• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට තවමත් රතු කලාපයේ! ලබන මස මුල තෙක් රට වහන්නැයි විශේෂඥ වෛද්‍යවරු ආණ්ඩුවට දැනුම් දෙයි!

September 16, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිසිය කරපු වැරදි වැඩක් පොලිස්පතිට අහුවෙයි: වහාම චක්‍රලේකයක් ගහයි

Sri Lankan police personnel check a car at a checkpoint as the government imposed travel restrictions and weekend lockdown to curb the spread of Covid-19 coronavirus in Colombo on May 14, 2021. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)

Share on WhatsAppShare on Facebook

රට තවමත් රතු කලාපයේ පවතින බැවින් ලබන මස මුල තෙක් රට වහන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

කොරෝනා වසංගතය- දුර දිග බලා ගතයුතු අවැසි පියවර

අප සියලු දෙනා දන්නා පරිදි කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අප රට තවමත් අධි අවදානම් කලාපයේ (එනම් red list) සිටින රටකි. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම මගින් රෝගීන් සංඛ්‍යාව අඩුවීම, ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ අඩුවීම සහ මරණ සංඛ්‍යාව අඩු වීම යන කරුණු තුනම මේ මොහොතේදී අපි දැන් යන්තමින් හෝ අත්දකිමින් සිටිමු .

මෙම දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික වශයෙන් ඉතාම දැඩි බලපෑමකට පත්වී ඇත්තේ සමාජයේ ඉතාම දිළිඳු පුද්ගල කණ්ඩායම් බව මනාව පැහැදිලිය. ඔවුන්ට මුහුණ පෑමට සිදු වී ඇති මෙම අති දුශ්කර තත්ත්වය අප හොඳාකාරව දන්නා නමුදු අප විසින් අමතක නොකළ යුතු දෙය නම් දැනට අප රෝගය පැතිරීම පාලනය සම්බන්ධයෙන් යම් ජයග්‍රහණයක් ලබා ඇත්නම් එය තවදුරටත් රැකගැනීම සඳහා මෙම සංචාරණ සීමා දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බව ය. අප මෙහිදී අදහස් කරන්නේ සංචරණ සීමා දීර්ඝ කිරීමේ තීරණ ගැනීමේදී දිගුකාලීන ජයග්‍රහණයක් ලැබීමට නම් කෙටි කාලීන විසදුම් සඳහා නොයා යුතු බවයි.

රටක් වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ අප දැනට සිටින දැඩි අවදානම් තත්ත්වය(රතු කලාපය) යන ලේබලයෙන් මිදී දිගුකාලිනව අඩු අවදානම් සහිත තත්ත්වයක් (කොළ කලාපයට) කරා අප රට රැගෙන යාම ය. මෙහිදී තීරණ ගැනීමේ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ සඳහා අවශ්‍ය කරන විශේෂඥ උපදෙස් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ අප රටේ විශේෂඥයන් මීට කලකට පෙර දුන් උපදෙස් මාලා පිළි ගෙන තවදුරටත් සංචරණ සීමා දිගු කිරීම- එනම් අඩුම වශයෙන් ලබන මස මුල දක්වා එය දීර්ඝ කරන ලෙසයි. මෙය අප විසින් අනුමත කරන්නේ මෙම තීරණය මීට ප්‍රථම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ අපගේ විශේෂඥයන් විසින් විද්‍යාත්මක ලෙස දත්ත විශ්ලේෂණය කිරීමෙන් කරන ලද නිර්දේශයක් බැවිනි. තවද දැනට ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා එක්වරම අහෝසි කළහොත් අප රට පුරා දැනට විශාල වශයෙන් පැතිරෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මගින් රටේ නැවතත් රෝගීන් වැඩි වීම සහ එමගින් මරණ සංඛ්‍යාව ඉහළ යාම තුළින් අප දැනට සති කිහිපයකට පෙර ලැබූ අත්දැකීම නැවත අත්විඳීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි.

