• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෝහල්වල කොරෝනා රෝගීන් අඩුවෙයි! ඇඳන් හිස්වෙයි!

September 20, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
රෝහල්වල කොරෝනා රෝගීන් අඩුවෙයි! ඇඳන් හිස්වෙයි!
Share on WhatsAppShare on Facebook

මේ වන විට කොවිඩ් රෝගීන් සහ කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර රෝහල්වලට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ ද කැපීපෙනෙන අඩුවීමක් පවතී.

කොවිඩ් ආසාදිත රෝගීන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලැබූ රෝහල් රැසකම මේ වන විට ප්‍රතිකාර ලබන්නේ පසුගිය කාලයේ ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාවට වඩා බොහෝ අඩු සංඛ්‍යාවක් බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

සංචරණ සීමා පැනවීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල හා ජනතාව ආරක්‍ෂාකාරී අයුරින් කටයුතු කිරීම ද මෙම රෝගීන් අඩුවීමට හේතු වූ බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ පසුගිය කාලයේ කොවිඩ් ආසාදිත රෝගීන් 600ක් පමණ ප්‍රතිකාර ලැබූ බවත් මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 169ක් පමණ බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ මහතා පැවසීය.

එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් 23ම මේ වන විටත් පිරී පවතින බව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කොවිඩ් රෝගී ප්‍රතිකාර සඳහා වෙන් කළ ප්‍රධානතම රෝහලක් වන අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ද මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ද අඩු වී ඇති බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.

අයි.ඩී.එච් රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ ඇඳන් 230ක සංඛ්‍යාවෙන් දැනට පිරී පවතින්නේ ඇඳන් 150 ක් පමණක් බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ එම ඇඳන් සංඛ්‍යාව ඉක්මවා රෝගීන් ඇතුළත් කෙරුණු අවස්ථා ද පැවති බව වෛද්‍යවරයා කීවේය.

කොවිඩ් ආසාදනය වී දින 14ක් ගතවූ පසුත් රෝග ලක්‍ෂණ පවතින රෝගීන් 30 දෙනකු ද ඒ අතර වන බව කී අධ්‍යක්‍ෂවරයා දැඩි සත්කාර ඇඳන් අටෙහිම මේ වන විටත් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බව කීවේය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් වෙන් කළ ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවී පසුගිය කාලයේ දැඩි ගැටලුකාරී තත්වයක් ද මතුව තිබූ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි ද මේ වන විට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්‍ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසුවේ එහි වාට්ටු හයක රෝගීන් 200ක් පමණ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

රට තුළ සංචරණ සීමා පැනවීමට පෙර කළුබෝවිල රෝහලේ කොවිඩ් රෝගීන් 400ක් පමණ ප්‍රතිකාර ලැබූ බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් අතර ඔක්සිජන් ලබාදෙන රෝගීන් ද සිටින බව කී වෛද්‍ය බෙල්ලන මහතා එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ දැඩි සත්කාර ඒකක ඇඳන් සියල්ල ද පිරී පවතින බව කීවේය.

පසුගිය කාලයේ රෝගීන් 100ත් 150ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබූ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ ශික්‍ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 58ක පමණ සංඛ්‍යාවක් බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පැවසීය.

එහි ද දැඩි සත්කාර ඒකක ඇඳන් හතරෙහිම කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ කොවිඩ් රෝගීන් 500ක් පමණ ප්‍රතිකාර ලැබූ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි ද මේ වන විට ප්‍රතිකාර ලබන්නේ රෝගීණ් 175ක් පමණ බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතා පැවසීය.

එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කළ දැඩි සත්කාර ඇඳන් 10 හිම මේ වන විටත් රෝගීන් ප්‍රතිකාර ලබන බව අධ්‍යක්‍ෂවරයා කීවේය.

රාගම රෝහලේ ද කොවිඩ් රෝගී වාට්ටු පිරීයාම නිසා පසුගිය කාලයේ දැඩි ගැටලුකාරී තත්වයක් මතුව තිබිණි. -ලංකාදීප

SendShareShare
Previous Post

ගුරුවරුත් ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි!

Next Post

මේ මාස් කන්නය ඉවර වෙද්දි සාගතයක් එනවාමයි! ආණ්ඩුවට එරෙහිව වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවකට සූදානමක්! (VIDEO)

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.