වාණිජ බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරන ලද කිරිපිටි මෙට්‍රික් ටොන් 360ක අඩංගු කන්ටේනර් 16ක් කොළඹ වරායේ හිරවී ඇතැයි කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජික ආරිය කිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.
රුපියල් ලක්ෂ 30000ක් පමණ වටිනා මෙම කිරි තොගය කල්ඉකුත්වීමට ඉඩ තිබෙන බව ද වැඩිදුරටත් කියයි.
එම කිරිපිටි තොගය නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි කිරි ආනයනකරුවන්ගේ සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.










