• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

බුදුහාමුදුරුවෝ සිරිපතුල නොතිය ගිය කන්ද

October 21, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
බුදුහාමුදුරුවෝ සිරිපතුල නොතිය ගිය කන්ද
Share on WhatsAppShare on Facebook

ගෞතම බුදු රජාණන් වහන්සේ සමනල කන්දේ සිරිපතුල තබන්නට පෙර උන්වහන්සේ මෙම බල්හෑලගල කන්දේ වම් සිරිපතුල තබන්නට වැඩිය බවත්, දෙවි දේවතාවුන්ගේ නමස්කාරය සහ සොබාදහමේ ආශීර්වාදය මැද සිරිපතුල තබන්නට යෑමේදී සුනඛයකු ‘හැල හැල’ ගෑමෙන් එය ඉතාමත් අසුබ සිද්ධියක් වූ බැවින් සිරිපතුල තැබීම නැවැතුණු බවත්, පසුව ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවකට අනුව සමනල ගිරෙහි වම් සිරිපතුල තැබූ බවත් ජනප්‍රවාදයෙන් එන කතා පුවතකි.

මෙම කතා පුවතේ සත්‍යතාව සොයායෑමේදී කිසිදු සාක්ෂියක් හමු නොවන නමුත් මෙම කන්ද පාමුල ගැමියන්ගේ තදබල විශ්වාසය නම් එම කතා පුවත සත්‍ය බවයි. කන්ද පාමුල සිට බලන්නකුට මෙම කන්ද තරණය කිරීම ඉතාමත් අපහසු ලෙස පෙනේ. තවද ගුප්ත බවක් හා තේරුම් ගැනීමට අපහසු පිහිටීමකි. ගැමියන් තුළ මෙම කන්ද වටා ගෙතී ඇති නොයෙකුත් කතාද ඇත. ගම්භාර දෙවියන් හා අයියනායක දෙවියන් අදටත් ආරක්ෂා කරන මේ කන්ද හුදෙකලාව පිහිටා තිබෙන කන්දකි. කෙසේ නමුත් ‘ඇවිදිමු ලංකා’ අප මෙය තරණය කළෙමු.

