• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තිබ්බ ආසාවට කළාට ලොකු බයක් දැනුණා…

September 29, 2021
in Heart
Reading Time: 3 mins read
A A
තිබ්බ ආසාවට කළාට ලොකු බයක් දැනුණා…
Share on WhatsAppShare on Facebook

එක එක ප්‍රශ්න ආපු නිසා අයින් කරලා දාන්න වුණා…
සල්ලි හොයන්න නෙවෙයි සිංදු හදන්නේ…

70 දශකයේ සිදුවුණු භීෂණ කතාවන් පිළිබඳවද, ඒ භිෂණ කාලයේ සිදුවුණු සිදුවීම් ගැනද ඔබ අප අනන්තවත් අසා ඇත. ඒ අත්දැකීම් යළි අවදි කරවන සිදුවීම් පෙළකින් සමන්විත ‘අඳුන් ගිර’ ටෙලිනාට්‍යයේ ‘රත්නසීලී’ ලෙසින් ඔබට සමීප වන ඇය, මාධවී ඇන්තනී. ඒ භීෂණ සිද්ධි දාමයට ඇය මුහුණ දුන් අයුරු ගැන මාධවී අපට කිව්වේ මේ විදියට.

මාධවී කොහොමද මේ දවස්වල ඔබේ දවස ගෙවෙන්නේ?
සුපුරුදු පරිදි පවුලේ අයත් සමග සතුටින් කාලය ගතකරනවා.

70 දශකයේ පැවැතුණු භීෂණයේ කතා නායිකාවක් වුණා කියන්නේ ඇත්තද?
ඔව්. ඉන්දික ධර්මරත්න කියන්නේ සුවිශේෂ නිර්මාණවේදියෙක් විදියට මම දකිනවා. ඔහු නිර්මාණය කළ ‘ගිරිදේවි’ ටෙලිනාට්‍යය ගොඩාක් ප්‍රේක්‍ෂකයන් වැළඳගත්තා. මමත් ගොඩාක් නරඹපු ටෙලිනාට්‍යයක් තමයි ‘ගිරිදේවි.’ ඉතින් ඔහුගේ නවතම නිර්මාණය ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යය 70 දශකයේ භීෂණ කාලය මූලාශ්‍ර කරගනිමින් සැකසුණු නිර්මාණයක්. ස්වාධීන රූපවාහිනියේ රාත්‍රි 8ට එය විකාශය වෙනවා. ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ ‘රත්නසීලී’ චරිතය තමයි මම නිරූපණය කරන්නේ.

‘රත්නසීලී’ චරිතය ඔබට අභියෝගාත්මක චරිතයක් වන්නට ඇති?
ඇත්තටම… ‘රත්නසීලී’ විතරක් නෙවෙයි ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ සියලු චරිත අභියෝගාත්මක චරිත ලෙස මම දකිනවා. ගොඩාක් දක්‍ෂ ශිල්පින් මේ ටෙලිනාට්‍යයේ චරිත වෙනුවෙන් කැපවුණු හැටි මම සියැසින්ම දැක්කා. මටත් වෙඩි තියන අවස්ථාවන් පවා කරන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි, වෙඩිබෙහෙත් බැඳගෙන මට කටයුතු කරන්න තිබුණා. ඒ අවස්ථාවල නම් මගේ හිතට බයක් වගේ දැනුණා. ඒත් චරිතයට තිබුණු ආශාව නිසා මම ඒ අභියෝගයට මුහුණ දෙමින් කටයුතු කළා.

ඔබේ පවුල සුවිශේෂ පවුලක්. ඉතින් පවුලේ අය එක්ක එකට වැඩ කරද්දි කොහොමද දැනුණේ?
පවුලේ අය සමග වැඩකරන්න ලැබෙන එක මට අලුත් දෙයක් නෙවෙයි. රූගතකිරීම් තුළ මට මගේ පවුලේ අය කියලා විශේෂයක් දැනෙන්නේ නැහැ. ‘මහ විරු පණ්ඩු’ ටෙලිනාට්‍යයේ මගේ අම්මා මගේ ලොකු මල්ලිත් සමග වැඩකරනවා. ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ මගේ පොඩි මල්ලි එක්ක රඟපාන්න තිබුණා. නමුත් ඔහුට ඒ අවස්ථාවේ කොරෝනා රෝගය වැලඳුණු නිසා එය මඟහැරුණා. තවම පොඩි මල්ලි සමග එකට වැඩකිරීමට අවස්ථාව ලැබුණේ නැහැ.

ඔබේ ආදරණීය අප්පච්චි නිර්මාණය කරන නවතම සිනමා කෘතියට ඔබේ දායකත්වය කොයි වගේද?
‘සම්බුලා දේවි’ චිත්‍රපටයේ චරිත තුනයි තියෙන්නේ. මම ඒ චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් සම්බන්ධ වෙනවා. මේ චිත්‍රපටය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් හඬ මුසුකරන නිසා මටත් භාෂා දෙකෙන්ම ගායනා කිරීමට සිදුවෙනවා.

ඔබේ අලුත් සිංදුව හිටිහැටියේම අන්තර්ජාලයෙන් ඉවත් කළේ ඇයි?
මම ඒ ගීතය නිර්මාණය කළේ මුදල් හොයන්න නෙවේ. හොඳ ප්‍රතිචාර තිබුණා මගේ ඒ ගීතයට. ඉතින් විවිධ ප්‍රශ්න මතුවුණු නිසා සහ අනවශ්‍ය ප්‍රශ්න දාගන්න මම කැමැති නැති නිසා මම එය ඉවත් කර දැම්මා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මිනිස්සුන්ගෙන් බදු අය කරගන්න අලුත් ක්‍රමයක් නාමල් ‌හොයාගනී!

Next Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන දයාසිරි අලුත් හෙළිදරව්වක් කරයි! (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.