• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඇල්පිටිය දිනවපු ගීතා අද කියන දුක හිතෙන කතාව

October 21, 2019
in News, Politics
Reading Time: 4 mins read
A A
ඇල්පිටිය දිනවපු ගීතා අද කියන දුක හිතෙන කතාව
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී පැවැත්වුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේදී දකුණේ ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ පැහැදිලි ඉඟියක් ලබාදෙන බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසය. ඇල්පිටියේ බලය ලබාගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකම දැඩි උනන්දුවකින් කටයුතු කළේද ඒ නිසාය. කෙසේ වෙතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමිවුණේද දකුණේ පළාත් පාලන ආයතන බහුතරයක බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ප්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාස 17ම ජයගැනීමට පොදුජන පෙරමුණ සමත් වූ අතර එය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 56%කට වැඩි ප්‍රතිශතයක් විය. මේ දැවැන්ත ජයග්‍රණයත් සමඟ බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ බෙන්තර – ඇල්පිටිය ආසනයේ සංවිධායකවරිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය කෙරෙහිය. දේශපාලන දිවියේ දහසක් බාධක මැදින් පැමිණි ඇය මේ ජයග්‍රහණයත් සමඟ තම දක්ෂතාව නැවත වරක් ඔප්පු කර ඇත. මේ, ඇල්පිටියේ ජයග්‍රහණය සහ ඇල්පිටියේ දේශපාලනය සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහ මහත්මිය “මව්රට” සමඟ කළ විශේෂ සාකච්ඡාවේදී ඇය දැක්වූ අදහස්ය.


ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශාල ජයග්‍රහණයක් හිමි වුණා. ආසනයේ සංවිධායකවරිය විදියට මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔබතුමියටත් ලොකු සතුටක් ඇති. මේ ලබපු අතිවිශාල ජයග්‍රහණය ගැන මොනවද ඔබතුමියට කියන්න තියෙන්නේ?
ඇත්තටම මේ ජයග්‍රහණය ගැන වැඩියෙන්ම සතුටු වෙන කෙනා තමයි මම. ඇත්තටම ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17න් 17ම අපි දිනනවා කියන එක මම තීරණය කළේ අපේක්ෂකයෝ තෝරන අවස්ථාවෙදිමයි. මේ මැතිවරණය සඳහා ඉතාම දක්ෂ, ජනතාවගේ ආදරය දිනාගත්ත අපේක්ෂක පිරිසක් ඉදිරිපත් කරන්න අපිට පුළුවන් වුණා. අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා මම පෞද්ගලිකවම මැදිහත් වුණා. විශේෂයෙන් කාන්තා අපේක්ෂකයන් තෝරගනිද්දී. අපි තෝරගත්ත කාන්තා අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනෙක් උපාධිධාරිණියක්. විරුද්ධ පාර්ශ්වය විවිධ අපචාර සඳහා සම්බන්ධ සමාජයේ විරෝධයට ලක්වෙලා තියෙන පිරිස් ඉදිරිපත් කරලා තියෙද්දී, ජනතාවට පිළිගන්න පුළුවන් අපේක්ෂක පිරිසක් ඉදිරිපත් කරන්න අපිට පුළුවන් වුණා. අපේ තීරණය හරි කියන එක ජනතාව පිළිඅරගෙන තියෙනවා.

