• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටැක්ස් මාෆියාවට අහුවුණු බොලිවුඩ් සුපිරි තරු…

September 29, 2021
in Heart
Reading Time: 4 mins read
A A
ටැක්ස් මාෆියාවට අහුවුණු බොලිවුඩ් සුපිරි තරු…
Share on WhatsAppShare on Facebook

අපි අමාරුවෙන් හම්බකරපු සල්ලි මේ…

ඉන්කම් ටැක්ස් ප්‍රශ්න යනු සුපිරි බොලිවුඩ් තරුවලට අලුත් දේවල් නොවේය. සෑම වසර කිහිපයක් පාසාම වාගේ සුපිරි තාරකාවන් සේම තාරකාවියන්ද ටැක්ස් දැලේ පැටලී කරණම් ගැසීම සහ කට්ටි පැනීම නිතර සිදුවන්නකි. එක්දහස් නවසිය හැට ගණන්වල සිට අද දක්වාම රාජ් කපූර්ගේ සිට රන්බීර් කපූර් දක්වාත්, අමිතාබ්ගේ සිට ෂාරුක් සහ වරුන් දවාන් දක්වාත් එය එකම කලාවට සිදුවේ.

සුපිරි මට්ටමේ නිළියන් ගත්තද එය එහෙමය. හේමා මාලිනියගේ සිටම අද ටැප්සි පන්නු දක්වාම එය සිදුවෙමින් පවතී.

ටැප්සි පන්නු,
දෙවියනේ… නම හදාගෙන හරිබරි ගැහෙන්නත් කලින් ටැප්සි කෙල්ල පස්සෙන් ටැක්ස් කාක්කෝ වට වෙන්න අරගෙනද?
ඉඩක් හදාගෙන තවම හරිබරි ගැහුණෙ නැතුවට නම් ටැප්සිගේ ආදායම සුළුවට ගන්නට බැරිය. කෝටි 08ක් සඳහා තම ලන්සුව තබන්නේ යැයි මාධ්‍යයට කීවාට ටැප්සි දැන් කෝටි 10කට වඩා චිත්‍රපටයකට අය කරන බව ටැක්ස් මාෆියාව ෆිල්ම් ෆෙයාර් සමග වහසි බස් දොඩා ඇති බව කියැවේ.

ටැක්ස් මාෆියාව දැන් ලුහුබඳින්නට පටන් ගෙන ඇත්තේ නවක තරු පසුපසද?
අපොයි නැහැ… පසුගිය සතියේ ප්‍රවීණ තෝරු මෝරු ගණයේ තරුද උතුරු ඉන්දීය සිනමා සාගරය තුළින් ටැක්ස්කාරයන්ගේ බිලී කොක්කට මාට්ටු විය. ඒ අතර සංජේ දත්, ප්‍රියංකා චොප්රා, කැට්රිනා කයිෆ් සමග ප්‍රසිද්ධ නළුවකු වූ සෝනු සුද්ද ටැප්සි පන්නු සමග පෙළගැසී සිටියහ.

සමීක්ෂණය සිදුවූයේ දිල්ලි නුවර ඒ.ඒ.පී. රජයෙහි උපදේශකත්වය හරහාය. සෝනු සුද්ගේ වත්කම් මාර්ග හයක් එතැනදී විභාග කෙරිණි. තද නීතිමය තත්ත්වයක් යටතේ සුද්ට නඩු වැටෙන්නට තිබුණද දිල්ලි මහ ඇමැති අරවින්ද් කේජ්රිවාල්ගේ මිතුරු මැදිහත් වීම මත දඩ සහ නඩු අහෝසි විය.

ඒ කියන්නේ මහ ඇමැති කේජ්රිවාල්ගේ වේට්ටියේ සාක්කු දෙකට බර ගානක පගාවක් වැටුණු බවද?
සහතික වශයෙන්ම බී ටවුන් නළුවකු ලෙස හැඳින්වෙන සෝනු සුද්ගේ ආදායම් මාර්ග ඉලක්කමෙන් හයක් වේ නම්, මුදල් නෝට්ටු හරහා කීයක් වෙයිද?

