• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මුවන්පැලැස්සෙ නතරවුණු සංගීතඥයා

October 27, 2019
in Heart
Reading Time: 2 mins read
A A
මුවන්පැලැස්සෙ නතරවුණු සංගීතඥයා
Share on WhatsAppShare on Facebook

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා විද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන් ඔහු නැවත කලා අංශයෙන් උසස් පෙළට මුහුණ දෙයි. ඉන් පසුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහාය වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කරන හෙතෙම පසුව ස්ථීර සේවයේ සංගීත නිෂ්පාදකවරයකු ලෙස සේවයට බැඳෙයි. 35 වසරක් ගුවන්විදුලියේ සේවය කර විශ්‍රාම ගියත් නැවතත් ගුවන්විදුලි සංස්ථාවේ ආරාධනයෙන් සඳුදා දින රාත්‍රිය 8.30ට විකාශය වන මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ සම්බන්ධීකරණය සහ නිර්මාණාත්මක කටයුතු අධ්‍යක්‍ෂණයට එකතු වන ඔහු ගායකයකු, චිත්‍ර ශිල්පියකු, ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස නමක් දිනා සිටින සංගීතඥ රෝහණ සිරිවර්ධනයි.
කොහොමද ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළ කාලය?
හැත්තෑපහේ දශකයේ සහාය නිවේදකයකු වශයෙන් තමයි ගුවන්විදුලියට ආවේ. පසුව සහාය වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසද, ඉන් පසුව ස්ථිර නිෂ්පාදකවරයකු ලෙසත් සේවයට බැඳිලා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට හැකිවුණා. නිර්මාණාත්මක වැඩසටහන්, ගීත නාටක, කනිටු සරසවිය, සොඳුරු සෙවණ කලා පීඨය, ගී අමදාරා වැනි වැඩසටහනුත්, ගී තරංගනී නමැති සංගීතමය වැඩසටහනක් සහ විචිත්‍රාංගමය වැඩසටහන් රාශියක් කළා. සංගීත අංශයේ ජ්‍යෙෂ්ඨ සංවිධායකවරයෙක් වශයෙන්ද කටයුතු කිරීමට හැකිවුණා.
රූපවාහිනී හඬකැවීම්වලට සම්බන්ධ වුණේ කොහොමද?
රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ හඬකැවීමේ පියා ලෙස සැලකෙන ටයිටස් තොටවත්ත මහතාගේ ආරාධනයෙන්. ඇලඩින්ගේ පුදුම පහන කියන ළමා නාට්‍යයේ ඇලඩින්ගේ චරිතයට තමයි මුලින්ම හඬකැවීම් කළේ. ඊට පසුව එහි අධ්‍යක්‍ෂණ කටයුතු කළ අතුල රංසිරිලාල් මහතා යටතේ සුජාත දියණිය, අභීත දියණිය, දිරිය දියණිය වැනි විචිත්‍රාංග වැඩසටහන්වල හඬකැවීම් කළා. ඒ වගේම දෙරණ පටිගත කළ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ආලාර කාලාම, අසිත තවුසා වැනි වැඩසටහන්වලට සම්බන්ධ වීමට හැකිවුණා. අසූව දශකයේ හඬකැවීම්වලට නිමල් අල්විස් සහ රංජිත් එදිරිසිංහ තාක්‍ෂණයෙන් දායක වුණා. දැනට සඳුදා දින රාත්‍රි 8.30ට විකාශනය වන මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ සම්බන්ධීකරණය සහ නිර්මාණාත්මක අධ්‍යක්‍ෂණය කටයුතු කරනවා. එය අවුරුදු 50කට වැඩි ඉතිහාසයක් ඇති ආසියාවේ තියෙන පැරණිතම ගුවන්විදුලි නාට්‍ය කිව්වොත් නිවැරැදියි.
කොහොමද සංගීත ජීවිතේ ආරම්භය?
කරුණාරත්න අබේසේකර මහතාගේ ළමා පිටියෙන් තමයි මගේ සංගීත දිවිය ආරම්භ වුණේ. ඉන්පසු 70 දශකයේ සරල ගී වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ඒ කාලේ නන්දා ජයමාන්න, පණ්ඩිත් විමල් අබේසුන්දරයන් සහ පී. ඩන්සන් සිල්වා මහතා යටතේ ගුරුහරුකම් අවුරුදු 4ක් විතර ලබාගත්තා.
ඔය කාලේ ඉන්දියාවෙන් පැමිණි පණ්ඩිත් නාත් කියන ඉන්දීය මහාචාර්යවරිය කටහඬ සහ ගායනය පිළිබඳ පරීක්‍ෂණයක් පැවැත්වූවා. එයින් සමත්වෙලා දිගටම නිෂ්පාදකවරයෙක් සහ නිවේදකවරයෙක් වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදාවුණා. ඉන්පසුව ගුවන්විදුලියේ භක්ති පූජා, ගී මියුරු, මාසික රැඟුම ගීත නාටක, රාග රංග වැනි වැඩසටහන් මෙහෙයවන්න හැකි වුණා. ගීත ගායනා කළත් ගීත අඩු සංඛ්‍යාවක් තමයි ගායනා කිරීමට හැකි වුණේ.
ළමා පිටිය ගොඩක් අයගේ ජීවිත රන් දොරටුවක් කළා නේද?
