• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

බලයේ නිවුන් සොහායුරා අවදානම බව චීනයට ‌තේරෙයි!

September 22, 2021
in News, Politics
Reading Time: 6 mins read
A A
චීනය බේරෙන්න ගහන WOLF WARRIOR
Share on WhatsAppShare on Facebook


විශාල බලයක් හිමි වන්නේ විශාල වගකීම් සමූහයක් ද සමගය. එසේම විශාල බලයක් ලද තැනැත්තා අනුන්ගේ ඊර්ෂාවට ක්‍රෝධයට පාත්‍රවන්නා හාම දැවැන්ත සතුරු කණ්ඩායමක්ද ඇති කරගන්නේමය.

චීනයට මේ පාඩම අධ්‍යයනය කි්රීමට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත්තේ පෙරහර ගියාටත් පසුවය. ඒ සඳහා අත්පොත් තබා ඇත්තේ පාකිස්තානයේ සිටින තලෛබාන් සහ ජිහාඩ් වැනි අන්තවාදීන්ය.

මේ වන විට පාකිස්තානයේ වෙසෙන චීන ප්‍රජාව පත්ව ඇත්තේ විශාල අවදානම් තත්ත්වයකටය. එපමණක් නොව චීන ආයෝජන පවත්නේද ආරාවුල් තත්ත්වයකය.
පාකිස්ථානයේ සන්නද්ධ කණ්ඩායම් හා චීන භට පිරිස් අතර දීර්ඝ කාලයක් තිස්සේ නිරන්තර ගැටුම් පැවතිණි.

පාකිස්ථානයේ “ග්වෝදාර්” ප්‍රදේශයේදී බලුකිස්ථාන් ලිබරේෂන් හමුදා භට පිරිසක් චීන ප්‍රවාහන කණ්ඩායමකට පසුගිය සිකුරාදා පහර දුන්හ.

චීන ආරක්‍ෂකයන් තිදෙනකු සහ චීන සාමාන්‍ය වැසියන් සය(6)දෙනකු සිද්දියෙන් මියගිය බව බලුකිස්තානි හමුදා කණ්ඩායම කියයි.

ග්වෝදාර් ඝාතනයෙන් පසුව පාකිස්ථානයේ “කෛබර්” ප්‍රාන්තයේ “දාසු” ජලවිදුලි බල ව්‍යාපෘතියේ වැඩකරමින් සිටි චීන ඉංජිනේරුවන් නව දෙනකුට වෙඩිතබා ඝාතනය කර තිබේ.

ඒ සමගම බලුකිස්තානි ලිබරේෂන් හමුදා කණ්ඩායමක් විසින් කරච්චියේදී එල්ලකරන ලද ප්‍රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනකු මියගොස් තවත් අයකුද තුවාල ලබා ඇත.
“සින්දි” බෙදුම්වාදීන් පසුගිය මාර්තු කරච්චියේදී චීන ජාතිකයකුට වෙඩිතබනු ලැබීමෙන් තුවාල කර තිබේ.

පාකිස්තානය පවසන්නේ චීනය ගෝලීය බලවතා වීමට උත්සාහ දරන බවයි. ඒ සඳහා චීනය සන්නද්ධ කණ්ඩායම් තමනට ආකර්ශනය කරගෙන ඔවුන් කුප්පවා තම අපේක්‍ෂාවන ඉටුකර ගැනීමට ක්‍රියා කළ හැකි බවද කියයි.

චීනයේ මේ වන විට අපේක්‍ෂාව තලෛබාන් සන්නද්ධ කණ්ඩායම සමග සම්බන්ධ වීමට බවද මතයකි.

ඇමරිකාවේ වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයට පෙරාතුවද චීනය තලෛබාන් කණ්ඩායම සමග කිසියම් කසුකුසුවක් තිබූ බවද පැවසේ. ඒ “උයිගර්වරුනට” කිසියම් අරියාදුවක් කිරීමට වුවද ඊට තලෛබාන් කණ්ඩායම කවර අන්දමේ ප්‍රචාරයක් දැක්වී දැයි කිව නොහැකි බව තියත්.

එහෙත් මේවන විට බෙයිජිං සහ තලෛබාන් කණ්ඩායම අතර ගනුදෙනු නැවතී ඇති බවද දැන ගන්නට ඇත.

එහෙත් එමගින් අතිරේක ප්‍රශ්නකාරී තත්ත්වයක් ද මතුව ඇත. ඒ කාබුල් නගර ආශ්‍රිතව මහා පරිමාණ සහ සුළු පරිමාණ වශයෙන් ව්‍යාපාර පවත්වාගෙන යන්නා වූ ව්‍යාපාරික ප්‍රජාව අතිමහත් අවදානමකට පත්ව සිටීම සම්බන්ධයෙනි.

