• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලබන අවුරුද්දේ බඳින්න තමයි හිතන් ඉන්නේ…

September 15, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ලබන අවුරුද්දේ බඳින්න තමයි හිතන් ඉන්නේ…
Share on WhatsAppShare on Facebook

කොරෝනා කියලා අපිට ටෙලිනාට්‍ය අතරමග දාලා යන්න බැහැ…

පසුගිය දවස්වල ක්‍ෂේත්‍රයේ ශිල්පීන් එක දිගට මෙගා නිර්මාණවල වැඩ කිරීමට අපහසු බව සඳහන් කර තිබුණා. ඒ වෙන කිසිවක් නිසා නොව මේ කොරෝනා වසංගතයත් එක්ක ජීවිතයට තිබෙන ආදරය නිසා ඔවුන් නිර්මාණ ප්‍රතික්‍ෂේප කළා. ඉතින් එලෙස කාලයක් තිස්සේ නිර්මාණ රැසකට දායක වුණු නයෝමි තක්ෂිලා ගත්ත තීරණය කොයි වගේද කියා දැනගැනීමට අපි ඇය සමග කතා කළා…

තිබුණු කාර්යබහුලත්වයට නයෝමිට දැන් විවේකයක් ලැබිලා වගෙයි මේ දවස්වල?
පසුගිය දවස්වල මම එක දිගට නිර්මාණවල වැඩ කළා. කොරෝනා වසංගතයක් කියලා වැඩ නොකර හිටියේ නැහැ. ඒ සියලුම වැඩ ඉවර කරලා මම අනුරාධපුරේ මගේ ගමට ඇවිල්ලා පවුලේ අයත් එක්ක මේ දවස්වල කාලය ගතකරනවා.

ඔබත් කාලයක් තිස්සේ එකදිගටම ‘මෙගා ටෙලිනාට්‍ය’වල වැඩ කරනවා. දැන් තිබෙන මේ වාතාවරණයත් එක්ක කෙහොමද රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නේ?
මම ‘නීල පබළු’ නාට්‍යයේ අවුරුදු දෙකක ඉඳලා වැඩ කරනවා. ඒ වගේම ‘ඇය’ ටෙලිනාට්‍යයේත් වැඩ කරනවා. කොරෝනා තියෙනවා කියලා අපිට නිර්මාණ අතරමග දාලා යන්න බැහැ. පසුගිය දවස්වල මමත් දැක්කා මගේ ආදරණීය ශිල්පීන් මේ ප්‍රශ්න නිසා වැඩ කරන්න බැහැ කියලා සඳහන් කරලා තියෙනවා. අපිට කොරෝනාව නවත්වන්න බැහැ. රෝගයෙන් ආරක්‍ෂා වෙලා වැඩ කිරීමයි වැදගත්.

‘මුතු මැණිකා’ තුළින් ඔබේ රංගනය වෙනස් මාවතකට ගෙන ගිය බව පිළිගන්නවද?
අනිවාර්යයෙන්ම ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ ‘මුතු මැණිකා’ මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්. මම ගොඩාක්ම ආශාවෙන් කරපු චරිතයක්. ඒ චරිතය නිරූපණය කරපු හැටි මට මතක් වෙද්දී තවමත් බය හිතෙනවා. අභියෝග රැසකට මුහුණ දෙමින් මම ඒ චරිතය ජීවත් කිරීමට උත්සාහ කළා. නැවැත ප්‍රේක්‍ෂකයන්ට ‘රන්තිලි වැව’ නැරැඹීමට අවස්ථාව උදාවෙලා තියෙනවා. මම හිතනවා වෙනදාට වඩා හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් මට ලැබෙයි කියලා.

ළඟදීම විකාශය වීමට නියමිත ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයෙත් ඔබ සුවිශේෂී චරිතයක් ඉදිරිපත් කළා නේද?
‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යය සැප්තැම්බර් දොළොස් වැනිදා ඉඳලා විකාශය වීමට නියමිතයි. ඒ නිර්මාණයේ ‘පද්මාවතී’ ගැන කියනවාට වඩා හොඳයි ප්‍රේක්‍ෂකයන් එය නරඹලා මට දක්වන ප්‍රතිචාරය කොයි වගේද කියලා දැනගැනීමට.

නිතර දෙවේලේ ඔබේ රුව ප්‍රේක්‍ෂකයන්ට සමීපවන විට ප්‍රතිචාර අඩුවක් වෙයි නේද?
මම සම්බන්ධ වුණු නිර්මාණවල චරිත එකිනෙකට වෙනස් බවක් තිබෙනවා. ඒ හැම චරිතයකම ඉන්නේ නයෝමි තක්ෂිලා විදියට නෙවෙයි. මගේ බාහිර ස්වරූපය එකිනෙකට වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රේක්‍ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර අඩුවක් නැහැ. තවත් කරුණක් තමයි මටවත් එහෙම එපා වෙලා නැහැ. නිතර දෙවේලේ මගේ රූපය දකින නිසා තව තවත් රඟපෑමට තමයි හිත යොමුවෙන්නේ.

ඔය කරුණු කාරණා අතර ඔබ ජීවිතයට වෙනසක් කිරීමට සූදානම් වෙනවා නේද?
ඔව්… ඉතින් හැමදාම මෙහෙම ඉන්න බැහැ. මම දැන් පෙම්වතියක්. පෙම්වතා ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් ලබන අවුරුද්දේ විවාහ වීමට තමයි අපි හිතාගෙන ඉන්නේ. විවාහ වුණා කියලා රඟපෑමෙන් ඉවත් වීමට මගෙ අදහසක් නැහැ. ඔහු මට උපරිම නිදහස දීලා තියෙන්නේ මගේ මේ වැඩකටයුතු කරගෙන යෑමට.

තිබුණු ජනප්‍රියතාවයත් එක්ක ක්‍ෂේත්‍රයෙන් ආදර ඇරැයුම් තිබුණේ නැද්ද?
මම ක්‍ෂේත්‍රයේ සියලුම ශිල්පීන්ට ආදරය කරනවා. ඒ සියලුම දෙනා මගේ සහෝදරයන් වගේ. ඉතින් එහෙම බැඳීමක් හැර වෙන සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට හිතුවේ නැහැ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හම්බන්තොටින් වාර්තාවක්! 186%ක වර්ධනයක්!

Next Post

කොරෝනා හැදුණු ළමයි 7534ක් ‌ගෙවල්වල!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.