ආසනයේ සංවිධායකවරිය විදියට මේ ජයග්‍රහණයේදී ඔබතුමිය ඉටුකළ කාර්යභාරය මොන වගේද?
ආසනයේ සංවිධායක ගෙදර ඉඳන් නිදාගන්න කෙනෙක් වුණොත්, එහෙම නැත්නම් කොළඹට වෙලා ඉන්න කෙනෙක් වුණොත් මේ වගේ ජයග්‍රහණයක් ලබන්න බැහැ. මේ ජයග්‍රහණය වෙනුවෙන් මම හැම කොට්ඨාසයකටම ගියා. ශාඛා සමිති හැම එකමට ගියා. අපේ පක්ෂයේ අපේක්ෂකයන්ට ඡන්දය දෙන්න කියලා ජනතාවගේ ළඟට ගිහින් ආයාචනා කළා. මගේ ආසනය බෙන්තර ඇල්පිටිය. මගේ ආසනයට අයත් ප්‍රාදේශීය සභා දෙකක් තියෙනවා. ඒ අතරින් බෙන්තර ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 13න් 13ම අපිට ජයග්‍රහණය කරන්න හැකි වුණා. නීතිමය කාරණාවක් හේතුවෙන් කල්ගිය ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය තමයි පසුගිය දවසක පැවැත්වුණේ. ඒ ජයග්‍රහණයත් එක්ක මගේ ආසනයේ කොට්ඨාස සියල්ලේම ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිකර දෙන්න මට පුළුවන් වුණා. ඒකත් වාර්තාවක් විදියට සලකන්න පුළුවන්. මොකද ගාල්ල දිස්ත්‍රික්කයේ කොට්ඨාස කිහිපයක් පොදුජන පෙරමුණ පරාජය වෙලා තියෙනවා. මේ ජයග්‍රහණය මම 100%ක් විශ්වාස කරලා තිබුණේ. ජයග්‍රහණය වෙනුවෙන් එක එක්කෙනාට ඇවිත් නටන්න දෙයක් ඇල්පිටියේ තිබුණේ නැහැ. මොකද ජයග්‍රහණයට අවශ්‍ය පාර මම හදලයි තිබුණේ. කොහොම වුණත් මේ ඡන්දය මෙහෙයවන්න අපේ දිස්ත්‍රික් නායක රමේෂ් පතිරණ මන්ත්‍රීතුමාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කළා. ඒ හරහා තමයි ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූයේ. ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයොත් අපිට ලොකු සහයෝගයක් දුන්නා.

ඒත් අපි දන්න විදියට ඔබතුමියගේ දේශපාලන ගමන සුන්දර එකක් නෙවෙයි. මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයත් බාධක ගොඩක් මැද්දේ තමයි මෙහෙයවන්නේ. ඒ ගැන කතා කළොත්?
කලා ලෝකයේ හිණිපෙත්තටම නැඟලා ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟලා හිටපු මම දේශපාලනයට පිවිසීම ඉරණම අනුව සිද්ධ වුණු දෙයක් කියලයි මං හිතන්නේ. මං දැන් දේශාපාලනය ඇවිත් අවුරුදු 10යි. ඔය අවුරුදු 10 පුරාවට මේ දේශපාලන ගමනෙදි මං විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන්නා. දේශපාලනයට ඍජුව සම්බන්ධ වෙලා අවුරුදු 10ක් වුණත්, මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ අවුරුදු විසි ගණන්වලදී. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු අවස්ථාවේ මම ප්‍රසිද්ධියේ ඒ වෙනුවෙන් පෙනී හිටියා. පාරවල් ගානේ ගියා. එතැනින් පස්සේ දේශපාලනයෙන් ඉවත් වෙලා හිටිය මම නැවතත් 2010 වසරෙදි තමයි දේශපාලන වේදිකාවට නඟින්නේ.

