ගිවිසුමකට වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ආටිගල විසින් අස්සන් තැබුවේය. ඒ එම ගනුදෙනුවේ එක් පියවරක් පමණි. එම නාටකයේ ප්‍රධානතම ජවනිකාව රඟදැක්වූයේ ඉන් මාස 02කට පමණ පසුව පසුගියදාය. එනම් ‘හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට’ යැයි කිව්වා සේ මෙයට දින කිහිපයකට ඉහතදී මහ රාත්‍රියේ 12.08ට රඟ දැක්වූයේ එම අපූරු ජවනිකාවය.

විකිණීමේ සහ මිලදී ගැනීමේ ඕනෑම රාජ්‍ය කටයුත්තකදී ඒ සඳහා නිසි ටෙන්ඩර් නිල පටිපාටියක් අනුගමන කළ යුතුය. එහෙත් මෙම සුවිශාල ගනුදෙනුවේදී එසේ සිදුවූයේ නැතැයි මේ වන විට විරුද්ධ පක්‍ෂ රජයට අතිශය ප්‍රබල ලෙස චෝදනා කරති. එම පාක්‍ෂිකයන් ඉදිරිපත් කරනු ලබන කරුණු කාරණා සහ සාධක අනුව එම තර්කයන් සත්‍යයක් යැයි මේ වන විට පෙනෙන්නට ඇත.මෙම ‘යුගදනවි’ බලාගාර ගනුදෙනුව සඳහා ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනිය ඇලෙයිනා බි. ටෙප්ලිට්ස් ද ශ්‍රී ලංකා රජයට බලපෑම් සිදුකළේ යැයි පුවතක්ද පසුගියදා වාර්තා විය. එහෙත් ඇමෙරිකානු තානාපති කාර්යාලය එම චෝදනාව ප්‍රතික්‍ෂේප කර සිටියේය. එසේම ඇමෙරිකානු තානාපති කාර්යාලය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ, ඇමෙරිකානු තානාපතිනිය නිරන්තරයෙන් විනිවිධභාවයකින් යුතු සාධාරන ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් දිගින්, දිගටම ශ්‍රී ලංකා රජය දිරිගැන්වූ බැව්ය.

කෙසේ හෝ දැන් ‘යන යකා කොරහත් බිඳගෙන ගොස්’ හමාරය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පසුගියදා ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමැතීමට ඇමෙරිකාවට යෑමට සුළු වේලාවක පෙරදී, ශ්‍රී ලංකාවේදී යටකී ගිවිසුම අස්සන් කළ බැව් කරුණු හෙළිවී තිබිණි. එදිනම උදෑසන රජයේ ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක්ම මෙම ගනුදෙනුවට තම විරෝධතාවය ප්‍රබලව ප්‍රකාශ කළේ යැයිද කරුණු ප්‍රකාශ විය. ඒ හෙයින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ විසින් මෙම අමාත්‍යවරුන්ට පොරොන්දු වී ඇත්තේ, අදාළ ගිවිසුම සංශෝධන සහිතව ඉදිරිපත් කරන බැව්ය. එහෙත් එම කතාව ‘හද්දා දේශපාලන කෙබරයක්’ බවට පත් කරමින්, එදින මහ රාත්‍රියේම රජයේ දේශපාලන නායකයන්, ඇමෙරිකානු සුද්දන් සමග එකතු වී ගිවිසුම අස්සන් කර නාටකය නිමකර දැම්මේය. මෙහිදී හෙළිවන අපූරු පුවතක් නම්, ගිවිසුම අස්සන් කළ ඇමෙරිකානු පාර්ශ්වයේ සුද්දන්ද එදින රාත්‍රියේම දිවයිනෙන් පිටත්වී තිබීමය. දැන් මෙලෙස අපගේ ‘යුග දනවි’ සම්පතෙහි 40%ක විශාල අයිතියක් හිමිකර ගැනීමට වාසනාව හිමිවූ ඇමෙරිකානු සමාගමේ වගතුග කුමක්ද?