එතකොට සංජේ දත්ට පිහිට වෙන්න පැමිණි ඇමැතියා කවුද?
සංජේ ඇවිත් අළුගෝසු පන්නයේ පුද්ගලයකු වුවද ඉන්කම් ටැක්ස් එකේ දඩ මුදලින් තමා බේරන්නැයි කිසිවකුට කීවේ නැත. හැබැයි සංජේ දැඩි සේ සන්තාපයට පත්ව සිය ට්විටර් ගිණුමට තම කනගාටුව මෙසේ ප්‍රකාශ කර තිබිණි.

‘මගේ වියදම් අධික වීම ගැන කිසිවකු තැවිය යුතුද…? සංජේ වියදම් අඩු කරන්න යැයි මගේ බිරිය මනායා හෝ සොහොයුරිය නම්රාතා කීවේ නම් දුකක් නැත. මා වියදම් කරන තාලය ගැන රජයට හෝ ටැක්ස් වදකයන්ට ප්‍රශ්නයක් වීම විහිළුවකි. කුමක්ද මේ වැටලීමෙහි තේරුම…? සත්තකින්ම මෙය තද විහිළුවක් බව නොකියාම බැරිය….’

සංජේ එලෙස සටහන් කොට තිබූ කනගාටුදායක පණිවුඩය වෙනුවෙන් ඔහුට ළැදි රසිකයන් තම ශෝකය දස දහස් ගණනින් ප්‍රකාශ කර තිබිණි.

ප්‍රියංකා චොප්රාට ටැක්ස් නඩුව ගොනුව තිබුණේ ඇගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. 2011 සිටම ප්‍රියංකා පසුපස ටැක්ස් විමර්ශකයන් ලුහුබැඳීම ආරම්භව තිබිණි. ප්‍රියංකාගේ පියා ආචාර්ය අශෝක් චොප්රාගෙන් ප්‍රියංකාට ලැබුණු කෝටි ගණනක මුදල් සම්භාරය එදා සිටම ඊට හේතුව තිබිණි.

‘අවංකව කියන්නේ නම්, ටැක්ස් විමර්ශකයන්ට අවශ්‍ය වී ඇත්තේ නීතියක් ඉටුකරලීමට වඩා සැපට ජීවත් වන සුපිරි මිනිසුන්ගෙන් අල්ලසක් ගැනීමේ මේනියාවය…’
ප්‍රියංකා චොප්රා ඉතා ප්‍රසිද්ධියේ තම හිතේ අමාරුව එසේ ප්‍රකාශ කළාය.

සුරූපී නිළි කැට්රිනා කිසිවකුට වදයක් නැති අහිංසක චරිතයක් වුවද ඇගේ නිවෙසේ ගණන් කර නිම කිරීමට බැරි තරම් කළු සල්ලි සූට්කේස් තිබී හසුව ඇති බව ටැක්ස් විමර්ශකයන් පොලිසියට සහ බදු දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි.

නවක නිළියක ලෙස කඩිනමින් ප්‍රසිද්ධියට පත්වූ ලස්සන කෙල්ල ටැප්සිට මුම්බායි සහ පූනාවල ස්ථාන 20ක පමණ දේපළ තිබෙන බව ටැක්ස්කාරයන් ඉතා සූක්ෂ්ම ලෙස සොයාගෙන තිබිණි.

එතකොට දඩයෙන් බේරුණේ සෝනු සුද් විතරද?
ඔව්… එය එහෙම සිදුවූ බව කියැවේ. එයට හේතුව ලෙස සුපිරි තරු දක්වා ඇත්තේ දඩයෙන් ගැලවීමට දේශපාලකයකුගේ සහාය පතන්නට වඩා දඩය ගෙවීම දාහෙන් සම්පතක් කියාය.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුවේ අකටයුතුකම් දෙමළ සන්ධානය සාක්ෂිත් එක්කම යුරෝපා නියෝජිතයන්ට ‌කියයි! (VIDEO)

Next Post

වරායේ හිරවෙච්ච කෑම ටික ගන්න කබ්රාල් මහබැංකුවෙන් ඩොලර් මිලියන 50ක් දෙයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.