කොහොමද ඒ ආගමනය සිද්ධ වෙන්නේ. අපි ඒ ගැනත් කතා කරමු?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික ආරාධනාව මත තමයි මම දේශපාලන වේදිකාවට ගොඩවුණේ. ඒ ඉල්ලීමට මම මුලින් කැමැති වුණේ නැහැ. ඒත් එතුමා කිහිප වරක්ම ඒ ඉල්ලීම කරද්දි මට ඒක අහක දාන්න බැරි වුණා. අනෙත් එක තමයි මේ රටේ යුද්ධය අවසන් කරලා ඒකීය, සාමකාමී රටක ජීවත් වෙන්න අපිට අවස්ථාව උදාකර දුන්නු එතුමා තවත් කාලයක් මේ රට පාලනය කරන්න ඕන කියන මතයේ මම හිටියා. ඒ හින්දා ඒ වෙනුවෙන් එතුමාගේ වේදිකාවට ගොඩවෙන්න මම තීරණය කළා.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් පෙනීසිටිය ගීතා කුමාරසිංහ තමන්ගේ දේශපාලන ගමන සඳහා බෙන්තර ඇල්පිටියම තෝරාගන්න හේතුව මොකක්ද? ඒ කාලේ හිටිය දේශපාලනඥයෝ සහ ජනතාව ඒ තීරණය භාර ගත්තේ කොහොමද?
2010 වසරේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනීහිටියට පස්සේ මම දන්නෙවත් නැතිවම මම දේශපාලනය ඇබ්බැහි වුණා. ඒ වෙද්දි කලාකාරිනියක් විදියට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ හිටිය සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළින්ම හිටිය කෙනෙක් විදියට මට තව ලබාගන්න දෙයක් තිබුණේ නැහැ. ඒත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඕනේ කියන හැඟීම මට ආවා. ජනතාව එක්ක කතාකරන්න වගේම ඒ ප්‍රශ්න දේශපාලනඥයන්ට ඉදිරිපත් කරන්නත් මට ඕනෙ වුණා. අන්තිමට මටත් දේශපාලනයට සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම ජනතාව තුළින්ම ආවා. බෙන්තර ඇල්පිටිය කියන්නේ මගේ උපන් ගම. ඒ වෙද්දි බෙන්තර ඇල්පිටියට අවුරුදු 17කින් විතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙලා හිටියේ නැහැ. ඒ ගමේ ජනතාවගේ දුක් ගැන කතාකරන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ හින්දා බෙන්තර ඇල්පිටියෙන් දේශපාලනයට පිවිසෙන්න මම තීරණය කළා. මගේ තීරණයට මගේ මහත්තයා එක හෙළාම විරුද්ධ වුණා. මගේ පවුලේ අය විරුද්ධ වුණා. දරුවා විරුද්ධ වුණා. ඒත් ඒ හැම විරෝධයක්ම නොතකා ජනතාව වෙනුවෙන් කැපවෙන්න මම තීරණය කළා. 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයට බෙන්තර ඇල්පිටිය ආසනයෙන් තරග කරන්න මම තීරණය කළා. ඒත් ඒ වෙලාවේ අපේ පක්ෂයේ තවත් අපේක්ෂකයෙක් බෙන්තර ඇල්පිටියට ඉදිරිපත් කරලා තිබුණා. වර්තමාන පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහත්මයා තමයි අනෙක් අපේක්ෂකයා වුණේ. එක ආසනයේ අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නකොට එක්කෙනකුටවත් දිනන්න අමාරුයි. ඇත්තටම නාමයෝජනා භාරදෙන මොහොත වෙනකම්ම මං ඒ ගැන දන්නේ නැහැ. ඒ හින්දම ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයකින් මම පරාජයට පත් වුණා. ඒත් සාගර කාරියවසම් මහත්මයට වැඩිය මම මනාප ඡන්ද ලබාගත්තා. එතැනින් පස්සේ තමයි මට බෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායක ධුරය හම්බවුණේ.