පාසල් ළමුන්ගේ එන්නත්කරණය සහ නැවත පාසල් විවෘත කිරීම ඉතා දැඩි සංයමයකින් යුතුව කළ යුතු දෙයකි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය විසින් යෝජනා කර ඇති “දැඩි අවදානම් සහිත” ළමුන්ගේ එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාව අප විසින් අනුමත කරන නමුදු සියලු පාසැල් ළමුන් එන්නත්කරණය සඳහා සුදුසු දැයි තීරණය කිරීම සඳහා දැනට අන්තර්ජාතිකව ඇති දත්ත ප්‍රමාණවත් නොවේ. එසේම දැනට ඇති දත්ත මගින් අපට තීරණය කළ හැකි වන්නේ පාසැල් ළමුන් එන්නත්කරණය කිරීම අවශ්‍ය නම්, විශේෂයෙන්ම වයස අවුරුදු 12 සහ 18 අතර කණ්ඩායම සැලකීමේදී, Pfizer එන්නත මේ සඳහා ඉතාම සුදුසු එන්නත බව දැනට යෝජනා වී ඇති බවයි. තවද, ඒ සඳහා අවසන් තීරණය ගැනීමේදී තවදුරටත් විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයකින් පසුව මෙම තීරණය ගැනීම වැදගත් බව අපි අවධාරණය කරමු.

පාසල් නැවත විවෘත කිරීමේදී සිදුවිය හැකි ප්‍රධාන අවදානම නම් ලමයින්ගේ කෙළිලොල් හැසිරීම නිසා ඔවුන් අතර “ළමුන්ගෙ කොරෝනා” කණ්ඩායමක් බිහිවීමට ඇති හැකියාවයි. මෙමගින් නැවතත් පාසල් ළමුන් හරහා, වැඩි ප්‍රමාණයකට රෝගය බෝ වීම සිදුවිය හැකි වීම තවත් අවදානමකි.

සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට ගෙන ඒම මෙම අවස්ථාවේදී ආර්ථික වශයෙන් ඉතා වැදගත් වන නමුත් මෙහිදී අප විසින් ඉතා විධිමත් මෙන්ම විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මගින් තෝරාගත් රටවල් කිහිපයකට වඩා ලෝකයේ ඕනෑම රටකින් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි විශ්වාසයක් ඇතිකළ යුතු අතර ඔවුන්ට මෙහිදී රෝගය බෝවීමේ හැකියාව ඉතා අවම බව ප්‍රත්‍යක්ෂ වීමේ ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.

අපගේ අවධානයට ලක් වී ඇති අනිත් කරුණ නම් තෙවැනි මාත්‍රාවක අවශ්‍යතාව පිළිබඳව මේ දිනවල ඇති සංවාදයයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප දැඩි ලෙස විශ්වාස කරන්නේ සමාජ සාධාරණයට මුල්තැන දෙමින් රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති වයස අවුරුදු 60ට වැඩි අය සහ අනෙකුත් අතුරු ආබාධ ඇති පුද්ගලයින්ට මාත්‍රාවන් දෙකම ලබා දීමට පෙර තරුණ සෞඛ්‍ය සම්පන්න අයට තෙවැනි මාත්‍රාවක් ලබා දීම විද්‍යාත්මක සහ සමාජයීය මූලධර්මයන් ට පටහැනි වන බවයි. අප විසින් අවධාරණය කළ යුතු තව කරුණක් නම් වයස අවුරුදු 60 ට වැඩි සහ අනෙකුත් පිළිකා වැනි අතුරු ආබාධ ඇති , sinopharm දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇති අයට Pfizer හෝ වෙනත් වර්ගයක එන්නත තුන්වෙනි මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි.

Sinopharm මාත්‍රා දෙකම ලබා වුවද මරණයට පත් වූ සංඛ්‍යාව අනිකුත් වර්ගවල එන්නත් මාත්‍රා දෙකම ලබා මරණයට පත්වූ සංඛ්‍යාවට වඩා සුළු වශයෙන් හෝ වැඩි වීම අපගේ මෙම යෝජනාවට හේතුවක් ලෙස දක්වමු.

අවසාන වශයෙන් , සමාජයේ වයස 20 සහ 30 අතර තරුණ කණ්ඩායම් සඳහා sinopharm එන්නත ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බව සෞඛ්‍ය ඉගැන්වීම් මඟින් මනාව පැහැදිලි කර දී ඔවුන්ට sinopharm එන්නත ලබාදීම මගින් ලංකාවට අවශ්‍ය කරන එන්නත්කරණ ඉලක්ක ඉතා ඉක්මනින් සපුරා ගැනීම මේ මොහොතේ දී අත්‍යවශ්‍යම කාරණයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම ඉතා වැදගත් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

SendShareShare
Previous Post

මේ වගේ අමනයෝ ආවොත් ඇටකටු කුඩු කරලා හප කරලා එළියට දාන්න! ෆොන්සේකා සිරකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි! (VIDEO)

Next Post

කොළඹ 20,000ක් පසුපස පොලිසිය පන්නයි! එකම එන්නතක්වත් අරන් නෑ!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.