අමෙරිකානු එම්සීසී ගිවිසුම අලුත් වටයකින් යළි කරලියට පැමිණෙමින් තිබෙන බවට වෘත්තීය සමිති චෝදනා කර සිටිති.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව අමෙරිකාවට යුගදනවි විදුලි බලාගාරය ලබා දීම හරහා එය තහවුරු වන බවකි.
මීට එරෙහිව සියලු වෘත්තීය සමිති එකතු කොට දැවැන්ත විරෝධතාවක් දියත් කරන බවද ගොරකානගේ මහතා කියා සිටියේ්ය.