අප කන්දක් තරණය කිරීමට පෙර එහි පිහිටීම, එහි තරණය කර අත්දැකීමක් ඇති අයගෙන් විමසීම, සිතියම් අධ්‍යයනය වැනි කාර්යයන් තුළ නිරත වෙමු. ප්‍රසිද්ධ හා සංචාරක ආකර්ෂණය වැඩි කඳු, ගැටලුවක් නොමැති වුවත් මෙවැනි අභියෝගාත්මක කඳු තරණයේදී ඉතා විමසිලිමත් විය යුතුය. මන්ද යත් ගැමියන් පවසන ඇතැම් කතා, අත්දැකීම්, හා තොරතුරු ඇඟ කිලිපොළා යන බැවිනි. තරණය කිරීම ආරම්භයේ සිටම සෑම අයකුම කියා සිටියේ මේ මහා ගුප්ත කන්ද තරණය කිරීම ඉතා අපහසු හා අනතුරුදායක බවයි. තවද අදෘශ්‍යමාන සිද්ධීන්වලට මුහුණදීමට සිදුවන බව ඔවුන් පැවසීය. සිතට යම්කිසි චකිතයක් එක් වුවද තවත් එක් අතකින් අභියෝගයන්ට මුහුණ දීමට ඇති කැමැත්ත නිසා සිතට ප්‍රබෝධයක් ඇති විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල පල්ලෙබාගේ ගමේ පිහිටා ඇති මේ කන්ද නඟින්න පොඩි කාලේ ඉඳන් කැමැත්තක් තිබුණත් ඒකට කවදාවත් ඉඩක් ලැබුණෙ නම් නෑ. මා ඉපදුණු ගමට එහා ගමේ වුණත් ඒ හීනය හැබෑ කරගන්න ලොකු කාලයක් බලා ඉන්න සිද්ධ වුණා. ඒකට හේතුව කඳු නඟින්න ආසාවක්, දැනුමක් තියෙන කෙනෙක් හොයාගන්න බැරි වීමයි. කොහොම හරි පොඩි කාලේ ඉඳන්ම එකටම ඉන්න බුද්ධිකත්, හෝමාගම සමීර මල්ලිත්, මාත් කාටවත් කියන්නේ නැතිවම මේ කන්ද නඟින්න ලෑස්ති වුණා. අපි ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න දවස් දෙක තුනකට කෑම සහ වළං පවා අරන් ගියේ ගමන ගැන හරි හැටි දන්නෙ නැති හින්දා. ගමේ හිතවත්ම ගෙදරකින් යන පාරත් අහගෙන කන්ද නැග්ග අපට මුලින්ම තේ වතු, රබර් වතු, හරහා වැටුණු පහසු අඩි පාරෙන් යන්න පුළුවන් වුණත් පස්සෙ ටික දුරක් යනකොට විශාල නැග්මවල් සහිත ගල් ගුහා, ගල් ලෙන්, කටු පඳුරු පසුකර අලුතින් පාරක් හදාගන තමයි යන්න වුණේ. කන්දේ ආරම්භයේ ඉඳලම අප අපහසුතාවට පත්වන වැඩමයි සිදුවුණේ. හරි හමන් අඩි පාරක්වත් නැති, කටු පඳුරු, ලිස්සන ගල්තලා ගමන හොඳටම අමාරු කළා. ඒත් අපි තුන්දෙනාම කන්ද උඩට යන අභියෝගය අතහැරියේ නැහැ. අපි අරන් ගිය කඹයේ පිහිටෙන් තමයි ගොඩක් තැන්වලින් නැඟගන්න පුළුවන් වුණේ. උදේ හයට විතර කන්ද නඟින්න ගත්ත අපට වෙලාව දෙකට කිට්ටු වෙලත් කන්දෙ භාගයක්වත් නැඟගන්න වුණේ නෑ. කන්දෙ මැද හරියෙ ඉඳන් ඒ මේ අත කොච්චර ඇවිද්දත් අපට හරි හමන් පාරක් හොයාගන්න බැරිවුණා. තුන්දෙනාම අසරණ වෙනකොට තුන්දෙනාම එක එක පැතිවලින් යන්න තීරණය කරනකොට අපි තුන්දෙනාටම කොතැනක හරි වැරැදුණු බවක් දැනුණා.

“පුතේ ගියාට කමක් නෑ. අපිත් කොල්ලා කාලේ ඔහේ ඇවිද්දා. හැබැයි කට පරෙස්සම් කරන් අයියනායක දෙවියන්ට කොළ අත්තක් එල්ලලා අවසර අරන් යන්න…” හරි. වැරැදුණේ මෙතැන.
කන්ද නඟින්න හදනකොට ගමේ හිටපු ජෝන් මාමා එහෙම කිව්වේ ඇයි කියල දැන් කල්පනා වුණා. ඉක්මනට කොළ අත්තක් කඩාගෙන මහා ගහක් යට එල්ලලා තියලා බුද්ධිකත් මාත් දෙවියන්ට කන්නලව් කරන්න ගත්තේ හැබෑවටම අපි මේ මහා වනයේ අතරමං වුණු නිසා. මේ වගේ අවස්ථාවක දැනෙන දුක, බය, අසරණකම, කියාගන්න බෑ.

