උතුරු පළාත නියෝජනය කරන සියලු දමිල පක්ෂ ජනාධිපතිවරණය මුල් කරගෙන මේ වනවිට පොදු එකගතාවකට පැමිණ ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව සියලු පක්ෂ මේ වනවිට කරුණු 13කින් යුත් යෝජනාවලියක් දකුණේ සියලු පාර්ශ්ව වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තනි තනිව හෝ දකුණේ පක්ෂ සමග සාකච්ජා නොකරන ස්ථාවරයකට එළඹ ඇත.
මෙම එකගතාව අනුව යමින් අගමැති රනිල් වික්රමසිංහ මහතා සාකච්ජාවක් සදහා කළ ඉල්ලීමක් දෙමළ ජනතා පක්ෂයේ නායක හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ප්රතික්ෂේප කොට තිබේ.










