කොවිඩ් මර්දන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන නැති විසි දහසකට ආසන්න පිරිසක් කොළඹ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය.
එම පිරිස් විවිධ හේතු මත කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නැතැයිද ඇය සඳහන් කළාය.
විවිධ ආගමික හේතු, එන්නත් කටුවලට ඇති බිය,තමන් වැඩි කැමැත්තක් දක්වන එන්නත් පැමිණෙන තුරු බලා සිටීම වැනි හේතුද මේ අතර ප්‍රධාන යැයි පැවසූ ගුරුගේ මහත්මිය එන්නත හැකි ඉක්මනින්ම ලබාගන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නීය.
කොවිඩ් මරණවලින් වැළකීම සඳහා එන්නත ලබාගැනීම ඉතා වැදගත් බවද ඇය කීවාය.
එන්නත් මෙතෙක් ලබා නොගත් පුද්ගලයන්ට එන්නත ලබාදීම සඳහා කොළඹ නගරයේ විශේෂ ජංගම සේවාවක්ද අරඹා ඇතැයි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කළාය.