වසර ගණනාවක් තිස්සේ එක් එක් දේශගුණික කලාපවල විවිධ මට්ටමේ කඳු තරණය හා වනාන්තරවල ඇවිද ගියද ගස්, වැල් හිරු වන්දනාව වැනි පැරැණි මත මා පෞද්ගලිකව පිළිගැනීමට අකැමැතිකමක් තිබුණා. කවුරුන් හෝ වනාන්තර සංචාරයකදී එසේ කළහොත් නිශ්ශබ්දව බලා සිටිනවා හැර එයට සහාය දීමට හෝ එය අනුගමනය කිරීමට හෝ මා කටයුතු කර නොමැත. එහෙත් මේ සිදුවීමත් සමඟ මා හට එවැනි විශ්වාසයන්ගේ කුඩා හෝ සත්‍යතාවක් තිබෙන බවත් එය අනුගමනය කළ යුතු බවත් පිළිගැනීමට සිදුවුණා. එයට හේතුව නම් බල්ලෑහෑලගල කන්දේදී එම වත්පිළිවෙත් අනුගමනය කිරීමෙන් පසුව කන්ද ඉහළට ගමන් කරන තෙක් මංමුළාවීමක් හෝ අනතුරක් සිදු නොවීමයි. මෙහි විද්‍යාත්මක පසුබිම නොදන්නා නමුත් අප මුහුණ දුන් සත්‍ය සිදුවීම එයයි.

කොහොම හරි අපි කන්දේ උඩට එනකොට ටිකක් හවස් වුණා. දැඩි වෙහෙසත් එක්ක හිටපු අපට කන්දෙ උඩට පේන කඳු, ඇලි, ගංගා නිසාම වෙහෙස තරමක් දුරට අඩුවිය. මේ කන්ද උඩ විවෘත භූමි අක්කර ගණනාවක් තිබේ. ඇකේෂියා ශාකය නිසාවෙන් වෙනත් කිසිදු ශාකයක් හෝ යටි රෝපණයක් සිදු නොවේ. සිරිමාවෝ අගමැතිනියගේ පාලන සමයේදී මෙය රක්ෂිත ප්‍රදේශයක් කිරීමට ඇකේෂියා ශාකය වන වගාවක් ලෙස ව්‍යාප්ත කර ඇත. මුළු කන්ද උඩම සියයට අනුවක් පමණ ඇකේෂියා එක පෙළට සුන්දරව තිබේ. වියළි කොළ තට්ටු තට්ටු ලෙස ඇතිරී තිබේ. ඇකේෂියා කොළ දිරාපත් වීමට යම්කිසි කාලයක් ගතවන බැවින් පොළොවෙහි තිබෙන කොළ ඉතාමත් ලිස්සනසුලුය.

කන්දේ සියලුම තැන්වල ඇවිද්ද අපට ඊළඟට තිබූ අභියෝගය වතුර සොයාගැනීමයි. පසෙහි සාරය උරා ගනිමින් වැඩිපුර ජලය උරාගන්නා ඇකේෂියා ශාකය නිසා කන්ද පුරාම ජල හිඟය. නමුත් කන්දේ දකුණු පැත්තට වන්නට ගල් ලෙනක් තුළ නෑමට තරම් ජලය එක්රැස්ව තිබිණි. බාඳුරා, බෝවිටියා කන්ද පුරාම සුලබව දැකිය හැකිය. මෙහි පරිසර කලාපයේ දිවියන්, ගෝනුන්, හඳුන් දිවියන්, කොළ දිවියන් වාසය කරයි. වල් ඌරන් දිවා කාලයේදීද දැකිය හැකිය. එය ඒ තරමට වල් ඌරන්ගේ රජ දහනකි.

