පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මතය දැනුම් දෙන ලෙස මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති , ඇමැති දිනේෂ් ගුණවර්ධන නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව පවතින තත්ත්වය සොයාබැලීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය ඇතුළත නීතිපතිවරයා සිය මතය දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.










