කොරෝනා වසංගතය නිම වන තුරු සිය පාර්ලිමේන්තු වැටුප කොරෝනා රෝගය මර්දනය කිරීම සදහා කැප කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා තීරණය කර ඇත.
අද දින මාධ්‍ය හමුවක් කැදවමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේය.
මීට පෙර විපක්ෂනායකවරයා මෙන්ම සමගි ජන බලවේගය සිය මාසික වැටුප කොරෝනා රෝගය මර්දනය කිරීම සදහා වැය කිරීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඊයේ දින සදහන් කර සිටියේ සිය වැටුප කැප කිරීමට නොහැකි බවකි.