ඇකේෂියා වගාකර රක්ෂිතයක් කිරීමට ප්‍රථම මෙම කන්දේ හේන් ගොවිතැන් කර ඇත. කෙතෙකුත් වගා කළද දෙවියන් වෙනුවෙන් කරන උපහාර ඇදහිලි උත්සව නොකළ හොත් වගාව පාළුවී වන සතුන්ගෙන් පවා හානි සිදුවූ බව පැවැසේ. කන්දේ එක පැත්තක මහා යෝධ වෘක්ෂ තවමත් ආරක්ෂා වී ඇත්තේ කැලෑ කපන්නන්ට එහි පිවිසීමට හරි හමන් පාරක් තොටක් නොමැති බැවින්ය. ඇතෙක් බර වූ නිදන් වස්තූන් ඇති නිදන් ගලක්ද මෙහි තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. කන්ද වටාම සුළං කපොලු කිහිපයක්ම ඇත. දැඩි සුළං ප්‍රවාහයෙන් විටෙක අපද ගසාගෙන, ඇදගෙන යෑමට තරම් සුළං ප්‍රචණ්ඩය.

රෑ බෝවෙමින් තිබේ. අප දැන් ඉක්මනින් කුඩාරම් අටවාගත යුතුය. රාත්‍රී අහරක්ද පිළියෙල කරගත යුතුය. බුද්ධිකත්, සමීර මල්ලිත් ගිනිමැලයකට දර හොයන අතරේ මං කුඩාරම අටවා ගත්තා. ගල් තලාවක ගිනිමැලයත් ගහන් ඒ ළඟින්ම කූඩාරම් ගහගත්තෙ වල්ඌරු ප්‍රහාරයන්ට බයේමයි. රෑ හත අට වෙනකොටම මුළු පරිසරයම කෑලි කපන්න පුළුවන් අන්ධකාරයකින් වැහිලා ගිහින්. නුවරඑළියේ සීතල පරදවන සිතලක් අපේ ඇඟ හිරිවට්ටවයි. විවිධ ආගන්තුක හඬවල්, ඈතින් වගේම ළඟිනුත් ඇසෙයි. බකමූනකුගේ හඬ තවත් ශබ්ද සමග එකතුවී මුළු පරිසරයම මූසල බවකට පත්කරයි. මීදුමද විටෙක සුදු සේලයක් සේ අප අබියසටම පැමිණ නැතිවී යයි. මේ රාත්‍රිය තරම් මා බිය වූ කඳවුරු රාත්‍රියක් තවත් නම් නැති තරම්ය. මොහොතින් මොහොත ඔරලෝසුව දෙස බැලුවද කටු එකම තැනක බව සිතෙයි.

ඒ කොහොම බය වුණත් අපට හොඳටම නින්ද ගිහින්. ඉර ඇකේෂියා අතු අතරින් ඇස් දෙකටම එනකම් අපි නිදි. ඉක්මනින් නැගිටලා බැලුවේ අපේ ගමන් මලු තියෙනවද කියලා. මුළු පරිසරයම උදේට පුදුමාකාර ලස්සනයි. එක එක කුරුල්ලෝ සමනල්ලු පරිසරයට තවත් ලස්සනක් එකතු කරනවා. රාත්‍රියේ බිය වුණත්, එන අතරේ මංමුළා වුණත්, මේ ජීවිතයට ලැබුණු අත්දැකීම අදටත් මතක් වෙනකොට හරිම සුන්දරයි. අද වෙනකොට බල්ලෑහෑලගල කන්දට යන්න අඩි පාරවල් නිර්මාණය වී තිබෙන අතර සංචාරක මඟ පෙනවන්නෙක්ද සොයාගෙන තරණය කළ හැකි කන්දක් බවට පත් වී ඇත. කන්දේ ඉහළ සුන්දරත්වය එලෙසම තිබුණද අප කළ සංචාරයෙදී සේ ඔබ අතරමං නොවනු ඇත. හරි හමං පාරක් තොටක් නොමැති කාලවලදී අප අතරමං වූ අත්දැකීම් පවා අද සිහිවන විට සුන්දරය. කෙසේ වෙතත් ගෞතම මුනිඳුන් වම් සිරිපා මෙහි තැබුවේ නම් එහි සුන්දරත්වය තවත් වැඩිවනු ඇත.

ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

පුංචි තිරේ ලොකුම නළුවා

Next Post

දෙක වෙන්න අකමැති එක

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.