• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සොඳුරු මිනිසුන් පිරි උතුරුකරයේ සිරි…

September 23, 2021
in Holiday
Reading Time: 1 min read
A A
සොඳුරු මිනිසුන් පිරි උතුරුකරයේ සිරි…
Share on WhatsAppShare on Facebook

රුහුණු පිහිටි මායා ලෙස තෙකොටසකට බෙදී තිබුණ එදා හෙළ දිව උතුරුකරයේ ජනයා සමගද සමීප සම්බන්ධකම් පැවත්වූ බව ආගමික සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සාක්ෂි සපයයි. බෞද්ධ සාහිත්‍යයේ හා ඉතිහාසයේ සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලක්දිවට තෙවරක් වැඩම කළ බවද, දෙවන වර නාගදීපයට වැඩම කළ බවද කියැවේ. එවකටද මෙරට උතුරුකරයේ දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ පැවති බව මූලාශ්‍ර අනුව අපට වටහාගත හැකිය.

සේන හා ගුත්තිකගෙන් ඇරඹී එළාර ආක්‍රමණය දක්වා දැඩි වූ චෝල ආක්‍රමණවලින් යුක්ත වූ අනුරාධපුර යුගයෙන් අනතුරුවද, දකුණු ඉන්දීය ආක්‍රමණ දැඩි වූ අතර ක්‍රමයෙන් රාජධානි පොළොන්නරුවටත්, අනතුරුව රටේ නිරිතදිගටත් සංක්‍රමණය වීම සිදුවිය.

ක්‍රිස්තු වර්ෂ 1215 පමණ කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසුව ඇරඹි යාපන රාජධානිය නල්ලූර් අගනුවර කර පාලනය වී ඇත. හින්දු ආගම මුල් කර ගනිමින් ප්‍රාදේශීය පාලනය මධ්‍යම පාලනය සමග විටෙක ගැටෙමින්ද හා සහයෝගයෙන්ද කටයුතු කර ඇත. පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසීන්ගේ යටත් පාලනය සමග ආර්ථික, සමාජීය දේශපානික වෙනස්කම් සිදුවෙමින්, මෑත අතීතයේ ත්‍රස්තවාදීන් යටතේද පැවති යාපනය මානුෂීය හමුදා මෙහෙයුම් නිසා වර්තමානයේ සාමාන්‍ය ජනජීවිතයකට ඉඩහසර සලස්වාගෙන ඇත.

යාපනය අර්ධද්වීපයේ සැරිසරන සංචාරකයන්ට නාගදීපය, නාගවිහාරය, නල්ලූර් කෝවිල, දඹකොල පටුන, කැසුරිනා වෙරළ, පේදුරු තුඩුව, යාපනය කොටුව, යාපනය පුස්තකාලය, කන්කසන්තුරෙයි, කීරමලේ ප්‍රධාන වශයෙන් වන්දනාකිරීමට හා නැරඹීමට හැකි ස්ථාන වේ. ඊට අමතරව රියෝ අයිස්ක්‍රීම් කෑමටත් හා යාපනයට අනන්‍ය වූ දමිළ ආහාර ගැනීමටත් වන්දනාකරුවන් හා සංචාරකයන් වැඩි රුචිකත්වයක් දක්වයි.

කොළඹ සිට ගමන්කරන්නෙකුට දින 4ක පමණ කාලයක් ගෙන රිසිලෙස යාපනය නැරඹීමට සංචාරයක් සංවිධානය කළහැකි වේ. උතුර දකුණ යාකෙරෙන යාල්දේවියෙන් ගමන වඩා රසවත් කරගත හැකි අතර කලින් වෙන්කරවාගෙන ගමන් කළහැකි සුඛෝපභෝගී බස්රථ සේවයක්ද වර්තමානයේ පොල් අරණත් තල් අරණත් යාකරමින් ක්‍රියාත්මක වේ.