පළමුවැනි මැතිවරණය පරාජය වුණාට පස්සේ ඔබට මොනවද හිතුණේ. දේශපාලනය ගැන කලකිරුනේ නැද්ද?
මට ලොකු දුකක් ඇතිවුණා. ඒත් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තමයා මාත් එක්ක කතා කළා. ගමට ගිහින් ගමේ මිනිස්සුත් එක්ක වැඩ කරලා ඊළඟ ඡන්දෙදි බලන්න කියලා එතුමා මට කිව්වා. ඉතිහාසයේදී එතුමත් මැතිවරණ පරාජය වෙලා තියෙන බව එතුමා මා එක්ක කිව්වා. මං එතුමා කිව්ව විදියට වැඩ කරන්න පටන් ගත්තා. මං හැම සිකුරාදාම ගමට ගිහින් සඳුදා වෙනකං ගමේ හිටියා. මගේ පෞද්ගලික මුදල් වියදම් කරගෙන මිනිස්සු වෙනුවෙන් වැඩ කළා. මොකද ඊට කලින් එක්තරා නිළියක් දකුණු සභාවට පත්වෙලා හිටියා. හැබැයි පත්වුණා විතරයි එයා ජනතාවට කිසි දෙයක් කරලා තිබුණේ නැහැ. මාත් ඒ වගේ වේවි කියන මතය ජනතාව තුළ ඇතිකරන්න ඇතැම් අය උත්සාහ කෙරුවා. ඒක එහෙම නෙවෙයි කියන එක ඔප්පු කරන්න මට සිද්ධවුණා. මං ඒක කළා. ඊළඟට තිබුණු පළාත් පාලන මැතිවරණයෙන් 59%ක ඡන්දයකින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව දිනවලා දෙන්න මට පුළුවන් වුණා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තමන්ගේ ආසනයෙන් වැඩිම මනාප ලබාගත් අපේක්ෂිකාව විදියට පාර්ලිමේන්තු යන්න මට පුළුවන් වුණා.

අපි නැවතත් පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දය දෙසට හැරුණොත්, ඔබතුමිය කියන විදියට මීට පෙර පැවැති පළාත් පාලන මැතිවරණයේදී ඔබතුමියගේ කණ්ඩායම 59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. ඒත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවෙලා තියෙන්නේ 56%ක ඡන්ද ප්‍රතිශතයක් විතරයි. එහෙම බැලුවම මේ සැරේ ඡන්ද ප්‍රතිශතය තරමක් දුරට අඩුවෙලා නේද?
ඒකට හේතු කිහිපයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඉදිරිපත් වුණු එකත් ඒකට එක හේතුවක්. ඡන්දෙට මොහොතකට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සහාය දෙන බව ප්‍රකාශ කිරීමත් එක්ක දැන් අපි දෙගොල්ලොම එකයි කියන දේ නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ ජනතාවට කියලා තිබුණා. අනිත් එක සභාපති ධුරය ලබාගැනීම සඳහා අපේ පක්ෂයේ අපේක්ෂකයන් අතර තිබුණු පොරයත් මේකට බලපෑවා කියලා මට හිතෙනවා. මොකද මේ අපේක්ෂකයගේ ප්‍රතිශතය වැඩි වෙන හින්දා ශ්‍රී ලංකා එකේ එක්කෙනාට ඡන්දය දෙන්න කියලා සමහර තැන්වල අපේ අයම කියලා තිබුණා. ඒ වගේම මට හිතෙන විදියට මේකට බලපෑව තවත් ප්‍රධානම කාරණයක් තියෙනවා. කලින් සැරේ පළාත් පාලන මැතිවරණය සම්පූර්ණයෙන්ම සිද්ධ වුණේ මගේ අධීක්ෂණය යටතේ පමණයි. ඒත් මේ සැරේ ඒක එහෙමම සිද්ධ වුණා කියන්නත් බැහැ. මට ඕනෙ විදියට මේ ඡන්දය කරන්න තිබුණා නම් 60%කට වැඩි ප්‍රතිශතයක් ගන්න තිබුණා කියලත් මට හිතෙනවා. ඒත් කොට්ඨාස 17ම ජයග්‍රහණය කරපු හින්දා ඒ ගැන මට දුකක් නැහැ.

