ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත්වුණු අතර පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටු සාමාජිකයන් වූ මන්ත්‍රීවරු 14 දෙනාම ඊට එක්වී සිට ඇත.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සුවිශේෂී ප්‍රකාශයක් සිදුකිරීමට තීරණය වූ අතර එය ජනමාධ්‍යවේදීන්ගේ ඉදිරිපිට දී පක්ෂ මූලස්ථානයේ සිදු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.