අම්මාගේ බලවත් කැමත්තක් වූ නාගදීප වන්දනාව මූලික කරගෙන මෙවර යාපනය සංචාරය සැලසුම් කිරීමට අපි කටයුතු කළෙමු. පෙර වසරේ මිතුරන් කැටුව දින කිහිපයක් පුරාවට උතුරකරයේ සැරිසරමින් ලද අත්දැකීම් ඊට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. පානදුරෙන් යාපනය බසයේ නැගී, මමත් අම්මාත් යාපනය දුම්රිය ස්ථානයට නුදුරේ කලින්ම වෙන්කරගත් නවාතැනක් වෙත ගොස් මුලින්ම නාගදීපය හා දඹකොල පටුන විහාර වැඳපුදා ගත්තෙමු. යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් වෙත පැමිණ නාවික හමුදා සහයෝගයෙන් මගී ප්‍රවාහන බෝට්ටු ඔස්සේ මුහුදෙන් නාගදීප ගමන සිදුවේ. නයිනතිවු හෙවත් නාගදීපයේ රජමහා විහාරයට අමතරව ඉපැරණි හින්දු කෝවිල් කිහිපයක්ද පවතී. එබැවින් සෑමවිටකම බෞද්ධ හා හින්දු බැතිමතුන්ගෙන් දූපත පිරී පවතී. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර ලක්දිවට ගොඩබට ස්ථානය වන දඹකොල පටුන යාපනය අර්ධද්වීපයේ කැසුරිනා වෙරළට ආසන්නව පිහිටා තිබේ. නාවික හමුදා අධීක්ෂණය යටතේ දඹකොල පටුන විහාරය සිත්ගත් සිද්ධස්ථානයක් ලෙස පවත්වා ගෙන යාමට කටයුතු කර ඇත.

අනතුරුව නැවත යාපනයට පැමිණ නාග විහාරය හා ඒ අවටම තිබූ නල්ලූර් කෝවිල දැකබලා ගත්තෙමු. නල්ලූර් කෝවිල කන්දසාමි දෙවියන් වෙනුවෙන් කැපවූ සිද්ධස්ථානයකි. ඉපැරැණි හින්දු ශිල්පයන්ගේ පරිපූර්ණත්වය පෙන්නුම් කරන සුවිශේෂ ස්ථානයක් ලෙස නල්ලූර් කෝවිල දැක්විය හැක. නල්ලූර් කෝවිල අසලම රියෝ අයිස්ක්‍රීම් හලෙන් අයිස්ක්‍රීම් රසවින්දේ රාත්‍රි ආහාරය ලෙස දමිළ ආහාර වේලක් ගැනීමෙන් පසුවයි.

ඊළඟ දිනයේ උදෑසනම යාපනය පුස්තකාලය වෙත අපි ගමන් කළෙමු. කලෙක ලංකාවේ වැඩිම පුස්තක සංඛ්‍යාවක් පැවති මෙම පුස්තකාලය වර්තමානය වනවිටද යාපනයේ විද්වතුන් බිහිකිරීමට තෝතැන්නක්ව කටයුතු කරයි. ජනවාර්ගික අර්බුදවලින් නොයෙක් හානින්ට පත්වුවත් යාපනයේ දැනුම් ගබඩාව ලෙස දැනුදු අමිල මෙහෙවරක් ඉටුකිරීමට පුස්තකාලය පොහොසත්ව පවතී.

ක්‍රිස්තු වර්ෂ 1625 දී පෘතුගීසින් ඉදිකිරීම් ආරම්භ කළ යාපනය කොටුව ලන්දේසින් යටතේ වඩාත් දියුණු තත්ත්වයකට ගෙන එන ලදී. එල්ටීටීඊ ත්‍රස්තවාදී සමයේ ත්‍රස්ත මර්මස්ථානයක් ලෙසද පැවති කොටුව, යුද සමයේ දැඩි අලාභහානිවලට ලක්වී ඇත. කෙසේ නමුත් යළි ප්‍රතිසංස්කරණය කර ජනතාවට විවෘත කර ඇති අතර සංචාරකයන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබාදීමට යාපනය කොටුව සමත් වේ. ඉර නැගීම හා බැසීම එක් තැනක සිට දර්ශනීයව නැරඹීමට යාපනය කොටුවේදී ඉඩහසර සලසා ගත හැක.

දින කිහිපයක යාපනය සංචාරය සිදුකළ අම්මාත් මමත් යාල්දේවියෙන් නැවත කොළඹ පැමිණ, නිවෙසට පැමිණියේ උතුරුකරයේ සුන්දර ස්ථාන මෙන්ම සොඳුරු මිනිසුන් සමග අත්දැකීම් රාශියක් මතකයන්ට ඉතිරි කරගනිමිනි.

අකිල දහනායක

SendShareShare
Previous Post

විදුලිය-තෙල්-වරාය එකවර වර්ජනයකට සැරසෙයි! රටම හිරවෙයිද?

Next Post

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.