පාකිස්තානි තලෛබාන් සන්නද්ධ කණ්ඩායම ෂරියා නීතිය යටතේ විවිධ අන්දමේ නීතීරීති පනවයි. එහෙත් චීන ව්‍යාපාරික ප්‍රජාව එසේ පැනවෙන තහනම් නියෝග තුට්ටුවකට හෝ මායිම් කරන්නේ නැත.

මේ ව්‍යාපාරිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්නේ කවුරුද? අර්බුදකාරී ගැටලුව එතැනය.

මේ අන්දමේ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් කලාපයේ සිටින බවද අමතක නොකළ යුත්තකි.

චීනය මොනතරම් අන්දමේ බලවතකු වුවත් මෙ වැනි අර්බුදකාරී ගැටලුවලදී චීනයේ උදව්වට එන කාට හෝ සන්නද්ධ කණ්ඩායම් සමග පෙලහර පෑමට සිදුවන හෙයින් ඒ සඳහා කිසිවකු ඉදිරිපත්වන්නේ ද නැත.

පාකිස්තානයේ සිටින චීන තානාපති “නොං රොංට”පසුගිය අප්‍රේල් මාසයේ දී“ක්වෙටා”නගරයේ“සෙරිනා හෝටලයේ දී”තලෛබාන් සන්නද්ධ කණ්ඩායමෙන් එල්ල වූ ප්‍රහාරයෙන් ඔහු දිවි ගලවා ගත්තේ අනූනමයයි තුන් කාලෙනි.

චීනය ආර්ථික බලය යොදවමින් තම රටේ සම්පත් කොල්ලකන බව සින්දි සහ බලුකිස්තානි ජනවාර්ගික සන්නද්ධ කණ්ඩායම් අවබෝධ කරගන්නා ලද කරුණකි.

“තමරටට අයත් සංවර්ධන ව්‍යාපෘති චීනය උදුරා ගනිමින් පාකිස්ථානු රාජ්‍ය පාලකයන් සමග බලුකිස්තානයට අයත් සම්පත් කොල්ලකෑමට කුමන්ත්‍රණය කරනවා පමණක් නොව, බලුකිස්තානු ප්‍රජාවටට වධහිංසාත් පමුණුවනවා” යන මතය දරන සන්නද්ධ කණ්ඩායම කරච්චියේ වෙසෙන චීන ප්‍රජාවට එල්ල කළ ප්‍රහාරවල වගකීමද භාරගත්තේය.
චීනය පාකිස්තානයේ ක්‍රියාත්මක කරන යටිතල පහසුකම් සැපයීමේ ආර්ථික මංතීරුව, අධිවේගී, දුම්රිය සහ බල ශක්ති වැනි ව්‍යාපෘතිද සන්නද්ධ කණ්ඩායම්වල කෝපය වපුරන්නක් වී තිබේ.

මෙමගින් සිදුවී ඇත්තේ අහිංසක චීන සහ පාකිස්තානු ප්‍රජාව අනවශ්‍ය පීඩාවට පත්වීමය.

කෙසේ වෙතත් සන්නද්ධ කණ්ඩායම් සිය අභිමතාර්ථ සපුරා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් දේශපාලන පණිවිඩයට අවදානය යොමුකරවා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇත.

ඒ වෙනුවෙන් යොදා ගැනෙන ක්‍රමෝපාය ප්‍රචණ්ඩත්වයයි. එමගින් ඔවුන් සිය පාර්ශ්වයට අත්කරගනු ලබන ප්‍රතිලාභ බොහෝය. සංවිධාන ශක්තියේ වර්ධනය, අරමුදල් තරවීම නවකයන් ආකර්ශනය ඉන් සමහරකි.

චීනය පසුගිය සමයේ සිය ආරක්‍ෂාව තහවුරුකර ගැනීම සඳහා ඇෆ්ගනිස්තානු රජය සමග එක්ව සිටියේය. එරට හමුදාවට අවශ්‍ය පහසුකම්ද සැපයුවේය. තම හමුදා ඛණ්ඩද ස්ථාපනය කෙළේය. එහෙත් ඒ සියලු උපක්‍රම උඩුයටිකුරු වී තලෛබාන් සන්නද්ධ කණ්ඩායම බලයට පත්ව ඇත.

චීනය ඉලක්ක කර ක්‍රියාත්මක කෙරෙන ක්‍රියාකාරකම් නිසා ජිහාඩ්, ජනවාර්ගික බෙදුම්වාදීන් සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම් සෑම අතින්ම බලසම්පන්න වෙමින් සිටිත්.
එමගින් බලයේ නිවුන් සොහොයුරා අවදානම බව මේ වන විට චීනය අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්‍ෂ කරගනිමින් සිටියි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ලොහාන් ගැන හොයන්න විනිසුරුවරයකුට බාර දෙයි!

Next Post

එක්සත් ජාතීන්ගෙන් ඇෆ්ගනිස්තානයට නියෝගයක්!

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.