• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

අඩියෙන් දෙකෙන් වංගෙඩිගලට

October 19, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
අඩියෙන් දෙකෙන් වංගෙඩිගලට
Share on WhatsAppShare on Facebook

යක්ෂයාගේ පඩිපෙළ හරහා ඔහිය සිට බඹරකන්දට පැමිණීමේදී ලංකා ඇල්ල බඹරකන්ද ඇල්ලට නුදුරුව අහස් කුස වසාගත් කඳුවැටි ගණනාවක් වේ. කිලෝමීටර් විස්සකට නොවැඩි වෙහෙසකර මුත් අවසානය අතිශය චමත්කාර ගමනාන්තයට පැමිණීමත් සමඟ නැවත නැවතත් පරිසර පද්ධතියට අප කැඳවීමට එම කඳුයාය නිතැතින්ම සමත්කම් දක්වයි.

බඹරකන්දේ සිට බැලීමේදී බලතුඩුව, ගොම්මොල්ලිය, ආදර කන්ද පරයමින් සංචාරක නෙතත් සිතත් වඩවඩාත් පැහැරගැනීමට සමත් වනුයේ සුන්දර වංගෙඩිගලයි. බෙලිහුල්ඔයේ අතු ගංගාවන්ගේ මුල් ජල ප්‍රභවයන් පෝෂණය කරන වංගෙඩි කන්ද තරණයට අප යොමු වූයේ ලාංකික කඳු තරණ ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානයක් ඊට ලැබී තිබීම හේතුවෙනි.

ඌව පළාතේ ඒ – 4 මාර්ගයට යාබදව බඹරකන්ද, ලංකා ඇල්ල, යක්ෂයාගේ පඩිපෙළද, ආදර කන්ද, ගොම්මොල්ලිය, බලතුඩුව, උඩවේරිය, බෙරගල කඳුද මැදිකරගනිමින් පවතින වංගෙඩිගල කන්ද තරණය යුරෝපීය වනයක ඇවිද යන්නාක් වැනි අත්දැකීමක් සංචාරකයාට ලබා දේ. රත්නපුර, බළන්ගොඩ, බෙලිහුල්ඔය හරහා කළුපහන හන්දියට පැමිණ බඹරකන්ද ඇල්ලට යන මාර්ගයේ තරණයේ ආරම්භක පිවිසුම වේ. ගමනාරම්භයේ අක්‍රමවත්ව සෑදුණු පඩිපෙළ ඔස්සේ බසිමින් පැමිණ ඔයෙන් එතෙර විය යුතුය. සුප්‍රකට සෙලවෙන ලෑලි පාලමෙන් අසීරුවෙන් එගොඩ වෙමින් එගොඩට යාහැකිය. ඔයේ ජල පහර අඩු දිනයකදී නම් ඔයට බැස ගල්පර මතින් එගොඩ විය හැකිය. කුඩා ලඳු කැලෑ අතරින් ගමන් ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. ආරෝහණව උස්වන ශාක ප්‍රජාවන් අතරට ගමන ක්‍රමයෙන් යොමුවේ. කදු බෑවුම සීග්‍ර වීමෙන් හෝරාවකට ආසන්න කාලයකදී බිම් ස්ථරයකින් තොරවූ සිසිල් පයිනස් වන ගහනයට ඇතුළු විය හැකිය.

ලහිරු, ටිහාන්, කමේශ් සමග මාද එක්වූ විට ගමනේ සිව්දෙනකු දිරාපත් වූ පයිනස් පත්‍ර මත පාතබමින් ලිස්සන සුළු කෙටි මාර්ගයක් තෝරාගැනීම නිසා ගමනේ කාලය ඉතිරි කරගත හැකි වුවද එය ඉතා අවදානම්කාරී විය. පැය දෙකක පමණ සම්පූර්ණ කාලයකින් සුප්‍රසිද්ධ කඳවුරු භූමියට ළඟාවී වචනයෙන් විස්තර කළ නොහැකි නිදහසක් හා තෘප්තියක් නෙතට මෙන්ම සිතටද ළඟා කරගැනීමට අප සමත් වූයෙමු.

