• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

එක්සත් ජාතීන්ගෙන් ඇෆ්ගනිස්තානයට නියෝගයක්!

September 22, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
එක්සත් ජාතීන්ගෙන් ඇෆ්ගනිස්තානයට නියෝගයක්!
Share on WhatsAppShare on Facebook

කායික, මානසික වධ බන්දනය කවර ආකාරයකින් හෝ සාධාණය කළ නොහැකි බව එක්සක් ජාතීන්ගේ සංගමයේ කායික හෝ මානසික හෝ වධ බන්දන වැළැක්වීමේ කමිටුවේ විද්වත්හු ඇෆ්ගනිස්තානය් පාලක බලධාරීනට අවධාරණය කරති. මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලනය තලෛබානු සන්නද්ධ අංශය මෙහෙයවනු ලබන කණ්ඩායමකින් ක්‍රියාත්මක කෙරේ.

බන්ධනාගාර, පොලිස් ස්ථාන. රැඳවුම් මධ්‍යස්ථාන, මනෝචිකිත්සාගාර සහ සුබසාධන ආයතන වැනි ස්ථානවල රඳවාගෙන සිටින්නන්ගේ නිදහස ආදී ප්‍රජා අයිතිවාසිකම් අහිමිවී ඇතැයි කමිටු විද්වතුන් එක්සත් ජාතීන්ගේ සංගමයට දන්වා තිබේ.

කායික හෝ මානසික හෝ වධ බන්දන මෙන්ම එවන් වෙනත් කෲරකම්, අමානුෂික ක්‍රියාකාරකම් සහ ආත්මගරුත්වය කෙළෙසෙන අන්දමේ කෙනෙහිලිකම් යුදමය අවස්ථාවකදී හෝ ජාත්‍යන්තර දේශපාලන අස්ථාවර අවස්ථාවකදී හෝ හදිසි අවස්ථාවක් වැනි කවර අන්දමේ තත්ත්වයක් යටතේ වුවද සාධාරණීකරණය කළ නොහැකි බව එම විද්වත්හු පෙන්වා දෙති.

ජාතිය, වර්ගය, ආගම, දේශපාලන දර්ශනය වැනි කරුණු අතින් එකිනෙකා වෙනස් මත දරන්නන් විය හැකි වුවත් ඒ සියලු දෙනාගේම ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම වර්තමාන ඇෆ්ගනිස්තානු පාලකයන්ගේ වගකීම බවද කමිටු සාමාජිකයෝ වැඩිදුරටද අවධාරණය කරති.

ඇෆ්ගනිස්තානු ස්වාධීන මානව අයිතිවාසිකම් කටයුතුවල වැදත්කම කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතු බව අවධාරණය කරන කොමිටු විද්වත්හු රැඳවුම්ගත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිතවී ඇත්ද යන්න නිරීක්‍ෂණ කිරීම සඳහා මෙන්ම වධ බන්දන වැළැක්වීම අරමුණු කරගත් යාන්ත්‍රණයක් උදෙසාද ස්වාධීන ආයතනයක් ස්ථාපනය කිරීමේ වැදගත්කම කෙරෙහිද කරුණු දක්වා ඇත්තාහ.

එම ආයතනයේ ප්‍රධානම කර්තව්‍ය වියයුත්තේ වින්දිතයන්ගේ ආරක්‍ෂාව සහ මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනයයි.

‘ඇෆ්ගනිස්තානු මානව අයිතිවාසිකම් කොමිසමේ සාමාජිකයන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්‍ෂාව සහතික කරන ලෙසට ඇෆ්ගනිස්තානු පාලන අධිකාරියට අපි සිහිපත් කරමු.’ යැයිද නිවේදනයේ සඳහනි.

ඇෆ්ගනිස්තානු මානව අයිතිවාසිකම් කොමිසමේ සාමාජිකයන්ගේ දේපොල කොල්ලකෑම්වලින් ආරක්‍ෂා කිරීමත් ඔවුන් ක්‍රියාත්මක කරන නිවාරණ (වැළැක්වීම්) ස්වාධීනව කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමත් පාලන බලධාරීන්ගේ නීතිමය වගකීම වන්නේය.

ඒ මන්ද යත් කායික හෝ මානසික හෝ වධ බන්දන වැළැක්වීම පිළිබඳ එත්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියට 1987 දී සහ 2018 දී ඇෆ්ගනිස්තානය විසින් එකඟතාව පළකරනු ලැබ අස්සන් කර ඇති හෙයිනි.

ඇෆ්ගනිස්තානු මානව අයිතිවාසිකම් කොමිසමේ සහ වධ බන්දන වැළැක් වීම අරමුණු කරගත් යාන්ත්‍රණයක් උදෙසා ස්ථාපනය කෙරෙන ස්වාධීන ආයතනයේ කටයුතු සඳහාත් ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රකාර පහසුකම් සැලසිය යුතුය.

ඒ පහසුකම් සැලසීම යන්නට රැඳවුම් ස්ථාන නිරීක්‍ෂණය කිරීම උදෙසා අවස්ථාව සලසා දීමද, රැඳවූවන්ගේ කායික හෝ මානසික හෝ වධ බන්දන සහ කෲරත්වය පිටුදැකීම වස් ඇෆ්ගනිස්තානු මානව අයිතිවාසිකම් කොමිසමෙන් කෙරෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමද ඇතුළත් වන්නේය.

ඇෆ්ගනිස්තානයේ විවිධ පළාත්වල විවිධ හේතූන් නිසා අනාරක්‍ෂිත වූවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ජාත්‍යන්තර මානව සංවිධාන එකසිය හැටක ක්‍රියාකාරීන් විශාල පිරිසක් මේ අතර මෙහෙයුම්වල යෙදෙන බව ලෝක ආහාර වැඩසටන සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීවන් ඩුජාරික් පැවසීය.
ඉස්ලාමාබාද් නගරයේ සිට කන්දාර් සහ මසාර් අයි ෂාරිෂ් දක්වා වූ තාවකාලිකව නැවතී තිබූ ගුවන් මගීන් ප්‍රවාහණ සේවාව පසුගිය අගෝස්තු 29 දින සිට යළි ක්‍රියාත්මක කෙරී ඇත. වාර්තාවන අන්දමට මේ දක්වා එසේ ක්‍රියාත්මක කෙරී ඇති ගමන් වාර ගණන තුනකි. එසේ ගොස් ඇත්තේ මසාර් අයි ෂාරිෂ් දක්වා පමණක් බවද පැවසේ.

මගී ප්‍රවාහන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීම සඳහා ගතහැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බවද ආහාරමය නොවන ඖෂධ වර්ග වැනි භාණ්ඩ අවශ්‍ය ස්ථානවලට ප්‍රවාහණය කිරීමට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවයක් මේ අතර ක්‍රියාත්මක කර ඇති බව ද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරයි.

මගී සහ ඖෂධ ගුවනින් ප්‍රවාහන කිරීමේ කාර්යභාරය මානව සංවිධාන මගින් ක්‍රියාත්මක කෙරෙන බවද එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

බලයේ නිවුන් සොහායුරා අවදානම බව චීනයට ‌තේරෙයි!

Next Post

අමෙරිකාවත් එක්ක හොර ගිවිසුම් ගහලා මේ අය ඒගොල්ලන්ගේ රටට යාවි! ජනතාව කොහේටද යන්නේ!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.