ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීම මත අද (22) බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමක් අවසන් කර පිටත්ව යෑමට ගිය අවස්ථාවේ දී ඒ මහතා මෙලෙස රෝගාතුර වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව පැවසේ.
පසුගිය දින කිහිපය පුරා ඒ මහතා සාමාන්‍ය උණ රෝගයෙන් පෙළී ඇති අතර ඒ තත්ත්වය වර්ධනය වීම මේ සදහා බලපා ඇති බව දැනගන්නට ඇත.