සාමාන්‍යයෙන් බොහෝ සංචාරකයන් වංගෙඩිගල මුදුනේ රාත්‍රී කඳවුරු බැඳීමකින් පමණක් සීමා වන අතර, පළපුරුදු කඳු නඟින්නන් වංගෙඩිගල, වංගෙඩිකන්ද, බලතුඩුව, ගොම්මොල්ලිය හරහා ආදර කන්දෙන් ගමන් අවසන් කරයි. එසේම වසරකට කිහිප වතාවක් හමුදා ඛණ්ඩයන්ගේ ගවේෂණ හා කඳවුරු සඳහාද වංගෙඩිගල යොදාගනී. කන්දේ පහළ සිට බලන විට පවතින ගල් පර්වතය වංගෙඩියක් මෙන් පෙනෙන බැවින් කන්දට වංගෙඩිගල යන නම අන්වර්ථ වී ඇත. සංචාරකයන්ගේ ප්ලාස්ටික්, පොලිතින්, කසළ හා මල අපද්‍රව්‍ය බැහැරකිරීමේ අක්‍රමවත් බව නිසා මේ වන විට ක්‍රමයෙන් කඳවුරු භූමිය අභාවයට යමින් පවතී. වර්ෂා කාලයේදී අපද්‍රව්‍ය සේදී එමින් ජලාශවලට එක්වී පහළට ගමන් කිරීමෙන් ගම්මානවල ජලය දූෂණය වන බවට ගම්වාසීහු මැසිවිලි නඟති. එබැවින් පරිසරය සුරකිමින් ගමනේ යෙදීම සංචාරකයන්ගේ යුතුකම වේ.

වංගෙඩිගල සිට මීදුම් අතරින් මනස්කාන්ත අඩිපාර දිගේ වංගෙඩිකන්දට ගමන් කළේ මා පමණි. ගමන් විඩාව අධික වීමෙන් අනෙක් තිදෙනා වංගෙඩිගලෙහි නැවතුණු අතර සිත මෙන්ම ගතද හිරිවට්ටනා හරිත මාවත ඔස්සේ හුදෙකලාව වංගෙඩිකන්දට ගොඩවූවෙමි. ඇසට හසුවන හැම මානයකම හරිත වන තීරුවයි. සිසිල් සුළං රැලි ඔස්සේ ඊට අභියෝග කරමින් මීදුම් රොටු අතර සිරවීම අපූර්ව අත්දැකීමකි. වලා ගොමු අතරින් විටෙක පෙනෙමින් නොපෙනෙමින් බඹරකන්ද දියඇලි තොමෝ සිහින් තීරුවක් ලෙස අඛණ්ඩව ඇදවැටේ. ඈත මිටියාවතේ අනන්ත ඉම දක්වා විහිදුණු කඳුවැටි හා පයිනස් තුරුගොමුය. යක්ෂයාගේ පඩිපෙළ බෙරගල කඳු ඈතින් දිස්වේ. සුර ලෝකයක හෝරාවකට තනිව අතරමංව සිටි මම මිත්‍රයන් හා ආපසු එක්වූයේ ආපසු ගමන ආරම්භ කිරීමටයි.

අවශ්‍ය තරම් ජලය හා ආහාර රැගෙන යෑමෙන්ද, පොලිතින් හා මත්ද්‍රව්‍යවලින් තොරවීමෙන්ද, පරිසරය ආරක්ෂා කරමින් ගමන් කිරීමෙන්ද වංගෙඩිගල තරණය සුන්දර ගමනාන්තයක් ලෙස අවසන් කිරීමට හැකිය.

අකිල දහනායක

SendShareShare
Previous Post

දසමහ යෝධයන්ගේ හෙළි නොවූ රහස්

Next Post

රෙද්ද හැට්ටෙ ඇඳලා ‘හැන්දෑව’ට ආ රුවැත්තිය

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.