නිර්වින්දනය කළ යුතු සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සදහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක බරපතළ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
බදුල්ල පළාත් මහ රෝහලේ මෙම ඖෂධ හිඟයක් පවතින බවට කළ සොයාබැලීමක දී දිවයිනේ සෙසු රෝහල්වල සහ මධ්‍යම බෙහෙත් ගබඩාවේ ද එම ඖෂධ වර්ග හිඟ බවට අනාවරණ වූ බව මාධ්‍යයට අදහස් දක්වමින් පාලිත රාජපක්ෂ මහතා අනාවරණ කළේය.
කොවිඩ් ආසාදිත ව බරපතළ තත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ද අදාළ ඖෂධ වර්ග අත්‍යාවශ්‍ය බැවින් ඒවා හිඟවීම හරහා කොවිඩ් ආසාදිතයින් බරපතළ අවදානමකට ලක්වන බව ද වෛද්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
අවසන් වරට පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද රට තුළ බරපතළ ඖෂධ හිගයක් පවතින බව ප්‍රකාශ කළ අතර එහිදී ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ඖෂධ ඉල්ලුම පමණක් ඉහළ ගොස් ඇති බවකි.