වර්තමානය වෙද්දිත් ඔබතුමියට පක්ෂය අභ්‍යන්තරයෙන් ලොකු කැපිල්ලක් තියෙන බව තමයි ඒ කතාබහෙන් පේන්නේ. ඇත්තටම ඒක එහෙමද?
පැහැදිලිවම ඔව්. බෙන්තර ඇල්පිටියේ සංවිධායකවරිය විදියට ජනතාව මං වටේ එකතු වෙන එක අපේ පක්ෂයේම සමහර අයට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒත් ඒ අයට ඒක නවත්තන්න බැරි වුණා. 2015 මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට ගිය මගේ මන්ත්‍රී ධුරය ඉතාම අසාධාරණ විදියට අයින් කරාට පස්සේ බෙන්තර ඇල්පිටියෙන් මාව එලවන්න ඒ අය හැකි හැම දේම කෙරුවා. ආසනයේ සංවිධායක ධුරය බලාපොරොත්තුවෙන් ඉන්න පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු කිහිප දෙනෙක් ඒ වැඬේට මුල්වෙලා ඉන්නවා. ඒ අය කවුද කියන එක මම ළඟදිම හෙළිකරනවා. මගේ සංවිධායක ධුරය ගැන ඒ අය පක්ෂ නායකත්වයට විවිධ දේ කිව්වා. මං ඒවට උදවු කරන්නේ නැහැ කිව්වා. මගෙ ස්වාමිපුරුෂයා මාත් එක්ක නැහැ, මට පිරිමි ළමයෙක් නැහැ. තනි ගැහැනියක් විදියට තමයි මං මේ හැම දේම කරන්නේ. ඉතිං පිරිමි කට්ටියක් එකතුවෙලා බීලා රෑට පාටි දාන තැනකට මං යන්නේ කොහොමද? ගීතා කුමාරසිංහ කියන්නේ තමන්ගේ ආත්මගරුත්වය රැකගත්ත චරිතයක්. මට ඒක බිඳගන්න බැහැ. අපේ ආසනයේ ඇතැම් මන්ත්‍රීවරුනුත් මේකට හවුල් වුණා. හැබැයි මං හිතන්නේ මේ පාර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඒ අය මං ගැන තේරුම් ගත්තා. මොකද අම්මා කෙනෙක් දරුවන්ගේ හැම වැරැද්දටම සමාව දෙනවා වගේ මං හැම අපේක්ෂකයා වෙනුවෙන්ම ජනතාව වෙතට ගියා. මේ අයට ඡන්දය දෙන්න කියලා ජනතාවගෙන් ආයාචනා කෙරුවා. හැබැයි එක දෙයක්. මං හිතන්නේ ජනාධිපතිවරණය අවසන් වනතුරු අපි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නම්කරන්න හොඳ නැහැ. මං ඒ ගැන පක්ෂ නායකත්වය දැනුවත් කරලයි තියෙන්නේ. මොකද එහෙම වුණොත් ජනාධිපතිවරණයට වැඩකරන්න මාත් එක්ක කවුරුත් නැති වේවි කියලයි මට හිතෙන්නේ.

අපි එහෙනම් ඉදිරි ජනාධිපතිවරණය ගැන කතා කරමු. කොහොමද ජනාධිපතිවරණයට ඇල්පිටියේ තියෙන සූදානම?
මේ වෙලාවේ රටට අවශ්‍යම, සියලුම දෙනා ඉල්ලන අපේක්ෂකයා අපට හම්බවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපති ධුරයට සුදුස්සා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන එක දැනටමත් ඇල්පිටියේ ජනතාව තෝරගෙන ඉවරයි. ඒ හින්දා ඉදිරි ජනාධිපතිවරණයෙන් බෙන්තර ඇල්පිටිය ආසනයෙන් අතිවිශාල ජයග්‍රහණයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හිමිවෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. හැබැයි මට ලොකු දුකක් තියෙනවා. මේ පාර ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි එකක්වත් බෙන්තර ඇල්පිටියට දීලා නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙක් හැම ආසනයකටම ප්‍රචාරක රැළි දීලා තියෙද්දී අපට විතරක් අසාධාරණයක් කරල තියෙන්නේ ඇයි කියලා ජනතාව මගෙන් අහනවා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මෙච්චර ජයග්‍රහණයක් ලබාදුන්න ඇල්පිටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එන්නේ නැත්තේ ඇයි කියලා ජනතාව අහන ප්‍රශ්නවලට දෙන්න උත්තර මට නැහැ.

