Prime Lands Residencies PLC හි සාගරයට මුහුණලා ඉදිවන තෙවන සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණය වන මීගමුවල Amber Skye Residencies ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට virtual property launch හරහා පාරිභෝගිකයන් සඳහා විවෘත කළ අතර, එදින සිට දින 20කටත් වඩා අඩු කාලයකින් ව්‍යාපෘතියේ 50%ක අලෙවියක් වාර්තා වී ඇත. Amber Skye Residencies ආයෝජකයන්ට මීගමුවේ උසස් සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය පහසුකම් සහ සයුර අබියස විචිත්‍රත්වයත් නොඅඩුව ලබාදෙයි. නිවාස ඒකක 145කින් සමන්විත Amber Skye Residencies නිදන කාමර එකේ සිට තුන දක්වා වූ නිවාස රු. මිලියන 20.5 සිට වෙන් කරවා ගත හැකිය. 2024 මැද භාගයේදී නිමකිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා වසර තුනකින් ගෙවා නිම කළ හැකි ආකර්ෂණීය පොලී රහිත ගෙවීමේ පහසුකම්ද Prime Lands Residencies PLC විසින් හඳුන්වාදී ඇත.