කරුණාරත්න අබේසේකර මහතාගේ ළමා පිටිය අපේ ජීවිත සරසවියක් කළා. එයින් බිහිවෙච්ච අය තමයි මල්කාන්ති නන්දසිරි, කුසුම් පීරිස් අක්කා, චන්ද්‍රානි කල්දේරා, මාලනී බුලත්සිංහල, පුන්සිරි සොයිසා, රූපා ඉන්දුමති, නිර්මලා රණතුංග, නෙරංජලා සරෝජනී, යසපාල, රංජිත් යන අයත් පසුකාලීනව ගීතා කාන්ති ජයකොඩි, කමල් දේශප්‍රිය, සමන් ආතාවුද වැනි කලාකරුවනුත් බිහිවුණා.
කොහොමද පාසල් කාලය?
කොළඹ ආනන්ද විද්‍යාලයේ එවකට ගුරුභවතුන් ලෙස කටයුතු කළ ප්‍රේමවංශ හපුවලාන සහ අනිල් මිහිරිපැන්න යන මහත්වරුන්ගෙන් සංගීතය හැදෑරීමට හැකි වුණා. ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ දක්වා විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හැදෑරුවා. පසුව කලා අංශයෙනුත් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලැබුණා. මම හැදුණේ වැඩුණේ කොළඹ ආනන්ද පාසල ආසන්නයේමයි. ඒ ආසන්නයේම සිටි ප්‍රේමකීර්ති ද අල්විස්, මොහිදීන් බෙග්, ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ මොරිස් දහනායක ආදී සංගීතවේදීන්ගේ ඇසුර මට ලැබුණා. ඒ කාලේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, හමුදාපති වසන්ත කරන්නාගොඩ, භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, රංජිත් මද්දුමබණ්ඩාර යන අය ආනන්ද විද්‍යාලයේ මා සමඟ ඉගෙනගත් අයයි.
මොනවද අලුත් නිර්මාණ?
මුවන්පැලැස්ස වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව අතුල රංසිරිලාල් මහතාගේ කටයුතුවලටත් සහයෝගය දක්වනවා. ඊට අමතරව ගුවන්විදුලි ගීත නාටකවල නිෂ්පාදන කටයුතු කරනවා. සිරස සුපර් ස්ටාර්, දෙරණ ඩී්‍රම් ස්ටාර්, සික්ස්ටි ප්ලස් සහ ස්වාධීන රූපවාහිනියෙ සංගීත වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවල කටයුතු කිරීමටත් හැකිවුණා.
ඔබතුමාට ලැබුණු සම්මාන මොනවද?
1996 වර්ෂයේ ගුවන්විදුලි සංස්ථාව මඟින් පැවැත්වූ ප්‍රථම ගුවන්විදුලි ජනාධිපති සම්මාන උළෙලේ හොඳම සංගීත නිෂ්පාදක, ජනාධිපති සම්මානයත්, ඒ වර්ෂයේම ජාත්‍යන්තර උන්ඩා අභිනන්දන සම්මාන උළෙලේදී විද්‍යුත් මාධ්‍ය ගණනාවක් අතරින් හොඳම සංගීත නිෂ්පාදක ලෙස ස්වර්ණ සම්මානයත් හිමිවුණා.
ගී තැටි කීයක් විතර නිෂ්පාදනය කළාද?
තැටි දෙකක් විතර මුලින්ම සිංග් ලංකා ආයතනය නිෂ්පාදනය කළා. ඒ කාලේ සුභාවිත ගීත තැටි ගායකයන් දහදෙනෙක් තෝරාගෙන තැටි නිෂ්පාදනය කළා. එයින් මටත් අවස්ථාව සැලසුණා. පසුව “මටත් හොරෙන්” කියලා සී.ඩී. තැටියක් නිෂ්පාදනය කළා. ඊට අමතරව සවන රෙකෝඞ්බාර් මගේ ගීත යොදලා “දේව මන්දිරේ” සී.ඩී., කැසට්පට නිෂ්පාදනය කළා.
මේ ගීත අතරෙන් වැඩියෙන්ම ජනප්‍රිය වුණේ මොන ගීතද?
ඒ අතරින් වැඩියෙන්ම ජනප්‍රිය වුණේ ‘ඔබේ අතගෙන පෙර සැඳෑවක’ කියන ගීතය සහ ‘ලොවේ කොයි කාටත් හොරෙන්,’ ‘සීත කඳුළැල්ලේ’ සහ යුග ගීතවලින් නිරංජලා සරෝජනී සමඟ ගයන ‘ඔබේම ඉන්දු,’ මාලනී බුලත්සිංහල සමඟ ගයන ‘දෑසේ මල් විලේ’ සහ දමයන්ති ජයසූරිය සමඟ ගායනා කරන ‘හමුවේවා’ ගීතයත්, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද රචනා කළ රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්‍ෂණය කළ ‘ලියූ පෙම් හසුන්’ ගීතයත් ජනප්‍රිය වුණා.
ඔබතුමා සිනමාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
1970 දශකයේ කරුණාරත්න අබේසේකර සූරීන්ගේ ආරාධනයෙන් කවුද හරි, සත්වැනි දවස සහ නිල්ල සොයා යන චිත්‍රපට සඳහා සමූහ ගායනයෙන් සම්බන්ධ වීමට හැකිවුණා.
මොනවද ඉදිරි බලාපොරොත්තු?
හොඳින් අනුන්ට උදව් උපකාර කරමින් සතුටෙන් ජීවත් වීම තමයි බලාපොරොත්තුව. හැමදාම මම මිනිස්කමට ගරු කරනවා වගේම පන්සල්, කෝවිල්, පල්ලිවලටත් යමින් සියලු ආගම්වලට ගරු කරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

දීපවාලී කතාවේ නොදන්න පැත්ත

Next Post

සබන් බෝල වගේ පුපුරණ කසාද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.