එහෙම වෙන්න හේතුව මොකක් කියලද ඔබතුමිය හිතන්නේ. මේ ගැන පක්ෂ නායකත්වය දැනුවත් කරන්න අදහසක් නැද්ද?
දිස්ත්‍රික්කයේ නායකයා විදියට රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා තමයි රැලි තියෙන ස්ථාන සහ දින තීරණය කරන්නේ. ඇල්පිටියට රැලියක් ලබා නොදීමේ වගකීම එතුමා භාරගන්න ඕනේ. මේ දවස්වල ඉන්න තත්ත්වයත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයට මේ ගැන කියල කරදර කරන්න මට බැහැ. ඒත් මේ තත්ත්වය ගැන බැසිල් රාජපක්ෂ මහත්තයා දැනුවත් කරන්න නම් මම හැකි ඉක්මනින් කටයුතු කරනවා.

මේ තත්ත්වය යටතේ ඔබතුමියගේ ඉදිරි දේශපාලන කටයුතු මොන වගේ වේවිද?
ඊළඟ මැතිවරණයට තරග කරලා නැවතත් පාර්ලිමේන්තුවට යන එක තමයි මගේ බලාපොරොත්තුව. පසුගිය අවුරුදු 10ම ජනතාව වෙනුවෙන් කැප කරපු කෙනෙක් විදියට ඒක මට ලැබෙයි කියන විශ්වාසය මට තියෙනවා. ඒ වගේම තමයි අසාධාරණ ලෙස ඉවත්කරපු මගේ මන්ත්‍රී ධුරයට පත්වුණු පියසේන ගමගේ මහත්තයා එක්සත් ජාතික පක්ෂයට එකතු වෙද්දී ජනතාවත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ හිටිය මට ඒ සහයෝගය ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ලබාදෙනවා කියන එක මම දන්නවා. හැබැයි මේ රටේ හොඳ වැඩ කරන අයට හැමදාම වෙන්නෙ අසාධාරණ වැඩ. අන්ත ජරා වැඩ කරන අයට තමයි මේ රටේ හොඳ ප්‍රතිඵල හම්බ වෙන්නේ.

අවසන් වශයෙන් මේ ප්‍රශ්නය අහන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේක්ෂකත්වය ලැබීමත් එක්ක එක්සත් ජාතික පාක්ෂිකයන් තුළත් පිබිදීමක් ඇති වෙලා නේද? සජිත් ප්‍රේමදාස රැල්ල ඇල්පිටියට දැනෙන්නේ කොහොමද?
මුහුදු රැලි හැර වෙන කිසිම රැල්ලක් මෙහෙ නම් නැහැ. එක්සත් ජාතික පක්ෂ රැලියක 10 දෙනක්වත් ඉන්නවා අපි නම් දැක්කේ නැහැ. ඒ වගේම තමයි හිටපු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් රැසකුත් මේ වෙද්දි අපි එක්ක එකතු වෙනවා. ඉදිරියේදී එකතු වෙන්න ගොඩ දෙනෙක් මාත් එක්ක කතා කරලා තියෙනවා. කොහොමත් ජනාධිපතිවරණය කිට්ටු වෙද්දි බෙහෙතකටවත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් හොයාගන්න බැරි වෙන හැඩක් තමයි අපේ ඇල්පිටියේ නම් තියෙන්නේ.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රනිල්ට හූ කිව්වාට සිරිකොතින් පරීක්ෂණයක්

Next Post

තීරණාත්මක යාපනේට අපි ගියා: ‌මෙන්න ජන්‌දෙ වැටෙන හැටි: යාපනේ මිනිස්සු හිතන හැටි

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.