‘නිව් ෆෝට්ට්‍රස් එනර්ජි එන්කෝපරේටඩ්’ මෙම සුපිරි වාසනාව හිමිවූ ඇමෙරිකානු සමාගම වෙයි. මෙය ඇමෙරිකාවේ තිබෙන අතිශය සුපිරි, ධනවත් සමාගමක් වන Fortress Investment Group නමැති ආයතනය යටතේ ඇති සමාගමක් වෙයි. ‘නිව් ෆෝට්ට්‍රස් එනර්ජි’ සමාගම යනු සම්පූර්ණයෙන්ම බලශක්තිය ආශ්‍රිතව විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගමකි. මෙම සමාගමට සහ මව් සමාගම වන ‘ෆෝට්ට්‍රස් ඉන්වෙස්මන්ට්’ සමාගමෙහි තනි අයිතිකරු වන්නේ, ඇමෙරිකාවේ සුපිරි ධන කුවේරයකු වන වෙස්ලි එඩ්න්ස් නමැති ඇමෙරිකානු ජාතිකයාය. දැනට 59 වැනි වියෙහි පසුවන ඔහු ඇමෙරිකාවේ ඔරෙගන් විශ්වවිiාලයේ මූල්‍ය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධරයෙකි. ඔහු තම ‘ෆෝට්ට්‍රස්’ ආයෝජන සමාගම ආරම්භ කරනු ලැබුවේ 1998 වසරේදීය. එනම් දැනට එය වසර 23ක් පැරැණි සමාගමක් වෙයි. දැනට මෙම සමාගමෙහි සේවකයන් 2,700ක් පමණ සේවය කරනු ලබන අතර, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක පමණ ආදායමක් උපයනු ලබයි.

දැනට මෙම ඇමෙරිකානු ආයෝජන සමාගමේ වත්කම් ඩොලර් බිලියන 50 ඉක්මවා ඇතැයි පැවසෙයි. මෙම ඇමෙරිකානු සමාගම දැනට ලෝකයේ රටවල් රාශියක විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර, බහුතරය බලශක්තිය ආශ්‍රිත කරගත් ව්‍යාපෘතීන්ය. ශ්‍රී ලංකාවේ ‘යුගදනවි’ බලාගාරය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවූයේ ඒ හෙයිනි. ඔවුන් ‘යුගදනවි’ ආයෝජනය සඳහා සම්පූර්ණයෙන්ම රුපියල් බිලියන 01ක පමණ සුවිශාල මුදලක් යොදවා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඇමෙරිකානු බලශක්ති සමාගම අයත් සුපිරි ධනකුවේර වෙස්ලි ඒඩ්න්ස්, යටකී ‘යුගදනවි’ බලාගාර ගනුදෙනුවේ කටයුතු සඳහා මූලික වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2021 වසරේ ජනවාරි මාසයේදීය. එහිදී ඔහු එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ අතර, පසුව බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමැති වූ පසුව පසුගියදා ගනුදෙනුව සිදුකෙරිණි. මේ අනුව ඉදිරියේදී ‘යුගදනවි’ බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකාව සතුවන අතර, එම බලාගාරයේ ගෑස් සැපැයුම, ගබඩා සංකීර්ණය සහ නළ පද්ධතියද එම සමාගම සතු වනු ඇතිය. රජය මේ සියල්ල කරන්නේ පිටරටවල්වලින් ඩොලර් උපයන්නටය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පරාක්‍රමබාහු රජ්ජුරුවො බලාගෙන ඉද්දි පරාක්‍රම සමුද්‍රය හින්දන්න හදන්නේ කවුද? කාගේ වුවමනාවටද?

Next Post

බන්දුලට-ලසන්තට අභියෝග කරලා සුදුලූණු වංචාව හෙළි කරලා තනතුර දාලා ගිය තුෂාන් තවත් රහස් රැසක් හෙළිකරයි! (VIDEO)

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.